ලංකාවේ නිතරම හමුවන කෙල්ලන් වර්ග 8ක්

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,546
    6,764
    113
    United States

    ලංකාවේ නිතරම හමුවන කෙල්ලන් වර්ග 8ක්

    67031849.jpg

    “ලෝකය ගෝලාකාරයි, කෙල්ලන් විවිධාකාරයි”

    -කවුදෝ පණ්ඩිතයෙක් කියපු කතාවක්-

    ලංකාවෙ ජනගහනයෙන් බහුතරය කාන්තාවන්. ඒකෙනුත් සැලකිය යුතු තරමක් ‘කෙල්ලන්’ කියලා (15 – 35 වයස සීමාව තුළට වැටෙන) කියන්න පුළුවන් (ඇයි 35හේ කෙල්ලන්ව මීට කලින් දැකලා නැද්ද? අනේ වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න!). මේ සියළුදෙනාම විවිධාකාර ගතිගුණ, හැසිරීම් පෙන්වන අය. පට්ටම සීරියස් කෙල්ලන්ගෙ ඉඳලා, කිසිම දෙයක් සීරියස් නොගන්න කෙල්ලන්, විනෝදජනක කෙල්ලන්, ඉගෙනීමට බර කෙල්ලන්, නාහෙට නාහන කෙල්ලන්, අහිංසක කෙල්ලන්… හම්මේ… දිග ලිස්ට් එකක් ලියන්න පුළුවන්. ඉතින් දිග ලිස්ට් එකක් ලියන එක අමාරු වැඩක් නිසා අපි හිතුවා කොට ලිස්ට් එකක් හදන්න.

    අහස පොළව ගැටලන්න කල්පනා කරලා, ඔළුවට ආපු සියළුම කෙල්ලන් වර්ග කණ්ඩයම් 8කට වෙන් කළා. සීරියස් කෙල්ලන් හිටියාවෙ, හැබැයි මේක නම් සීරියස් ගන්න එපා (කාන්තා හිමිකම් සංවිධාන අපිව අල්ලගන්න ආවොත්, ඔන්න අපේ පැත්තට සපෝට් නොකර ඉන්න ඔට්‍ටු නෑ, හරිද?)

    credit: collegetimes.com

    #1 පව්ඩර් බබා

    මේ ගෙවල්වල හුරතල් කරලා හදපු ගෑණු ළමයි. සමාජයට වැඩිය හුරුවෙලා නෑ. මෙයාලගෙ හිත් හරිම මෙළෙකයි. හරියට රෝ..ඕ…ඕ…ස මල් වගේ. පොඩ්ඩ බැරිවුණු ගමන් මේ ජාතියෙ කෙල්ලන් හරි ලේසියෙන් හිත් රිදවා ගන්නවා. පාරෙ බස් එකක තනියෙම යන්න, තනියෙම වෙළඳසැලකට ගිහින් යමක් මිළදී ගන්න වගෙ දේ මෙයාලගෙන් වැඩිදෙනෙක්ට හුරු නෑ. මේ ජාතියෙ ගෑණු ළමයි ගෙදරින් පිට යන්නෙ අම්මා, එහෙමත් නැත්නම් යෙහෙළියො එක්කම විතරයි. මේ ලක්ෂණ පෙන්වන කෙල්ලො බොහෝවිට පවුලක එකම ගෑණු ළමයා.

    #2 රත්තරන් දෝණි

    අම්මාගෙ කීකරු දෝණි. තාත්තාගෙ සුදු දුව. ඉස්කෝලෙ ටීචර්ස්ලාගෙ ‘ස්ටා චයිල්ඩ්’. කොටින්ම හැම දේම විවේචනය කරන එහාගෙදර ඇන්ටි පවා මේ ජාතියෙ ගෑණු ළමයි ගැන වරදක් කියන්නෙ නෑ. දෙමව්පියන්ගෙ කීමට පිටින් මෙයාලා කිසිම දෙයක් කරන්නෙ නෑ. මෙයාලා පොළවටත් නොදැනෙන ගාණට ඇවිදින, ඇල්වතුරත් නිවලා බොන ජාතියෙ අය. බොහෝවිට ආගමට ඉතාම ලැදියි. මහන්සිවෙලා ඉගෙනීමේ කටයුතු කරන බවට මේ ජාතියෙ ගෑණු ළමයි හරි ප්‍රසිද්ධයි. මේ අය විනෝදාස්වාදය සපයන කටයුතු වල නිරත වීම නම් සාමාන්‍යයෙන් හරි අඩුයි. මේ ජාතියට අයත්වෙන කෙල්ලන් 99%ක් විතරම වගෙ තමන්ගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත නැතිව, පිරිමි ළමයෙක් එක්ක යාළු වෙන්න තියා කතාකරන්නවත් හිතන්නෙ නෑ.

    #3 දීප්තිමත් ශිෂ්‍යාව

    කොණ්ඩෙ පොඩ්ඩක්වත් අවුල් නොවෙන්න පීරලා. කණ්ණාඩි දෙකක් දාගත් ගමන්මයි ඉන්නෙ. පප්පා ඩෙනිම (අර වයසක අංකල්ලා ලොකුවට ලොකුවෙ අඳින ජාතියෙ ඒවා), ටී ශර්ට්ස් මෙයාලගෙ ජාතික ඇඳුම. මෙයාලා බැච් ටොප්. ඉස්කෝලෙදි, ක්ලාස් එකේදි, ලෙක්චර් හෝල් එකේදි වාඩිවෙන්නෙ ඉස්සරහම පේළියෙ. කොයි වෙලෙත් පාඩම් පොතකට මූණ ඔබාගත් ගමන්මයි ඉන්නෙ. පාඩම් වැඩවලට බාහිර කිසිම වැඩක් (විශය බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා, මිතුරු හමු) කරන්න මෙයාලා කැමති වෙන්නෙම නෑ (ඒවා කළාම පව් සිද්ධවෙනවා කියලා හිතාගෙන ඉන්නවාද මන්දා). පීරියඩ් එකක් ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ටීචර්ගෙන් ප්‍රශ්න අහන්නෙ, හෝම්වර්ක් මතක්කරන්නෙ මේ ජාතියෙ කෙල්ලො. ඒ නිසා අනිත් ළමයි කෙසේ වෙතත් ටීචර්ස්ලා නම් මෙයාලට හරිම ආදරෙයි.

    #4 පොෂ් එක්කෙනා

    අලුතෙන් ඩෙනිම් ස්ටයිල් එකක් ඇවිත්ද, මෙයාලා ඒක ගැන දන්නවා. අලුත්ම ගුචි ශේඩ්ස්? ආ.. දැනටම ඒවා මෙයාලා ළඟ තියෙනවා. මේ අවට තියෙන තරු පහේ රෙස්ට්‍රෝන්ට්ස්? තියෙන තැනත් එක්කම කියයි. ෆන්ම පාටීස් හෝස්ට් කරන්නෙ කවුද කියන එක මෙයාලා දන්නවා. මෙයාලගෙ මූණු කොයිවෙලෙත් මේක්-අප් කරලා, පික්චර් පර්ෆෙක්ට්. ෆලෝවර්ස්ලා මහා ගොඩක් ඉන්න ඉන්ස්ටග්‍රම්, ෆේස්බුක් ගිණුම් මෙයාලට තියෙනවා. මේ කෙල්ලන් බහුතරයකගෙ තියෙන එකම අවුල තමයි, පොළවට අඩි 2ක් විතර උඩින් ඇවිදින එක. MC, Liberty Plaza, Crescat, Kelly Felder, Odel වගේ තැන් වලදි මේ පොෂ් කෙල්ලන්ව, සමහරවිට තවත් ඒ වගේම වෙන්න-පොෂ් කෙල්ලන් පිරිසක් එක්කම, ලේසියෙන්ම දැකගන්න පුළුවන්.

    #5 ඩ්‍රාමා ක්වීන්

    (intoday.in)

    (intoday.in)
    මෙයාලා යන්නෙ කොහෙද, එතන ‘ඩ්‍රාමා’ එකක්. තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුණොත් (නිකමට හිතමු, අයිස්ක්‍රීම් ගේන්න ගිය යෙහෙළිය චොක්ලට් වෙනුවට ස්ට්‍රෝබෙරි රස අයිස්ක්‍රීම් ගෙනාවා කියලා), මෙයාලා ඒක ගැන පැය ගාණක් කියවයි, හරියට එයාලට අයිස්ක්‍රීම් වෙනුවට වැටකොළු හොද්දක් කන්න වුණා වගෙ. තමන්ගෙ කලින් පෙම්වතා වෙන කෙල්ලෙක් එක්ක ඉන්නවා දැක්කා කියමු. එහෙනම් මෙයාලා ෆේස්බුක් ස්ටේටස් 10ක් විතර දැනටම අප්ඩේට් කරලා ඉවරයි (“අපෙ අම්මා කියලා තියෙන්නෙ අපි පාවිච්චි කරලා අයින්කරන සෙල්ලම් බඩු අසරණ අයට දෙන්න කියලා”). සරලවම, මෙයාලට මොනවාහරි සුළු වැ‍රැද්දක් කා අතින් හරි වුණොත්, මෙයාලා ඒකට ඕනෑවට වඩා වැඩි, හරිම නාට්‍යමය ප්‍රතිචාරයක් දක්වන එක තමයි කරන්නෙ. හැබැයි තමන්ගෙ අති වැ‍රැද්දක් වුණොත් අඬලා බේරෙන්නත් මෙයාලා හරිම දක්ෂයි (මොනවා වුණත් මෙයාලගෙ හැසිරීම බලාගෙන ඉන්න විනෝදයි ඉතින්).

    #6 වෙන්න මනමාලි

    මේ ජාතියෙ කෙල්ලන් හරිම සුලභයි. මෙයාලා තමන්ට මතක ඇති කාලෙ ඉඳන්ම බලාගෙන ඉන්නෙ තමන්ගෙ සිහින කුමාරයා ඇවිත් තමන්ව විවාහ කරගන්නකල්. මේ ජාතියෙ කෙල්ලන්ට තියෙන ලොකුම සහ එකම සිහිනය විවාහ වීම. තමන්ගෙ පෙම්වතාගෙන් තොර ලෝකයක් මෙයාලට නෑ. ඔහු ඉර පෙන්නලා හඳ කිව්වොත්, මෙයාලා ඒකත් පිළිගනීවි. මෙයාලා තමන්ගෙ පෙම්වතා ගැන ඕනෑවටත් වඩා වැඩියෙන් හොයලා බලන අය. කොටින්ම එයාලගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එක පවා මෙයාලා ඉල්ලගන්නවා (කෙල්ලො එක්ක චැට් කරනවද කියලා බලන්නනෙ, වෙන මොනවටද?). මෙයාලගෙ ෆේස්බුක් වෝල්ස් පිරිලා තියෙන්නෙ ලව් ක්වෝට්ස් වලින්. දවස පුරා තමන්ගෙ පෙම්වතාගෙ ඇ‍ඟේ එල්ලිලා, ඔහු යන යන තැන යන්න, කරන කියන දේ බලා ඉන්න ක්‍රමයක් තියෙනවා නම්, මෙයාලා ඒකත් කරයි. මෙයාලගෙ විනෝදාංශය තමයි තමන්ගෙ වෙඩින් එක, ඊටපස්සෙ හදන ගෙදර, ළමයි ගාණ ප්ලෑන් කරන එක (ළමයින්ට නමුත් එක්කම). පෙම්වතාවත් බලෙන්ම ඇදගෙන BMICH එකේ තියෙන වෙඩින් එක්සිබිශන්ස් බලන්න යන එකත් මේ කෙල්ලන්ගෙ විනෝදාංශයක්.

    (mayorgia.blogspot.com)

    #7 ඉෂිතා

    සිරස ටීවී එකේ පෙන්නන “මේ ආදරයයි” ඉන්දියන් සෝප් ඔපෙරා එකේ ‘ඉෂිතා භල්ලා’ව මතක නම්, මේ ඉන්නෙ එයා. මේ ජාතියෙ කෙල්ලන් තමන් ආශ්‍රය කරන සියළු දෙනා ගැනම ඕනෑවටත් වඩා හොයලා බලනවා (හරිම “caring”). මෙයාලා ගොඩදෙනෙක්ගෙ හැසිරීම ලංකාවෙ හඬකවලා පෙන්වන ප්‍රසිද්ධ ඉන්දියන් ටෙලි නාට්‍යවල ප්‍රධාන කාන්තා චරිතයට සමානයි. ඉෂිතා, ස්වප්නා, ශනායා, ශිවන්යා.. තවත් ඉන්නෙ මහා ගොඩක් (මේ දවස්වල හින්දි ටෙලි පෙන්නන තරමට කාටද ඕය නම් මතක හිටින්නෙ?).

    (intoday.in)

    තමා ආශ්‍රය කරන්නන්ට සමීපව, හරියට හෙවනැල්ලක් වගේ උදව් කරමින් ඉන්නවා මිස, මේ ජාතියෙ කෙල්ලන්ට තමන්ගේම කියා ජීවිතයක්, තමන්ගේම සිහින නැහැ. ඕනෑම කෙනෙක්ගෙ ඕනෑම ප්‍රශ්නයක් අහගෙන ඉන්න, දුක බෙදාගන්න මෙයාලා කැමතියි. ඒ වගේම අනුන්ට උපදෙස් දෙන්නත්, දේශනා පවත්වන්නත් (එසේ මෙසේ දේශනා නෙවෙයි, අම්මලා පවත්වන ටයිප් එකේ දේශනා) මෙයාලා හරි දක්ෂයි. ඒ නිසා මේ ජාතියෙ කෙල්ලන්ව ආශ්‍රය කරන්න සෑහෙන ඉවසීමක් තියෙන්නත් ඕනෙ.

    #8 කොලු බාගෙ

    කොටට කපපු කොණ්ඩෙ. ටී ශර්ට්ස් සහ ඩෙනිම්. අඩිය බරකරලා ඇවිදින ඉක්මන් ගමන. මේ ජාතියෙ කෙල්ලන්ගෙ පෙනුම, හැසිරීම, කෙල්ලන්ගෙ පැත්තට වඩා බර කොල්ලන්ගෙ පැත්තටයි. මෙයාලගෙ කට සැරයි, සද්දයි. සාමාන්‍යයෙන් ටිකක් මුරණ්ඩුයි කියලා කියන්නත් පුළුවන්. ඉතාම දඟකාරයි. ක්‍රියාශීලීයි. විනෝදයට බරයි. මේ ජාතියෙ කෙල්ලන් බොහොමයක් දෙනාට යෙහෙළියන්ට වඩා ඉන්නෙ යහළුවන්. මෙයින් කෙනෙක් ඉන්න තැනක අඹ ගස්වලට, රඹුටන් ගස්වලට පොළු ගහන්නෙ මොකටද? මෙයාලගෙන් වැඩි දෙනෙකුට රිලා පැටවුන්ට වඩා හොඳට ගස් නගින්න පුළුවන්.

    (tomboy-tarts.com)

    උපුටා ගැනිම : https://roar.media/sinhala/main/srilanka-life/girls-you-meet-in-sri-lanka
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,498
    1
    8,463
    113
    මෙහෙම එක කැටගරි එකකට දාන්න පුලුවන් කෙල්ලො මට නම් සෙට් වෙලා නෑ.ඔය හැම කැටගරි එකෙන්ම වගේ ලක්ෂණ ටික ටික තියෙන කෙල්ලො තමා ඉන්නෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,837
    37,032
    113
    Homagama

    Roar එක වැටිච්ච තැනක්. දැන් පකඩ කඩේ වගේ වෙලා.