ලංකාවේ මුදලාලිලා කරන හොරවැඩ 8ක්.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ මුදලාලිලා කරන හොරවැඩ 8ක්.

    කඩේට යනකොට මේවට මාට්ටු වෙන්න එපා! මෙන්න අපේ ලංකාවේ මුදලාලිලා කරන හොරවැඩ 8ක්.

    ලංකාවේ කඩ වලට කොහෙද නීති? ඉතින් අපේ සමහරක් මුදලාලිලා බලාගෙන ඉන්නේ චාන්ස් එකක් ලැබුණ ගමන් මොනවා කරලා හරි කමක් නැහැ ලාබයක් හොයා ගන්න තමා. ඒ නිසා මොනවා උනත් තවමත් අපි සිල්ලර කඩවල් වලට ගියවිට, අපිට මොනවා හරි අඩුවෙන් දීලා වැඩි ලාභයක් ගන්න තමා මුදලාලිලා බලන්නෙ.

    එනිසා මේ පහත ට්‍රික්ස් ටික ගැන ඔබ අනිවා අවධානය යොමු කරන එක හොඳයි.

    1. වැඩියෙන් සල්ලි අඩු කිරීල්ල
    image05-4.jpg

    කඩේකට ගියාම අපි ඉල්ලන්නේ ග්‍රෑම් 500ක් නම්, පොලිතින් කවරය සහ ඔතා දෙන පත්තර කොලයේ බරත් එකතු උනාම තමයි මුදලාලිගේ ග්‍රෑම් 500 සම්පුර්ණ වෙන්නේ. එහෙම උනාම ගෙදර ඇවිල්ල බලනකොට අපිට කොහොමත් ග්‍රෑම් 15-20 අඩුවීම සාමාන්‍ය දෙයක්. එත් අපිට ඒක එතරම් දැනෙන්නේ නැති උනාට ඒ වගේ ග්‍රෑම් 15-20 මුදලාලි 100 දෙනෙක් ගෙන් ඉතුරු කරගත්තොත් නිකම්ම කිලෝ එකක ලාභය ඔහුට ඇවිල්ල.

    හම්මේ ඒ වෙලාවට බලන්න එපැයි අපි කඩෙන් බදඩු ගන්නකොට මුදලාලිගේ මූණෙ ඇඳෙන හිනාව. හිනා යන්නේ නැතුවැයි මෙහෙම මුදළාලිට ලාභ වෙනකොට?

    2.බඩු වල බර වැඩි කිරීම

    image08-3.jpg

    අපි මිලදී ගන්නා පරිප්පු සීනි වගේ දේවල් අපි සිල්ලරව මිලදී ගන්නකොට පොඩ්ඩක් සීනි එහෙම දියවෙලා තියෙන තෙත ගතියක් ඔබේ අතට දැනිලා ඇති. එහෙම වෙලාවට මුදලාලි කියන්නේ නම් “ආ මහත්තයා ගනනං ගන්න එපා, මේ රස්නෙට සිනි කොහොමත් දියවෙනවා” කියලා. ඒ වුනාට ඇත්ත කතාව ඊට වඩා වෙනස් දෙයක්. සීනි ගෝනියට වතුර මුසු කල විට, එය කොහොමත් බරින් වැඩියි. පරිප්පු වලටත් මේ දේමයි වෙන්නේ.

    මේකෙන් වැළකෙන්න කරන්න තියෙන ආරක්ෂාකාරීම වැඩේ තමයි, කිලෝ එකේ පැකට් වලට වෙන් කරලා විකුනන්න තියෙන සීනි හෝ පරිප්පු මිලදී ගන්න එක. සීනි වලට ජලය මුසු නම් ලේසියෙන් පොලිතින් කවරයෙන් බලාගන්න පුළුවන්. ඒ පොලිතින් කොලයට ජලය උරන්නේ නැති නිසා. පුලුවන්නම් ඔය වගේ යනකොට පැකට් එක නැත්තම් පොලිතින් කවරයක් ඔබ අරන් යන්න කඩේට.

    මෙහෙම දෙයක් අහු වුනාම මුදලාලිට හොඳට අමතලා එන්න පුළුවන් ඔබට කිසි බයක් නැතුව.

    3. තරාදියේ යට කාන්දමක්
    image07-1.jpg

    එක දවසක් අපි කඩේකට ගියාම, ඒකෙ මොකවත් දාන්නේ නැතුවත් තරාදියේ පඩි දාන පැත්ත පාත් වෙලා තියෙන්නේ. මේක ගැන දැනගන්න අපි ඉල්ලුවා ලූස් පාන්පිටි ග්‍රෑම් 500ක්. අනේ මුදලාලිත් පටස් ගාලා කිරලා දුන්න, කිසිම අවුලක් නැහැ. ඒත් කඩේ එහා පැත්තේ තියෙන ඉලෙට්‍රොනික් තරාදියට දැම්මම තමා ග්‍රෑම්500 වෙනුවට ග්‍රෑම් 450ක් විතරක් තියෙනවා දැක්කේ.

    පස්සේ අපි හෙමීට තරාදියේ බර පඩි දාන පැත්ත උස්සලා අනිත් පැත්ත හරවලා බැලුවා. බලනකොට ස්පීකර් එකකින් ගලවගත්තු තඩි කාන්දමක් අර තරාදි පියන යටින් අලවලා. ☺

    කොහොමද මුදලාලිගේ ටිකිරි මොලේ…!

    4.ගම්මිරිස් වෙනුවට පැපොල් ඇට
    image01-5.jpg

    ගම්මිරිස් කියන්නේ ලපටි ඇට විදියට කඩාගෙන අව්වේ වේලලා ගත්තම කළුම කළු අට වර්ගයක් විදියට පෙනෙන කුස්සියට නැතුවම බැරි ආහාර රසකාරකයක්. ඉතින් මේවා වෙළඳපොළට එන්නේ ගෝනිවලට පුරවලා. කළුවට කලුවේ එන මේ ඇට, එක්ක අපේ මුදලාලිලා අපිව රවට්ටන්න ගස්ලබුවල මැද තියෙන ඇට වේලලා ගම්මිරිස් එක්ක මුසු කරලා විකුනන්න තියෙනවා.

    අනේ ඉතින් මේවට අහුවෙන්නේ අපිම තමා. කන කෑම කටට රස නැති උනාම එකට වැරැදි කියන්නේ අපි අම්මට හරි ගෙදර පවුලට හරි. අනේ ඉතින් ඒ අහිංසක මිනිස්සු මොනා කරන්නද මේ අය පැපොල් ඇට දානකොට.

    5. හාල් වලට වැලි මුසු කිරීම
    image00-5.jpg

    අපි කඩෙන් සිල්ලරව මිලදීගන්න හාල් ගෙදර ගෙනල්ල අපේ අම්මලා ගරලා බලනකොට නෑඹිලිය පුරාම පොඩි පොඩි වැලි කැට අහුවෙන අවස්ථා ඕන තරම්. එහෙම වෙන්නේ සහල් වලට පාටට සමාන කුඩා ගල් වැලි එකතු කරලා තියෙන නිසා. ඒ නිසා හැකි හැම විටම පැකට් කල කිලෝ 5, 10, 25 සහල් පැකට් මිලට ගන්න.

    6.මාරු සල්ලි වෙනුවට ටොපියක් දීම.
    image03-4.jpg

    අපි කඩේකින් බඩු ගත්තම ඉතුරු රුපියල් ගානත් එක්ක අපිට රුපියල් දෙකේ තුනේ කාසි ලැබෙන්න තියෙනවා නම් බොහෝ මුදලාලිලා අර ලොකු සල්ලි කොළ ටිකත් එක්ක ටොෆි කීපයක් දෙනවා ඔබට මතක ඇති. එහෙම කරන්න ඔහුට එපා කියලා නැතත්, ඔහුට එය ඔහුගේ ටොෆි ටික විකුණා ගන්නට ලැබෙන අවස්ථාවක් බව දන්නේ බොහොම ටික දෙනයි.
    වෙලාවක මාරු සල්ලි වෙනුවට ටොපි ටිකක් දීලා බලන්න ඕනේ මුදලාලි බඩු දේවිද කියලා…

    7.රතුපාට පොලිතින් කොළයට ළූණු විකිණීම.
    image02-4.jpg

    මේක ගොඩක් වෙලාවට වෙන්නේ සති අග පොළවල් වල තමා. බොහෝ රතු ළූණු, බොම්බයි ළූණු විකුණන තැන් වල උඩින් රතුපාට පොලිතින් උරයක් හෙවිලි කරලා තියෙනවා ඔබට බලාගන්න හැකිවේවි. බොහෝවිට මෙය තමන්ගේ භාණ්ඩ අව්වෙන් වැස්සෙන් බේරගන්න කරන ක්‍රමයක් වගේ පෙනුනත්, ඇත්තටම එතන වෙන්නේ ඒ පාට නිසා අපිට නරක් වුනු, තැලුණු, පොඩි වුනු ළූණු ගෙඩි පෙනීම් අඩු කිරීම. එහෙම උනාම ඔවුන්ට හරි පහසුවෙන්ම අපිට ඔවුන්ගේ බඩු විකුණා ගන්න පුළුවන්.

    ඉතින් අපි ගෙදර ඇවිල්ල බඩු මල්ලෙන් මේවා එලියට ගන්නකොට තමා මුදලාලිගේ දෙමාපියන්ට පිං දෙන්න හිතෙන්නේ…

    8.ලීටරේ මිලට බෝතලේ දීම.

    image04-3.jpg

    භුමි තෙල්, පෙට්‍රල් වගේ දේවල් අපිට හදිසියකදී ගමේ නගරේ කඩේකින් හොයා ගන්න එක එතරම් අමාරු නැහැ. මොකද නීතියෙන් මේවා විකිනීම තහනම් උනත් සමහර වෙලාවට අපිට ඉන්ධන පොළ තියෙන්නේ අපි ඉන්න තැනින් ගොඩක් දුර නම් මේ විකල්පය ඒ වෙලාවට මසුරං.

    ඉතින් ඒ වාසිය භාවිතා කරලා අපේ මුදලාලිලා ඉන්ධන පිරවුම් මධ්‍යස්ථාන වලින් කලින් මිල ගෙවලා ඉන්ධන තමන්ගේ කඩේ තියා ගෙන ඉන්නවා රහසිගතව. ඔවුන් කරන්නේ ලීටරේ [1000ml] මිලදී ගන්න මිලටම බෝතලේ[750ml] අලෙවි කරනවා. මෙහෙම කලාම ඔවුන් බෝතල් හතරක් අලෙවි කලාම වැඩිපුර බෝතලයක ලාභය ඔවුන් සතුයි.
    අපේ සල්ලි අඩු වෙනවා, මුදලාලිව තර වෙනවා කියලා තමා කියන්න වෙන්නේ..

    මේ වගේ දේවල් වෙන්නේ මුළු ලෝකෙන්ම අපේ රටේ විතරයි. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ ☺

    සෝස් : http://www.aniwa.lk/2016/02/09/8-sri-lankan-mudalali-tricks/
     
    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    Supermarket වලින් බඩු ගන්න තමයි ඉතින් එකම solution එක
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    3. තරාදියේ යට කාන්දමක්
    image07-1.jpg

    එක දවසක් අපි කඩේකට ගියාම, ඒකෙ මොකවත් දාන්නේ නැතුවත් තරාදියේ පඩි දාන පැත්ත පාත් වෙලා තියෙන්නේ. මේක ගැන දැනගන්න අපි ඉල්ලුවා ලූස් පාන්පිටි ග්‍රෑම් 500ක්. අනේ මුදලාලිත් පටස් ගාලා කිරලා දුන්න, කිසිම අවුලක් නැහැ. ඒත් කඩේ එහා පැත්තේ තියෙන ඉලෙට්‍රොනික් තරාදියට දැම්මම තමා ග්‍රෑම්500 වෙනුවට ග්‍රෑම් 450ක් විතරක් තියෙනවා දැක්කේ.

    පස්සේ අපි හෙමීට තරාදියේ බර පඩි දාන පැත්ත උස්සලා අනිත් පැත්ත හරවලා බැලුවා. බලනකොට ස්පීකර් එකකින් ගලවගත්තු තඩි කාන්දමක් අර තරාදි පියන යටින් අලවලා. ☺

    කොහොමද මුදලාලිගේ ටිකිරි මොලේ…!

    http://www.aniwa.lk/2016/02/09/8-sri-lankan-mudalali-tricks/

    :lol:

    yako padi dana peththe yatin kandamak thibbama thawa bara wedi wenawane ... ethakota e barata hariyanna wedipura eha peththata danna onane balance karanna :P
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපිටත් කඩයක් තියෙනවා මචන්,මෙතන සමහර ඒවනම් ඇත්ත(අපිනම් කරලා නෑ) ඒත් සමහර ඒවනම් බොරු.ග්‍රෑම් 15ක ෂොපින් එකක මගෙ ජීවිතේට මුකුත් කිරලා නෑ(ඉලෙක්ට්‍රික් තරාදියකවත් ෂොපින් එකක බර පෙන්නන්නෙ නෑ,සාමාන්‍යයෙන් 4g ට වඩා වැඩිනම් පෙන්නනවා).අනිත් එක අපි සාමාන්‍යයෙන් ගොඩක් මිනිස්සු එන හින්දා ඕවා තිතට 1000g එනකල් කිරන්නෙ නෑ අනිවා ග්‍රෑම් 5ක් 10ක් වැඩිපුර යනවා.අල ලූණු වගේ කිරනකොට හරියටම කිලෝ එක ගන්න බෑ,ඒත් අපි ග්‍රෑම් 10ක් විතර වැඩිපුර වැටෙන්න දාලා තමයි කිලෝ එකයි කියලා සල්ලි ගන්නෙ.අනිත් එක තරාදියෙ යට කාන්දම් එල්ලන එකත් පිලිගන්න බෑ,එහෙනම් බඩු දාන්න කලින් තරාදිය පැත්තකට බර වෙලා තියෙනවා ඕනෙ එකෙක්ට පේනවා.අනිත් එක ලන්කාවෙ කඩ කීයල් තාම ඕවා පාවිච්චි කරනවද?අනිත් එක හාල්,දැන් එන හාල් ඔක්කොම ගල් වැලි අයින් කරලා එන්නෙ,ඉස්සර වගේ ගල් බොරලු වී නෑ ඕවා අස්සෙ.අනිත් එක යකෝ කිලෝ 5ක් ගල් වැලි එකතු කරන්න පුලුවන්ද හාල් ගෝනියකට මෙලෝ යකෙකුට.එහෙම එකතු කරන තැනක් තියෙනවනම් පොඩ්ඩක් නෑබිලියෙ පතුල බලහන් මැනික් එහෙමත් තියෙන්න පුලුවන්.මාරු සල්ලි වෙනුවට ටොපි දෙන්න අපිටත් ආසාවක් නෑ,ඔය ටොපියකින් සත කීයද ලාබ තියෙන්නෙ?උඹලා කී දෙනෙක් කඩේට යනකොට මාරු සල්ලි ගෙනියනවද?එකෙක්වත් ගෙනියන්නෙ නෑනෙ.මොකෝ මුදලාලිලට මාරු සල්ලි වැහි වහින්නෙ නෑනෙ.මොකෙඛරි කැටයක්වත් කඩලා ගෙනත් මාරු කරගත්තොත් තමයි හම්බ වෙන්නෙ.දැන් කැට අස්සෙ දාන්නෙත් කොල,10 කාසි විතරයි.අනිත් එක පෙට්‍රල් කතාව කවදාවත් කිසිම කඩේක ලීටරේකට ගනන් හදන්නෙ නෑ,අනිවා බෝතලේකට සල්ලි ගන්නෙ.සාමාන්‍යයෙන් මුදලාලිට එක පෙට්‍රල් බෝතලේකින් රු.5කට එහා තියන්න බෑ ඒ ගමෙ මී හරක් නෙවෙයිනම් ඉන්නෙ.ඒ රු.5ට පෙට්‍රල් ගේන්න යන වියදම,පෙට්‍රල් දානකොට ගන්නකොට හැලෙන ඒවා,වාශ්ප වෙලා යන ඒවා එකතු උනාම පොඩි ලාබයක් තියෙන්නෙ.හැබැයි සමහරු ඉස්සර භූමිතෙල් කලවම් කරලා තියෙනවා,ඒක නිසා තමයි භූමිතෙල් රෝස පාටට එන්නෙ දැන් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    I agree with some of your points , but the OP has given a genarized view of the system in SL which is very true machan. I do not agree with what you are saying about not having enough small change ! that clearly implies that the shop owner does not have proper organisational skills and just trying to roll the money. If you are running a business you need to have enough change in hand ! No two words about it machan ! Same goes for bus conductors.
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,231
    770
    113
    ටොෆි වෙනුවට බන් බැංකුවෙන් මාරු සල්ලි ගන්න පුළුවන්නේ? ;) මමනම් ටොෆි දුන්නම, එපා කීප් ද චේන්ජ් කියල එනවා. :D

    හැබැයි පෙට්රෝල් බෝතලේ නම් ලිටරේ ගානට තමයි විකුනන්නේ. අපේ පැත්තේ කඩ දෙකකින් මම අරගෙන තියෙනවා හදිස්සි වෙලාවට. 1 බෝතල් = 1 ලීටර් තමයි එස්චේන්ජ් රේට් එක දැන් අවුරුදු ගානක ඉඳල.

    මාරු සල්ලි වෙනුවට ටොපි දෙන්න අපිටත් ආසාවක් නෑ,ඔය ටොපියකින් සත කීයද ලාබ තියෙන්නෙ?උඹලා කී දෙනෙක් කඩේට යනකොට මාරු සල්ලි ගෙනියනවද?එකෙක්වත් ගෙනියන්නෙ නෑනෙ.මොකෝ මුදලාලිලට මාරු සල්ලි වැහි වහින්නෙ නෑනෙ.මොකෙඛරි කැටයක්වත් කඩලා ගෙනත් මාරු කරගත්තොත් තමයි හම්බ වෙන්නෙ.දැන් කැට අස්සෙ දාන්නෙත් කොල,10 කාසි විතරයි.අනිත් එක පෙට්‍රල් කතාව කවදාවත් කිසිම කඩේක ලීටරේකට ගනන් හදන්නෙ නෑ,අනිවා බෝතලේකට සල්ලි ගන්නෙ.සාමාන්‍යයෙන් මුදලාලිට එක පෙට්‍රල් බෝතලේකින් රු.5කට එහා තියන්න බෑ ඒ ගමෙ මී හරක් නෙවෙයිනම් ඉන්නෙ.ඒ රු.5ට පෙට්‍රල් ගේන්න යන වියදම,පෙට්‍රල් දානකොට ගන්නකොට හැලෙන ඒවා,වාශ්ප වෙලා යන ඒවා එකතු උනාම පොඩි ලාබයක් තියෙන්නෙ.හැබැයි සමහරු ඉස්සර භූමිතෙල් කලවම් කරලා තියෙනවා,ඒක නිසා තමයි භූමිතෙල් රෝස පාටට එන්නෙ දැන් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං මේ වගේ සයිට් වලින් මෙහෙම හදලා දාන චාටර් පෝස්ට් වලට පබ්ලිසිටි එකක් දෙන්න එපා. :no: මේකෙන් යමක් ගන්න නැතුවම නෙවෙයි. ඔය ලූනු වැඩේ එහෙම. එව්නාට අනිත් ඔක්කොම වගේ දාලා තියන්නේ නිකංම නිකං උගේ සයිට් එකට සෙනග ගෙන්න ගන්න විතරයි. එහෙම බැලුවොත් ඌ අර මුදලාලිලාට වැඩිය අන්ඩයෙක්.
    මොකද තරාදියේ පඩි දාන පැත්තේ කාන්දමක් ඇලෙව්වම මොකද වෙන්නේ :P අනිත් එක ඒක අලි තඩි කාන්දමක්ලු, වැඩේ කියන්නේ ග්‍රෑම් 50 ක් අඩු වෙලත්ලු. හිතමුකො කාන්දම ඇලෙව්වේ අනිත් පැත්තේ කියලා. ඒත් ඔය කියන අලි තඩි කාන්දම ග්‍රෑම් පණහක්ද.:dull:
    අනිත් සීන් එක ෂොපින් බෑග් වලයි පත්තර කොල වරයි උගේ බර :lol::lol:
    හාල් වලට වැලි දාන කතන්දරෙත් බලපං ඌ කියන විදිහට ගොං ආතල්. බූමිතෙල් වැඩෙත් හරිම අන්දොස්.
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    මේ වගේ දේවල් වෙන්නේ මුළු ලෝකෙන්ම අපේ රටේ විතරයි. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ ☺