ලංකාවේ ස්‌ත්‍රීන් සංඛ්‍යාව වැඩිවෙලා...

saman_cool

Member
Aug 5, 2012
951
38
0
ලංකාවේ ස්‌ත්‍රීන් සංඛ්‍යාව වැඩිවෙලා...

ශ්‍රී ලංකාවේ සිටින ස්‌ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා පන්ලක්‍ෂ අනූඅටදහසකින් වැඩිවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සංගණනයේදී හෙළිවී ඇත. මෙය මුළු ජනගහනය වශයෙන් ගත්කල 51.5% ක්‌ ස්‌ත්‍රීන්ය.

මුළු දිවයිනේම ජනගහනයෙන් වැඩි පිරිසක්‌ ස්‌ත්‍රීන් බවට වාර්තා වූයේ 2001 වසරේ පැවැති ජන හා නිවාස සංගණනයේදීය. ඒ දිස්‌ත්‍රික්‌ක 18 කිනි. ජනගහනයෙන් 50.2% ක්‌ ස්‌ත්‍රීන් විය. ඒ 1981 හා ඊට පෙර සිදුකළ ජන සංගණන වලදී අනාවරණය වූයේ එවකට සිටි ජනගහනයෙන් වැඩි පිරිසක්‌ පුරුෂයන් බවයි. ඒ අනුව 1981 දී සිදුකළ සංගණනයෙන් වාර්තා වී ඇති අන්දමට එවකට වැඩිම පිරිස පුරුෂයන් වේ. එය 51.0% කි.
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1013268_483859328377823_708263392_n.jpg
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    යුද්දෙත් බලපාන්න ඇති කොල්ලෝ අඩු වෙන්න. තව අවුරුදු 10 විතර ඕක හරි යයි
    :yes::yes::yes::yes: