ලංකාවේ විශාලතම අවාරේ රඹුටන් වත්තට යමු

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ලංකාවේ විශාලතම අවාරේ රඹුටන් වත්තට යමු

    පැනි බේරෙන රඹුටන් ඇතුලුව තවත් විශේශිත පලතුරු වර්ග ගනනාවක් තියන ලංකාවේ විශාලතම පලතුරු වත්ත ගැනයි අද අපි කියන්න යන්නේ.මෙහි අයිතිකරු වෙන්නේ දයානන්ද මහත්මයා.ඔහු කෘශිකර්ම අධ්‍යක්ශ කෙනෙක් විදියට වැඩ කරලා තමන් ගත්තු දැනුමේ හැටියට නව පරීක්ශන ‍රැසක් කරමින් අවාරේ රඹුටන් ලංකාවට හඳුන්වලා දීලා තියනවා..රඹුටන් වලට අමතරව දෙස් විදෙස් පලතුරු වර්ග රාශියක් මේ පලතුරු වත්තට ආවොත් බලාගන්න පුලුවනි.සාමානයයෙන් මෙහි රඹුටන් පලදාව හටගන්නේ දෙසැම්බර් ජනවාරි මාස වල.අක්කර 17ක් පුරා විහිදුනු මේ රඹුටන් වත්තේ රඹුටන් දෙශීය හෝටල් වලට වගේම විදෙස් රට වලට පවා අපනයනය කරනවා.මේ රඹුටන් මල්වාන ප්‍රභේදයේ ඒවා..ප්‍රමාන්යෙන් ටිකක් විශාලයි.ඉතාම රසවත්.

    rabutan1.jpg


    මේ වන විටත් මෙහි රඹුටන් වලට අමතරව පරීක්ශන මට්ටමින් සාර්ථක වුනු පලතුරු ප්‍රභේද තියනවා.ඒ අතර ඇට රහිත පේර මෙහි සාර්ථකව අත්හදා බලා තියනවා.

    pera2.jpg




    මෙහි ඔබට දැකගන්න පුලුවන් තවත් සුවිශේශී පලතුරක් තමයි කොහොල්ලේ රහිත පැනි වරකා..ගොඩ දෙනෙක් වරකා කන්න ප්‍රිය උනත් කොහොල්ලැ නිසා ඒවා කන්න මැලි කමක් දක්වනවනේ.ඒත් මේ පැනි වර්කා කොහොල්ලෑ රහිත නිසා තවත් ආශාවෙන කන්න පුලුවන්.

    jack.jpg


    ..මීට අමතරව අවාරේ පලදාව හටගන්න දූරියන් පැඟිරි අඹ සහ මැන්ගුස් මෙහි ආවොත් ඔබට දැක බලාගන්න පුලුවන්.

    ඒ වගේමයි ඉන්දියාව තායිලන්තය සහ චීනය වැනි රටවල් වල ඉතා ජනප්‍රිය ලිචී නම් පලතුරු වර්ගය ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමියා වෙන්නෙත් මේ අවාරේ පලතුරු වත්තේ හිමිකරු වෙන දයානන්ද මහතා.
    lechi.jpg
    lichee2.jpg






    තායිලන්ත ප්‍රභේදයකින් යුක්තව මෙහි යෝධ නෙල්ලි වර්ගයකුත් දැක බලාගන්න පුලුවන්.ඒ නෙල්ලි ගෙඩියක් සාමන්‍යයෙන් පැශන් ගෙඩියක් වගේ ලොකුයි.රස අතින් ගත්තොත් දේශීව හැදෙන නෙල්ලි වලට සමානයි.

    nelli1.jpg


    මේ සියලු පලතුරු පැල ලෙසින් ඔබටත් මෙහි ආවොත් මිලට ගන්න පුලුවන්.මෙහි සියලු පරීක්ශන යටතේ දේශීය වගාවට සුදුසු පැල වර්ග දෙශීයව විකිනීම සඳහා පැල තවාන් පවත්වාගෙන යනවා.ඉදිරියට අලුතෙන් තායිලන්තයේ ප්‍රකට පැනි මොර වර්ගයකුත් ලංකාවට හඳුන්වා දෙන්නයි දයානද මහතාගේ අදහස.
    මෙතනට එනවා නම් කොලඹ බදුල්ල ප්‍රදාන පාරේ ඇවිත් දියලුම ඇල්ල එහෙම පහු කරලා කිලෝමීටරක් විතර දුරක් විතර ආවහම හම්බවෙන කැලිපනාවෙල හඳියෙන් දකුනට හැරිලා තවත් කිලෝ මීටර් එක හමාරක් විතර දුරක් එන්න ඕනි. ඒ පැත්තේ ඕනි කෙනෙක්ගෙන් මේ රඹුටන් වත්ත ගැන ඇහුවොත් තියන තෑන් කියාවි.
    දයානන්ද මහතාගේ මූලික අරමුන වෙලා තියෙන්නේ තමුන් ලබාගත් දැනුම දේශීයව ප්‍රචලිත කරලා ගුනදායී පරපුරක් බිහිකරන්න රසවත් පලතුරු වර්ග හඳුන්වා දෙන එක. ඔහුගේ මේ අරමුන දැනටමත් සාර්ථක වෙලා තියනවා කියන්න පුලුවන්.ඒ බව ඔහුගේ මේ රඹුටන් පලදාව දැක්ක කියන්න පුලුවන්.මේ සියලු දේ පිලිඹදව දැනුමක් ලබාගන්න ඕනි නම් ඒ පිලිබඳව කියාදෙන්න එතුමා සැදී පැහැදී ඉන්නවා.ඕනි කෙනෙක්ට මෙය නරඹන්න යන්න උනත් කිසි තහනමක් නෑ. මේ වෙබ් අඩවියෙන් මේ පලතුරු වත්ත ගැන තව දුරටත් දැනගන්න පුලුවන්.ඔහුගේ දුරකථන අංකය 0718010059. බඩජාරියෙක්ට රසට පලතුරක් කන්න ඕනි නම් මෙහි ආවොත් මිලක් ගෙවලා පලතුරු මිලට ගන්නත් පුලුවන්.ඔන්න එහෙනම් ලංකාවේ විශාලතම අවාරේ පලතුරු වත්ත ගැන විස්තරේ.ඔයාලත් මේ පැත්තෙන් යනවා නම් මෙහි ඇවිත් යන්න අමතක කරන්න එපා

    මන් නම් යනෝ :-)

    ඉස්සුවේ http://badajari.com/off-season-fruit-land-srilanka/
    :yes: