එකපාරක් මචන් අපේ කොල්ලො සෙට් එක සිරීපාදෙ නගින්න ගියා. අපේ උන්ගෙන් 4 දෙනෙක්ම සෙට් වෙලා හිටියෙ ෆොරින් කෙල්ලො 4 දෙනෙක් එක්ක. අපි මචන් උදේ පාන්දර නගින්න ගත්ත. කොල්ලො ටික සුද්දියන්ට උදව් කරන්න හැදුවත් එයාලට උදව් ඕන උනේ නෑ. කොල්ලන්ගෙ අතින්වත් අල්ලඟෙ නැතුව කන්දම නැග්ග මාර ගැම්මෙන්. අතර මගදි මචන් අපිට හම්බ උනා ලංකාවෙ ගොන් කපල්. ගෑනු යනව කොල්ලන්ගෙ අත්වල එල්ලීගෙන සමහරු අඩනව නගින්න බෑ කියල. ඒ කොල්ලො අපේ සෙට් එක දිහා හෙන ඊරිසියවෙන් බැලුව මචන්. උන්ගෙ ගෑනුන්ව මග දාල දුවන්න හිතෙන්නෙ ඇති අපේ කෙල්ලන්ගෙ ගැම්ම දැකල. අපිට හොදටම තේරුනා මචන් උන් හෙන ලැජ්ජාවෙන් හිටියෙ කියල. ඒ වගේ කෙල්ලො කරගහගත්තනන් ඉතින් උන්ට ලැජ්ජ වෙන්න වෙනව. අපේ කොල්ලො ටික ඉතින් හෙන ගැම්මෙන් වැඩේ ඉවර කරා. මට මාරම ආඩම්බර හිතුන මචන් අපිත් එක්ක ගිය කෙල්ලො ගැන. අපේ සෙට් එකටම එහෙමයි. ජීවිතේ අමතක වෙන්නෙම නැති දවසක් මචන් එදා.