ලංකාවේ 2nd Hand Market එකේ හොඳටම අලෙවි වෙන වාහන 12ක් මෙන්&

AWRUDUKUMARA

Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ලංකාවේ 2nd Hand Market එකේ හොඳටම අලෙවි වෙන වාහන 12ක් මෙන්&

    සමහර වාහන තියනවා කොච්චර උජාරුවෙන් පාචිච්චි කරන්න පුලුවන් උනත් වෙන එකක් ගන්න කියල ඒක විකුණන්න යද්දි තරු පේනව. ඒකට හේතුව ඒවයෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉතාම අඩු වීම. ඒකටත් එක්ක තවත් එවුව තියනවා කොච්චර පට්ට ගැහුවත් හොඳ සෙකන්ඩ් හෑන්ඩ් ඉල්ලුමක් තියන. ඒ නිසා ඒ වගේ වාහනයක් ගනිද්දි උනත් හිතට පොඩි සහනයක් එනව විකුණන්න ඇති පහසුව ගැන හිතුවම.

    අන්න ඒ විදිහේ හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියන වාහන 12ක් ගැන තමයි අපි අද ඔයාලට තොරතුරු ගෙන එන්නේ. බලන්න ඔයාගෙ වාහනයත් මේ වර්ග වලින් එකක්ද කියල?

    හැබැයි එකක්. මේ ලයිස්තුවේ අපි මිල ගැන සඳහනක් කරන්නේ නැහැ. එයට හේතුව තමයි වාහනයේ තත්ත්වය අනුව සහ භාවිතා කරන කෙනාගේ උවමනාව අනුව මිල වෙනස් වීම. නමුත් මේ වාහන කිසිම අවුලක් නැතුව 2nd Hand Market එකේ විකුණන්න පුළුවන් කම තිබෙනවා.



    1. Toyota Premio

    wahD4Du.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 2007 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ටොයෝටා ආයතනය මගින් ලංකාවට ගෙන්වන සෙඩාන් වර්ගයේ සුපිරි රථයක් වෙන මෙය මුල සිටම 2nd Hand Market එකක් තිබෙන වාහන ගොඩට එකතු වී සිටි වාහනයක්. සුවපහසුව, ආරක්ෂාව සහ ඇසට ප්‍රිය වර්ණ වලින් යුතු වීමත්, උවමනා තරම් අමතර කොටස් පහසුවෙන් සොයාගැනීමට හැකිවීමත් මේ මෝටර් රථයේ ඉහල ඉල්ලුමට හේතු විදියට හඳුන්වා දෙන්න පුළුවන්.





    2. Nissan Sunny

    d1QQ1gw.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 1999 සිට 2015 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    අතීතයේ සිටම ඉහල ඉල්ලුමක් තිබෙන වාහනයක් විදියට සනී මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මුල් පරම්පරා වල සනී මෝටර් රථ වගේම වර්තමාන අලුත් පරම්පරාවේ සනී මෝටර් රථ වලත් තිබෙන පොදු ගුණයක් තමයි සැප පහසුව, ඉහල ඉන්ධන කාර්යක්ෂමතාව සහ අමතර උපාංග සොයා ගැනීමේ පහසුව.

    විශේෂයෙන් 2007, 2011 Nissan Super Saloon N17 සහ 2001, 2003 FB15 වලටත් හොඳ 2nd Hand Market එකක් තිබෙනවා.





    3. Toyota Corolla

    fWXHro3.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 1990 සිට 2017 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    නිසාන් සමාගමේ නම රැඳුනේ සනී මෝටර් රථයෙන් නම් ටොයෝටා සමාගමේ සෙඩාන් වලට නම රැඳෙන්නේ ටොයෝටා කොරොල්ලා මෝටර් රථයෙන්. 70 දශකයේ සිටම ජනතාවගේ විශ්වාසය දිනාගෙන තිබෙන කොරොල්ලා නාමය සඳහා වර්තමානයේත් ඇත්තේ හොඳ ඉල්ලුමක්. ඉහල ඉන්ධන පිරිමැසුම, සැප පහසුව, කල්පැවැත්ම සහ අමතර කොටස් සොයා ගැනීමේ පහසුව මේ වාහනයේත් තිබෙනවා.

    විශේෂයෙන් 2005 වසරේ කොරොල්ලා 121, 1999 කොරොල්ලා XE, 2007 කොරොල්ලා 141, 2014 කොරොල්ලා Axio , 2015 කොරොල්ලා Hybrid මෝටර් රථ වලට හොඳ 2nd Hand Market එකක් තිබෙනවා.





    4. Toyota Allion

    0BQtbRb.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 2003 සිට 2017 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ඉස්සරම Allion කාර් එක ගැන එක එක මත අපේ සමාජය පුරා පැවතුනා. කාර් එකට බොඩි කිට් එකක් ගහලා එන නිසා 2nd Hand එන්නේ වගේ කතා. නමුත් කාර් එකේ තියෙන හිත බැඳ ගන්න පෙනුම නිසා අපි කවුරුත් Allion කාර් එකට ආසා කළා. පිටුපස අසුනේ දණිස් ඉඩකඩ යහමින් තිබෙන නිසා වගේම පසුපස බූට් එකේ තියෙන ඉඩ කඩ නිසා සාමාන්‍ය පවුලකට ගමනක් සඳහා හොඳින්ම ගැලපෙනවා කියන්න පුළුවන්.

    2005 Allion 240, 2007 Allion 260, 260 2011 Model, 2016 Allion G+ Grade මේ වෙනකොට වැඩිම 2nd Hand ඉල්ලුමක් තිබෙන Allion වාහන අතරට ගැනෙනවා.







    පින්තූරය ක්ලික් කරලා වෝට් කරන තැනට යමු,


    5. Toyota Hiace

    R4TzuR2.jpg

    Toyota Hiace වෑන් රථ වලින් වැඩිම ඉල්ලුම 1999 සිට 2015 දක්වා වන වෑන් රථ වලටයි.
    Toyota Hiace කියන්නේ දැනට වැඩිම ඉල්ලුමක් තිබෙන වෑන් රථයක්. කාලෙකට ඉහත Hiace රථ ඒවායේ හිමිකරුවා මිලදී ගන්නේ ලක්ෂ 10-25 අතර මිලගණන් වලට වුනත් වර්තමානයේ තිබෙන ඉල්ලුම නිසා ඒවා මිලදීගත් මිල වගේ දෙගුණයක් වෙන අවස්ථාද තිබෙනවා. ඒවා වගේම 2005 වසරෙන් පසුව නිෂ්පාදනය වෙන KDH 200, 201, 223 සහ 200 Super GL වර්ග වලට මිලදී ගත් මිලට වඩා වැඩි මිලට ලංසු තබන අවස්ථා තිබෙනවා.

    වැඩි ඉඩකඩ සහ අඩු අලුත්වැඩියා පිරිවැය වගේ කාරණා නිසාත්, 2nd Hand Market එකේ නොවෙනස් වෙන මිලක් Toyota Hiace වලට තිබෙන නිසාත්, ඔබේ තෝරාගැනීම Toyota Hiace රථයක් බවට පත් කරගන්නට දෙවරක් සිතිය යුතු නැති බවයි අපේ අනිවා මතය.





    6. Land Rover Defender
    ZoIvU69.jpg

    1970 සිට නිෂ්පාදනය කරන ලද වාහන වලට හොඳ ඉල්ලුමක් තවමත් තිබෙනවා.
    නිතර පෙනෙන්නට නැති වුනත් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් භාවිතා කරන සුළු පිරිස අතරේ බොහොම ජනප්‍රිය නිසා තවමත් 2nd Hand Market එක බොහොම ඉහලින් තිබෙන්නේ. ඔබ සතුව තිබෙන්නේ පැරණි ඩිෆෙන්ඩර් එකක් වුනත් ඔබට එය පහසුවෙන්ම අලුත් පෙනුමට යාවත් කාලීන කරගන්නට හැකිවීම මෙහි ඇති වාසියක්. මෙයට ප්‍රධානතම හේතුව වෙන්නේ ලෑන්ඩ් රෝවර් සමාගම ඩිෆෙන්ඩර් සතු ආවේනික සුවිශේෂි පෙනුම රැකෙන විදියට තමන්ගේ ෆෝවීල් රථ නිපදවීමයි.

    ඉතින් මෙන්න මේ හේතු නිසා කවදාවත් පැරණි නොවෙන මේ අපූරු ජීප් රථය තව දීර්ඝ කාලයක් අපේ ජනතාව අතරේ පවතීවි.





    7. Toyota Land Cruiser

    KYd480C.jpg

    1989 සිට නිෂ්පාදනය කරන ලද වාහන වලට හොඳ ඉල්ලුමක් තවමත් තිබෙනවා.
    ටොයෝටා ලෑන්ඩ්කෘසර් වලට කොහොමත් ඉස්සර සිටම තිබ්බේ හොඳ ඉල්ලුමක්. ඒකට හේතු තමයි සැප පහසුව, වාහනය ඉඩකඩ වීම, ෆෝ වීල් පහසුකම, රළු භාවිතාවට ඇති හැකියාව වගේ දේවල්. ඉතින් මේ නිසා ඔබ ලෑන්ඩ්කෘසර් රථයක හිමිකරුවෙක් නම් 2nd Hand වෙළඳපොල ගැන බියවීමට කිසිදු හේතුවක් නැහැ.





    8. Toyota Noah

    5fokbic.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 1998 සිට 2014 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ටොයෝටා නෝවා කියන්නේ පවුලේ වාහනයක් විදියට ලංකාවේ නමක් තබපු වෑන් මාදිලියේ මොටර් රථයක්. ටොයෝටා ටවුන් එස් සහ ලයිට් ඒස් රථ වල පෙනුමට නවමු හැඩයක් දෙමින් නිෂ්පාදනය වෙන මේ වෑන් රථය ලංකාවේ පවුලේ වාහන අතර හොඳ නමක් තබා සිටිනවා. ඒ නිසා 2nd Hand Market එකක් ගැන කිසිවෙක් බියවන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ Noah Hybrid මාදිලියේත් ඉතා ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් පවතින නිසා බොහෝ දෙනෙක් මේ අපූරු පවුලේ වාහනය මිලදී ගන්නට පෙළඹෙනවා.





    9. Mitsubishi Lancer

    5XyMTBu.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 1995 සිට 2014 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ලාන්සර් කියන්නේ දශක හතරකටත් වඩා වැඩි කාලයක් ලංකාවේ කාර් ලෝලීන් අතර ජනප්‍රිය වුණු නමක්. ඉතින් මේ කාලය ඇතුලතදී මේ මෝටර් රථය කෙරෙහි වූ විශ්වාසය වැඩි වීම හේතුවෙන් ඉහල 2nd Hand Market මිලක් සහ තත්ත්වයක් මෙයට හිමිවී තිබෙනවා. සුවපහසුව, ඉන්ධන කාර්යක්ෂමතාව සහ අමතර කොටස් වල සුලභ බව මේ වාහනයේ ඉල්ලුම ඉහල යන්නට හේතු වන කාරණා වෙනවා.





    10. Toyoto Prius

    WcgPRqq.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 2003 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ලංකාවේ තියෙන මාකට්ම Hybrid කාර් එක විදියට හඳුන්වන්න පුළුවන් ප්‍රියස් මෝටර් රථය බොහොම සැප පහසුකම් වලින් වගේම ඉන්ධන පිරිමැස්ම අතිනුත් ඉහලයි. නමුත් අලුත්වැඩියා කිරීමේදී ටිකක් වියදම් සහිත වුනත් ඉන්ධන පිරිමැස්ම අතින් ඉහල නිසා එය නොසලකා හරින්නට පුළුවන්. නමුත් අපිට කියන්න තිබෙන්නේ මේ සුන්දර හයිබ්‍රිඩ් සඳහා තවමත් ලංකාවේ පාරවල් නම් රළු වැඩියි යන්නයි.





    11. Honda Fit

    kNQB9L7.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 2008 සිට 2016 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    හොන්ඩා මාදිලියේ හයිබ්‍රිඩ් වලින් 2nd Hand Market මිල නොවෙනස්ව පවත්වාගෙන යන මෝටර් රථ අතරින් හොන්ඩා ෆිට් මෝටර් රථය ප්‍රධාන තැනක් ගන්නවා. අන් සෑම හයිබ්‍රිඩ් රථයක් වගේම මේ මෝටර් රථයත් ඉන්ධන කාර්යක්ෂමතාව ඉහලින් තිබෙන නිසා ඉල්ලුම බොහොම වැඩි කැටගරියට අපිට යොමු කරන්නට පුළුවන්.





    12. Honda Civic

    qVaAakO.jpg

    වැඩිම ඉල්ලුම ඇත්තේ 1999 සිට 2014 දක්වා නිෂ්පාදනය කරන ලද වාහන වලටයි.
    ඉන්ධන පිරිමැස්ම අතින් ටිකක් අඩු වුනත් සිවික් රථ වලට ඇති සුවිශේෂී හැඩය සහ කල් පැවැත්ම නිසා 2nd Hand Market එක ඉහලින් තිබෙන බව අපිට කියන්න පුළුවන්.​


    උපුටා ගැනීම http://www.aniwa.lk/2017/07/05/1707054-high-second-hand-value-vehicles/

    ඒත් කෝ බං අපේ අනාත කූකුලන්ගේ මරුටියයි ආර් වැගන් එකයි ඒදෙක දැන් විකිනෙන්නේ නැත්ද?
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පෝස්ට් එකට ස්තුතියි, ටොයෝට බැජ් ඒක ගැහුවොත් වීල් බැරෝ එකක් වුනත් සුටුස් ගාල විකුණන්න පුළුවන් බ්‍රෝ. :)
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    පෝස්ට් එකට ස්තුතියි, ටොයෝට බැජ් ඒක ගැහුවොත් වීල් බැරෝ එකක් වුනත් සුටුස් ගාල විකුණන්න පුළුවන් බ්‍රෝ. :)





    Ela Ela..

    මෙකත් බලන්න..
    MOST EXPENSIVE CARS IN THE WORLD
    https://www.youtube.com/watch?v=3-J4hu-9_pg

    ස්තූතියි අයියලාට!
     

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ලොකෙ කොහෙ ගියත් හොඳ සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එකක් තියෙන වාහ බ්‍රැන්ඩ් දෙක තමා ටොයොටා ,නිසාන්
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    යකඩ ගොඩවල් වලට මෙච්චර market තියෙන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති ..
    වෙන රට වල වාහනයක් brandnew ගත්තම ඊට පහුවදාම වගේ second hand market නහුතෙට බහිනවා .. :oo::oo:

    එකට බලහන්කො ලංකාවේ වාහන ජපන්නු දන්නවා නම් උන්ගේ කිරිකිත්තෝ හදපු වාහනත් ලංකාවේ විකිනෙන ගණන් :lol::lol:


    වාහනයක් අරන් අවුරුදු ගානක් පාවිච්චි කරලා ගත්ත ගානටත් වැඩි ගානකට විකුනන්න පුළුවන් එකම රට ලංකාව වෙන්න ඇති
    :confused::confused:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    යකඩ ගොඩවල් වලට මෙච්චර market තියෙන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති ..
    වෙන රට වල වාහනයක් brandnew ගත්තම ඊට පහුවදාම වගේ second hand market නහුතෙට බහිනවා .. :oo::oo:

    එකට බලහන්කො ලංකාවේ වාහන ජපන්නු දන්නවා නම් උන්ගේ කිරිකිත්තෝ හදපු වාහනත් ලංකාවේ විකිනෙන ගණන් :lol::lol:


    වාහනයක් අරන් අවුරුදු ගානක් පාවිච්චි කරලා ගත්ත ගානටත් වැඩි ගානකට විකුනන්න පුළුවන් එකම රට ලංකාව වෙන්න ඇති
    :confused::confused:

    ඔව් බ්‍රෝ මේක රුවිතෙට කැරකෙන ආශික්ලන්තය :rofl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලක්ෂ 30ට අඩුවෙන් යන 2nd hand ටොයොටා/නිසාන්/හොන්ඩා කාර් මොනවද? නිශ්පාදිත වර්ෂය < 1999 වෙච්ච හත් පරණ බඩ කඩිත්තු තමයි.