කෙනෙක්ගේ life goals & dreams depends .කෙනෙක් ගේ dream එක ලස්සන ගෙයක් වෙන්න පුළුවන්.තව එකෙක්ට ඕනි ලස්සන wedding එකක් ගන්න.එක එක ඒවා.ලංකාවේ ඉන්නවනම් වෙන රටක goals තමයි මෙහෙ dreams .ඒකට අපිට කරන්න දෙයක් නැ.සුද්දෝ ජිවිතේ විදින විදියට ජිවිතේ විදින්න බැ.ඔක්කොටම වඩා මට ඔය youtube video බලද්දී හිතෙනවා සුද්දෝ බාගයක් උන් අපිට වඩා විදොනවා කියල. මොන explanation දුන්නත් මනුස්සයෙක් සතුටු වෙන දේ තමයි වැදගත්.ලිදේ ඉන්න ගෙම්බා ලිද ඇතුලේ ආතල් එකේ ඉන්නවා නම් එච්චරයි.ඔය රට ඉන්න උන්ට වඩා මෙහෙ ආතල් එකේ ඉන්නවනේ ගොඩක් උන්.දියුණුවත් ඒ වගේ තමයි.මේකේ reality එක තේරුම් අරන් ජිවත් වෙන එකෙක්ට තමයි මන් කිව්වේ උබල කතා උන දේ දැකල. පොසිටිව් talks මෙහෙ වැඩ කරන්නේ නැ.
Investment කතන්දරේ ගැන කියල තියේ.රෙන්ට් එකට දෙන්න ගෙවල් හදල වැඩක් නැ.
පොර ආයෝජන ගැන නෙමෙ අහල තියෙන්නේ.රෙන්ට් එකට ජිවත් වෙන එක සහ ගෙයක් හදන එක ගැන.
උබ සාමාන්‍ය මනුස්සයෙක් නම් මන් කියන්නේ රෙන්ට් එකට ඉන්නේ නැතුව මොන ගේමක් ගහල හරි ඉන්න ගෙයක් හද ගනින් කියල.උබට ඔය සල්ලි වලින් වෙන ගේමක් ගහන්න පුළුවන් නම් වෙන ගේමක් ගහලත් ගෙයක් ගනින්.FD දාගෙන පොලියෙන් ජොලි දානවා වගේ මෝඩ වැඩ නොකර.ඕක නිකන් ඉගෙන ගන්න කලේ ඉගෙන ගන්නේ නැතුව ආතල් දානවා වගේ දෙයක්.පස්සේ කලෙක තමයි තේරෙන්නේ කරපු ගොන් කම්.ඕනි නම් 40 පැනල ළමයි එක්ක එහෙම ජිවත් වෙන එකෙක්ගෙන් අහල බලපන් රෙන්ට් එකට ඉන්න.
මචං මෙතැන ටොපික් දෙක තුනක් යනව.
1. ලංකාවෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන වියදමට සාපේක්ෂව ගෙදරක් රෙන්ට් එකට දෙන්න බෑ නේද කියන එක. ඒ කියන්නෙ ඉඩම් + ගෙවල් හදන්න යන මිල බොහොම අධිකයි හැබැයි ඒව හදල රෙන්ට් එකට දෙන්න බෑ ඒක පාඩුයි. ඒක තමයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරල තියෙන්නෙ මට හිතෙන විදියට.
2. ඉඩමක් ගෙයක් හදන එක පාඩුයි ඒ සල්ලි ඉන්වෙස්ට් කරා නම් හදන්න යන මුදලට අඩුවෙන් රෙන්ට් එක ගෙවාගෙන ලාබෙකුත් උපයන්න පුලුවන්. මේක තවත් අයගෙ තර්කය.
3. ලංකාවෙ මිනිස්සු ගෙදර හදන එකයි, වාහන ගන්න එකයි ජීවිතේ එකම හීනය කරගෙන වෙන වැඩක් නැතුව ඒක පස්සෙම යනව එයිට වැඩිය හොඳ අවස්තා මිස් කරගෙන. අන්න ඒක තමයි මගේ පොයින්ට් එක.
ඔය වගේ තර්ක කිහිපයක් මේක ඇතුලෙ තියෙන්නෙ.
1. මගේ මතය, ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව ඇත්ත. ඉඩම් හදන්න + ගෙවල් ගහන්න යන මුදල ලංකාවෙ ගොඩක් වැඩියි, විශේෂයෙන්ම ඉඩම් ගොඩක් ගණං වැඩියි එයිට සාපේක්ෂව ඒ ගෙදර රෙන්ට් කරල ගන්න පුලුවන් ආදායම ගොඩක් අඩුයි. ඒක සිස්ටම් එකේ මොනවහරි වැරැද්දක්. ඒක වෙන රටක් එක්ක කම්පෙයා කරන්න නම් එහෙත් මේ වගේම ගෙයක් හදන්න යන වියදම එක්ක රෙන්ට් එකට දෙන්න පුලුවන් ගාන කම්පෙයා කරන්න ඕන. ඊට පස්සෙ හරි නිගමනයකට එන්න පුලුවන් ලංකාවෙ අමුතු අවුලක්ද තියෙන්නෙ කියල. මම ඒකට උදාහරණයක් දෙන්න එක්ක තමයි කිව්වෙ උඹට එහෙනම් කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ගෙයක් හදල ඒක රෙන්ට් එකට දෙන එක රෙකමන්ඩ් කරනවද කියල. එහෙම රෙකමන්ඩ් කරන්නෙ නෑ කියන්නෙ ගෙදරක් හදන්න යන වියදමයි රෙන්ට් එකක් දීල ඒකට ලැබෙන ආදායමෙයි මොනවහරි විෂමතාවයක් තියෙනව නිසා. ඒ නිසා ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව කතාවට එකඟ වෙනව.
2. දෙවැනි පොයින්ට් එක ගත්තොත්, මගේ මතය. ලේසියෙන් ROI එකක් කැල්කියුලේට් කරන්න බෑ මෙහෙම කතා කරල. ඒකට ගොඩක් සාධක තියෙනව. විශේෂයෙන්ම ඉඩම ගන්න තැන, ඒ ඉඩම ගන්න තැන ඉඩමෙ වටිනාකම දැනටමත් හොඳටම වැඩි වෙලාද? තව වැඩිවෙයිද? ගං වතුර, නායයාම් අවදානම් තියේද? මහ පාරකට ළඟයිද ඉඩම පාරට යන්න සම්භාවිතාවක් තියේද? ඔය වගේ කරුණු කාරනා ගොඩක් මත ඩිපෙන්ඩ් වෙනව. ඒ වගේම ඉඩමයි ගෙයයි දෙකම එකපාර සල්ලි දීල ගන්න සල්ලි අතේ දැනටමත් තියෙන එකයි, ඒකට ලෝන් එකක් අරගෙන ලෝන් එකේ පොලිය ගෙවල ඒක කරන්න ඉන්නව කියන එකයි දෙක දෙකක්. ඒ දෙකත් සංසන්දනය කරන්න අමාරුයි. ඒ නිසා ROI ගැන කතා කරන එක මෙතැන සුදුසු නෑ. මම අර කිව්වෙත් මේ වෙලාවෙ හැටියට උදාහරණයක් විතරයි හොඳටම පොලී වැඩිවෙලා තියෙන නිසා සහ Inflation එක අඩුවෙන පැත්තකට තියෙන නිසා ඒ වගේ තීරණයක් හොඳයි කිව්වෙ. ගොඩක් සාධක මත මේව වෙනස් වෙනව.
ඒත් එක්කම උඹ දාන පොයින්ට් එක ඕන මනුස්සයෙක්ට ගෙයක් තියෙන්න ඕන. ඒක පට්ට වටිනව. මම ඒක 100%ක් පිලිගන්නව. මනුස්සයෙක් උනාම තමන්ටම කියල ගෙයක් තියෙන්න ඕන අහිගුන්ටකයො වගේ තැනින් තැන මාරුවෙලා ඉඳල වැඩක් නෑ.
3. මේක මගේ පොයින්ට් එක. අර උඹ කිව්ව, හැම මනුස්සයෙක්ටම ගෙයක් තියෙන්න ඕන කියන එක මෙහේ මිනිස්සු කරන්න හදන විදියෙ අවුලක් තියෙනව. අපේ එවුන් සමාජයෙන් දීපු දෙයක් නිසා පොඩි කාලෙ ඉඳලම දකින්නෙ ලොකු ගෙයක් තියෙන්න ඕන වාහනයක් තියෙන්න ඕන. හරියට අර පොඩි කාලෙ ළමයෙක්ගෙන් ඇහුවම උඹ මොකා වෙන්නද කැමති කියල ඩොක්ට කෙනෙක් වෙන්න කියනව වගේ. සමාජයේ රජයේ රැකියාවල් වලට අමුතු තැනක් හැදිල තියෙනව වගේම තවත් තියෙන සීන් එකක් තමයි ගෙයක් හදන්න ඕන වාහනයක් ගන්න ඕන කියන එක. ඒ නිසා ලංකාවෙ හැමමනුස්සයගෙම එකම හීනය වෙන්නෙ ඒ දෙක. ඒ වගේම වටේ පිටේ ඉන්න හොරු එක එක දේවල් වලට පොළඹවාගන්නෙත් ඔය හීන පෙන්නල. හැමෝම වගේ ඔය හීනය නිසා ජීවිතේ නිකං කැප කරනව ලොකු ලෝන් ගහල අනං මනං කරල. මම මේ කියන්නෙ ලංකාවෙ ඔහොම මයින්ඩ්සෙට් එකක් තියෙන නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ. මොකද ඉගෙනගෙන එළියට එන්නෙත් පරක්කු වෙලා අවුරුදු 25 විතර වෙලා. ඒ ඇවිල්ල ආපු ගමන්ම ගෙදරකට+වාහනයකට සල්ලි යට කරන්න පටන් ගන්නව වෙන කිසිම දෙයක් හොයන්නෙ නැතුව. හැබැයි මොලේ තියෙන එකෙක් කරන්නෙ සල්ලි ටික අරගෙන ගිහිල්ල ආදායමක් හොයාගෙන අර ගෙදර වාහනේ වෙන අමුතු ක්‍රමයකින් ගන්නව. එහෙම උනා නම් තවත් පැත්තකින් ඒ මනුස්සය ආර්ථිකයටත් දෙයක් කරනව අපේ එහෙම නෙමෙයි වෙන්නෙ කියල මම අදහස් කරේ.