ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ape rate unta mongal ban, start karanna me taram fees charge karala complicated karala salli hoyanna hadnawata wada owa free karanam users la wedi wenawane etakota unta transaction fees walin bara ganak hoyanna puluwanne, mun hitann inne me wage ewa tiyenne loku companies walata witarak use karanan kiyala, samanya minissunta hadapu newe owa :dull:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,221
    113
    Sri Lanka
    සුපිරි මචං‍‍.... REP 8+

    මචං... පොඩ්ඩක් බලපන් අර lankareload එ‍කේ Redirect වෙන්නෙ වෙන කොහාටම මන්ද‍‍... අන්න ඒක අපිට ලාබදායක නැද්ද?

    මෙන්න මේකට Redirect වෙන්නෙ....
    migs.mastercard.com.au
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    සුපිරි මචං‍‍.... REP 8+

    මචං... පොඩ්ඩක් බලපන් අර lankareload එ‍කේ Redirect වෙන්නෙ වෙන කොහාටම මන්ද‍‍... අන්න ඒක අපිට ලාබදායක නැද්ද?

    එයාලගේ තියෙන්නේ කොමර්ෂල් බෑන්ක් මචන් :)
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,221
    113
    Sri Lanka
    එයාලගේ තියෙන්නේ කොමර්ෂල් බෑන්ක් මචන් :)

    අපිට මචං මේ ලංකාවෙ පට්ට ගණන් දීගෙන ඕව ගන්නවට වඩා ලේසියෙන් පිටරටක Gateway එකක් ගන්න බැරි වෙයිද මචං? :baffled: හැමෝටම විශ්වාසෙ තියාගන්න පුළුවන් Installation fees අඩු Paypal වගේ Credit Card Accept කරන Gateway එකක් ගැන අදහසක් නැද්ද බන්? :(
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අපිට මචං මේ ලංකාවෙ පට්ට ගණන් දීගෙන ඕව ගන්නවට වඩා ලේසියෙන් පිටරටක Gateway එකක් ගන්න බැරි වෙයිද මචං? :baffled: හැමෝටම විශ්වාසෙ තියාගන්න පුළුවන් Installation fees අඩු Paypal වගේ Credit Card Accept කරන Gateway එකක් ගැන අදහසක් නැද්ද බන්? :(

    ඔව් පුළුවන් එක ගොඩක් ලබයි ලංකාවේ එකක් ගන්නවට වඩා Stripe හොදයි ඔන්න ලංකාවට දෙන්නේ නැ පිටරට යාලුවෙක් වගේ ඉන්නවම් ගොඩ නැත්තම් 2checkout එකත් හොදයි :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන්ලා ට්‍රයි BizPay ...මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනා..බිස්නස් plan එක ගන්නවා නම් මාසෙට 1500..බේසික් plan එක ගන්නවා නම් අවුරුද්දටම 7500යි..බිස්නස් plan එක ගන්න එක තමයි හොඳ, මොකද එකෙන් උන්ට ලැබෙන commission එක අඩුයි..සර්විස් එකත් එක්කම Credit/Debit Card Payments, Sampath Vishwa, Ez Cash and mCash හම්බෙනවා...Set-up ෆී එක 2500 සිට 25000 වෙනකන්ද කොහෙද (උන් කිව්වේ නම් ඉන්ටග්රේෂන් එක අපිම කරගන්නවා නම් 2500යි ලු..උන් අපිට ස්ක්‍රිප්ට් එක දෙනවලු)
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මචන්ලා ට්‍රයි BizPay ...මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනා..බිස්නස් plan එක ගන්නවා නම් මාසෙට 1500..බේසික් plan එක ගන්නවා නම් අවුරුද්දටම 7500යි..බිස්නස් plan එක ගන්න එක තමයි හොඳ, මොකද එකෙන් උන්ට ලැබෙන commission එක අඩුයි..සර්විස් එකත් එක්කම Credit/Debit Card Payments, Sampath Vishwa, Ez Cash and mCash හම්බෙනවා...Set-up ෆී එක 2500 සිට 25000 වෙනකන්ද කොහෙද (උන් කිව්වේ නම් ඉන්ටග්රේෂන් එක අපිම කරගන්නවා නම් 2500යි ලු..උන් අපිට ස්ක්‍රිප්ට් එක දෙනවලු)

    මමනම් කලින් දැනගන හිටියේ නැ මචන් මේ ගැන මේක ලබයි වගේ තැන්ක්ස් දැනුවත් කලට :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමනම් කලින් දැනගන හිටියේ නැ මචන් මේ ගැන මේක ලබයි වගේ තැන්ක්ස් දැනුවත් කලට :)

    ඔව් මචන් මේක නම් ලාබයි වගේ...මමත් පෙරේද ඉන්ෆොටෙල් එකේදී තමයි දැනගත්තේ..උන් කිව්වා විදියට lankahost (මට මතක විදියට) කියන වෙබ් හොස්ට් එකයි මේ කම්පැනි එකයි දෙකම එකයි..එකම කට්ටිය කරන්නේ..කවුරු කරත් කමක් නැහැනේ බන් අඩුවට හොඳ සර්විස් එකක් දෙනවා නම්..

    මම තව ඇහුවම කිව්වා, මේකේ පේමන්ට් ගේට්වේ එක දෙන්නේ Sampath Bank IPG එක හරහාලු..කොහොමත් ඒ නිසා security එච්චරම ප්‍රශ්නයක් වෙන එකකුත් නැහැ..PHP Script එකක් තියෙනවලු..නැත්තන් අවශ්‍ය විදියට කරලා දෙනවලු (උන් කරලා දෙනවා නම් තමයි සෙටප් ෆී එක රුපියල් 25,000 ක් යන්නේ)..Prestashop එහෙම යනවා නම් Prestashop Module එකක් තියෙනවලු..ඒ වගේ පොපියුලර් ප්ලැට්ෆෝම්ස් වලට උන්ගේ solutions තියෙනවලු..

    පෙන විදියට නම් හොඳයි වගේ :yes:

    පල්ලෙහායින් තියෙනවා උන්ගේ රේට්ස් සහ කමිෂන්ස්...

    PHP:
    Basic Package
    
    Rs 7500/- per year
    
    Visa/MasterCard - 5 %
    Vishwa - 4 %
    eZ Cash - 4 %
    mCash - 4 %

    PHP:
    Business Package
    
    Rs 1500/- per month
    
    Visa/MasterCard - 4 %
    Vishwa - 3 %
    eZ Cash - 3 %
    mCash - 3 %

    හැබැයි ඉතින් 4% ක් ගන්නවා කාඩ් පේමන්ට් එකකට :no: (මේක වෙන්න ඇති ඉතින් උන්ගේ ප්රෝෆිට් එක)..උන්ගේ ලින්ක් එක පල්ලෙහයින් දැම්ම ඔන්න..

    https://www.bizpay.lk/
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Sehenna watina thread ekak...thanks for sharing with us.... :):):)


    Great thread!! Rep7++ Whizzkid :):):):)


    ලංකාවේ Payment Gateways: ඔබ දත යුතු දේ

    Payment Gateway එකක් යනු කුමක්ද?

    මුදල් සංසරණ ද්වාරයක් හෙවත් ඔබේ ණයපත (credit card) හරහා ගනුදෙනු කිරීමට ඉඩදෙන පද්ධතියක් මෙසේ හැඳින්වෙනවා. ඉ-වානිජ්‍ය පද්ධතියකදි මෙය සාමාන්‍ය වෙළඳසල්වල දක්නට ලැබෙන card-swipe යන්ත්‍ර සමාන වෙනවා. ඒ අනුව ආරක්‍ෂිත/SSL සබඳතාවක් හරහා මුදල් අවශ්‍ය ස්ථානයට යැවෙනවා.

    payment_gateways_work_large.jpg


    ණයපත් බැංකු හරහා නිකුත්කර ඒවාගේ ඉදිරිපස සහ පසුපස ගනුදෙනු බැංකු හරහා ම පාලනය වන්නා සේ ම Payment Gateways ද බැංකු මගිනුයි සැපයෙන්නේ. එහෙත් අවාසනාවකට, මෙය දන්සැලක් වගේ නෙවෙයි. මිල අධිකයි. මේ වෙද්දි මිළ අවමව තිබුණත් තවමත් ඔබට ගෙවීමක් සිදුකරන්න වෙනවා. අපි බැංකු කීපයක් එක්ක – සෙලාන්, සම්පත්, කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් (NTB) සහ හැටන් නැෂනල් (HNB) – ඔවුන්ගේ මිළ ගණන් පිළිබඳ කථා කළා. ඔබ වෙනුවෙන් එහි සන්දර්භයයි මේ

    පළමු වටය

    1) කාඩ්පත්

    මුලින්ම සලකා බලමු මොන වර්ගයේ කාඩ්පත් වලටද Gateway එක සහාය දක්වන්නෙ කියලා. මොකද බොහෝ දෙනෙක් භාවිතා කරන Visa හෝ Mastercard හැර වෙනත් දුර්ලබ කෙතරම් ගණනකට එය සහාය දැක්වුවත් ඇති ඵලක් නැහැ.

    දෙයියන්ගෙ නාමෙට බොහෝ බැංකු හැම කාඩ්පත් වර්ගයටම සහාය දක්වනවා. Nations Trust, බැංකුව නම් AMEX කාඩ්පත් පමණයි; ඒ අනුව වාර්තා අනුව බහුතරයක් ශ්‍රී ලාංකිකයන් VISA කාඩ්පත් භාවිතා කරන නිසා NTB අපේ පථයෙන් ඉවත් කරන්න වෙනවා.

    HNB එකත් මෙතනදි සුළු දෙයක් නිසා අසාර්ථකයි. එයාලට Payment Gateway එකක් නැහැ වගේ ම පාරිභෝගික සහයත් හොඳ නැහැ. අපේ ඇමතුමත් ඔවුන්ගෙ 6 දෙනෙක් අතරෙ විතර එකිනෙකා අතර යොමුවුණා. ඒත් ඒ කාටවත් Payment Gateway එකක් කියන්නෙ මොකක්ද කියලවත් අදහසක් නොතිබුණාට මොකද එවැන්නක් තියෙන බවට සපථ වුණා. අන්තිමට හරි කෙනාට ඇමතුම යොමුවුණත් එයත් කාර්යාලයෙන් නික්ම ගිහින්. ඉතින් අපට HNB ගැන විස්තර මීට ඇතුලත් කිරීමට හැකි වන්නේ නැහැ.

    2) මුලින් ගෙවිය යුතු මුදල

    සෑම බැංකුවක් ම ආරම්භ කිරීම සඳහා මුදලක් අය කරනවා.

    කොමර්ෂල් බැංකුව – රු 75,000, අවශ්‍යතා සීමාව සහ පාරිභෝගිකයා අනුව වෙනස්විය හැකියි – මෙය ලියන වෙලාව වෙද්දි එය කෙසේ උච්චාවචනය වේදැයි අනුමාන කිරීමට සාධකයක් ලැබුණේ නැහැ.
    සෙලාන් බැංකුව – රු 20,000.
    සම්පත් බැංකුව – රු 15,000.

    ඒ අනුව සම්පත් බැංකුව ලාභදායී බව පේනවා. සෙලාන් සමග ඊට විශාල වෙනසක් නොතිබුණත් කොමර්ෂල් බැංකුවට එතරම් මිළක් ඇත්තේ මන්දැයි හිතා ගන්නවත් බැහැ. ඔබට මතක ඇති AMEX-පමණක් නිසා අපි NTB ඉවත් කළා.

    3) GATEWAY පවත්වාගැනීමේ ගාස්තු

    Gateway එකක් මිළදී ගත්තාට ම මදි. Domain name වගේ ම මේවාටත් නැවත නැවත ගෙවීමට සිදුවෙනවා, සාමාන්‍යයෙන් වාර්ෂිකව.

    කොමර්ෂල් බැංකුව – රු 90,000
    සෙලාන් බැංකුව – රු 30,000
    සම්පත් බැංකුව – රු 60,000

    මෙහි විශාල පරතරයක් තිබෙනවා. ඔබට පෙනෙනවා ඇති රුපියල් තිස්දහස බැගින් එය වැඩියි. ඒ අනුව තෝරාගැනීම පිළිබඳ තීරණයක් ගන්නට අපි මේ විධියට ගණන් හදා බලමු,

    ආයතනය පළමු අවුරුද්ද සඳහා මුදල අවුරුදු දෙකක් සඳහා මුදල
    කොමර්ෂල් බැංකුව 75,000 + 90,000 = 165,000 165,000 + 90,000 = 255,000
    සෙලාන් බැංකුව
    20,000 + 30,000 = 50,000 50,000 + 30,000 = 80,000

    සම්පත් බැංකුව 15,000 + 60,000 = 75,000 75,000 + 60,000 = 135,000
    මේ විශාල පරතරයන් සඳහා හේතුව අපැහැදිලි නමුත් අපි ඉදිරියෙදි තවත් සාධක අනුව බලමින් ජයග්‍රාහකයා තෝරමු. දැනට සැලකූ දත්ත අනුව අපි ලාභදායී ම විකල්පය හෙවත් මේ වටයේ ජයග්‍රාහකයා (සෙලාන්) තදකුරෙන් දැක්වූවා. ඔබට පෙනෙනවා ඇති එය ඉහළ පරතරයකිනුයි මේ ස්ථානයට පැමිණියේ. ඒ අනුව අවුරුදු 5ක් හෝ 10 ඉදිරියට සලකා බැලුවත් එය සුදුසු බව පෙනී යනවා.

    ආයතනය තෙවන අවුරුද්ද සඳහා මුදල අවුරුදු හතරක් සඳහා මුදල
    කොමර්ෂල් බැංකුව 255,000 + 90,000 = 345,000 345,000 + 90,000 = 435,000
    සෙලාන් බැංකුව 80,000 + 30,000 = 110,000 110,000 + 30,000 = 140,000
    සම්පත් බැංකුව 135,000 + 60,000 = 195,000 195,000 + 60,000 = 255,000
    දෙවන වටය

    4) කොමිස් සහ තැන්පතු

    පවත්වා ගැනීමේ මුදල වගේ ම ‘ආරක්‍ෂිත තැන්පතුව’ පිළිබඳවත් අපි සැලකිලිමත් විය යුතුයි. එසේම සිදුවන සෑම ගනුදෙනුවක් සඳහා ද Gateway හරහා මුදලක් අය කරනවා.

    සම්පත් සහ සෙලාන් බැංකු දෙකම 3%ක ස්ථිර කොමිස් මුදලක් සෑම ගනුදෙනුවක් සඳහාම අය කරනවා. කොමර්ෂල් බැංකුව 4%ක් පමණ. (වෙනස් විය හැකියි. අපි කිව්වනෙ, හරියටම පරාසයක් කියන්න අමාරුයි)

    බොහෝ බැංකු රු 100,000ක අවම ස්ථිර තැන්පතුවක් අවශ්‍ය වෙනවා. සෙලාන් බැංකුවෙ නම් එය රු 300,000ක්. NTB නම් කිසිදු තැන්පතුවක් අවශ්‍ය වන්නේ නැහැ – ඒත් AMEX පමණයිනෙ.

    ඒ වගේ ම අදාල බැංකුවේ ගිණුමක් පැවතීමත් අත්‍යාවශ්‍ය බව පවසනවා. ඒ වගේ ම ඔබ Gateway එකට මුදල් ගෙවූ සැණින් තාක්‍ෂණික සහාය, හවුල් සර්වර් ලැබෙන අතර සියල්ල සැකසීම සඳහා සති 2-3ක් ගත වෙනවා. (කොමර්ෂල් බැංකුව ඔවුන්ගේ එය සති 1-2ක් බව වගකීමෙන් පැවසුවා).

    5) තීන්දුව

    ඉහත සියල්ලම සැලකුවාම පැහැදිලි තේරීම: සෙලාන් බැංකුව. අනිකුත් බැංකුවලට වඩා මූලික තැන්පතුව තුන් ගුණයකින් ඉහළ නමුත් විශේෂයෙන් ඔබේ ව්‍යාපාරය අවුරුදු කීපයක් දක්වා දිවෙන්නේ යැයි සලකමින් අප ඉහත කළ ගණනය කිරීම අනුව මෙය ලාභදායී බව පෙනෙනවා. කොමර්ෂල් බැංකුවේ ස්ථාපනය කිරීම් කඩිනම් නමුත් එය පවත්වා ගැනීමට ඉහළ මිලක් ගෙවන්නට සිදුවෙනවා. සම්පත් බැංකුවේ ආරම්භක මුදල අවම නමුත් පවත්වාගැනීමේ වාර්ෂික මුදල ඉහළ නිසා මුල් ලාභය ඉන් නැතිව යනවා.

    වැඩිදුර සෙවීම ඉතින් හැමවිටම නිර්දේශිතයි. මෙය ප්‍රාථමික සෙවීමක් නිසා ඔබේ අවශ්‍යතාව අනුව කාර්යක්‍ෂමතාව සහ තාක්‍ෂණික සාධක – විශේෂයෙන් සර්වරයෙන් ඔබට කෙතරම් දුරට සම්පත්භාවිතයට ඉඩ සැලසෙනවාද කියා සලකා බැලීම වැදගත්. ඒ අනුව ඔබේ සහ ඔබේ ව්‍යාපාරයේ අවශ්‍යතාව අනුව තීරණය වෙනස් වන්නට පුළුවන්. අපි පොඩි උදව්වක් කළා විතරයි.


    උපුටා ගැනීම : readme.lk
     

    Similar threads