මන් අද කාල ඇලට් එකක් දාන් උන්නකොට මොලේට ආපු දෙයක් තමා මේ ,
ඉස්සර අපේ අම්මලා තාත්තලා මාමල නැන්දලාගේ කාලේ ටොප් හිට් උනේ ජෝතිපාල මිල්ටන් ,වෙන රටවල් වල සින්දු අහන්න තිබ්බේ රේඩියෝ එක විතරයි ,එකෙත් ගොඩක්ම යන්නේ හින්දි සින්දු ,ඒ කාලේ යට් වගේ එකක් තිබ්බනම් ඊට වඩා හොද ගායකයෝ බිහිවෙන්න ඉඩ තිබ්බ ,එතකොට අපේ අයිය්යල අක්කලාගේ කාලවල් වල අජිත් ,ප්‍රින්ස් දමිත් නිරෝෂා ,වගේ අය ඒ කාලේ කැසට් යුගේ නේ ,ගෙවල් වල හයියෙන් දාල තිබ්බ මට හොදට මතකයි ,ඒ කාලේ ආතල් එකක් තම 5 පිසස් සෙටප් එකයි තඩි බෆල් දෙකයි ,
ඊට පස්සේ ආවා අපේ කාලේ ඒ කියන්නේ 2005-2011 වගේ ඒ කාලේ හිටියා සුපිරි සෙට් එකක් ,
ඉරාජ් - දැන් ඉන්න ගොබ්බ සේන නෙමෙයි
කිලර් B
ඉන්ෆාස්
රවින්ද්‍ර මිගමුආරච්චි
බාතිය සන්තුෂ් සුරේනි
රවිහාන්ස්
සෙන්ට්‍රිග්රෙඩ්ස්
චින්ති
රනිදු
සචින් /රකිත
රොමේෂ් සුගතපාල
ප්‍රිහාන්
ලහිරු
ඩෑඩී
ඩොක්ටර් බෑන්ඩ් එක
පේෂල -සින්දු නම් දෙක තුනක් ඇත්තේ
6 ලේන්
ශාන් හසීම්
සජාඩ් හසීම්
ටෙහාන්
රන්දීර්
V 3 බෝයිස්
තව උස එකෙක් හිටිය නම මතකෙට එන්නෙම නැනේ -ටියුලිප් මල් කැකුළියේ සින්දුව කියන එකා .
D ටැප් - මන් පුද්ගලිකව ඒ ටීම් එකේ සින්දු වලට කැමති නෑ
ඩෙලෝන් අශාන්ති ඉරාජ් එක්ක තමා සින්දු ගොඩක් කලේ
ඒ කාලේ අපිට වෙන වෙන හිප්හොප් ස්ටයිල් වලින් සින්දු අහන්න ඕන තරම් තිබ්බා .බය නැතුව සෙටප් එකේ හයියෙන් දාගෙන අහන්න පුළුවන් කම තිබ්බා /
ඔන්න මේ කාලේ තමා සිරස අනුකම්පාව ප්ප්රොමෝට් කරන සිරස් සුපර් ස්ටා පටන් ගත්තේ ,කෝ අද උන් එකෙක්වත් ,පෙන්න ඉන්නේ ශිහාන් විතරයි .
එකෙන් තමා මල් සින්දු බෑන්ඩ් වලින් කියන්න පටන් ගත්තේ ඒ කාලෙම වගේ 3 Wheel වලට කොල්ලෝ බහින්න ගත්ත කාලේ අඩුවට ආපු චෛනිස්
සෙටප් එක්ක උන් විල් ඇවිදින මියුසික් ස්පිකර් එකක් කළා ,උන් අහන්නෙම එක්ක කබ්බෝ තහඩු උඩ නටනවා වගේ DJ කරපු සින්දු ,ට්‍රැක් එකට මියුසික් ගැලපෙන්නේ නැ ,මියුසික් එකට ට්‍රැක් ගැලපෙන්නේ නෑ .ඩොක ඩොක ගානවා විතරයි ,උන් සින්දු ඇහුවට කමක් නෑ එක ඒ අයගේ කැමැත්ත අපිටත් බලෙන් අස්සනවනේ
දැන් කට්ටිය තරගෙට මල් සින්දු කියනවා ,Trending එන්නෙම මල් සින්දු , ඒ සින්දුවක් සෙටප් එකේ හයියෙන් දැම්මොත් සෙටප් එක උනුවෙනවා දුකට ,ඒ තරම් වැලපෙන සින්දු
දැන් මන් 2012 පස්සේ සිංහල සින්දු අහන්නේ නෑ,English හිප්හොප් ඇන්ඩ රොක් ඔන්ලි .මේක මගේ මතේ උබලත් අදහස් දක්වපල්ලා .උබලත් ආස සින්දු ඇතිනේ