ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ලංකාවේ_ධනවත්ම පුද්ගලයන් හයදෙනා

    ෆෝබ්ස් සඟරාව නම්කළ ලංකාවේ ධනවත්ම පුද්ගලයන් හයදෙනා



    ලංකාවේ ධනවත්ම පුද්ගලයන් ලෙස ලෝප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ධම්ම්ක පෙරේරා,හැරී ජයවර්ධන,සොහිල් හා රුසී කැප්ටන් පිය පුතු යුගලය හා හැරී හා මනෝ සෙල්වනාදන් සහෝදර යුගලය නම්කොට තිබේ.

    මොවුන්ට ඇති දේශීය හා විදේශීය වත්කම් වෙන වෙනම ගණනය කිරීම අපහසු හෙයින් ඔවුන්ගේ වත්කම් වල පිළිවෙල කීම අපහසු බව දක්වා ඇති ෆෝබ්ස් සඟරාව මෙසේ ඔවුන්ගේ නම් හා වත්කම් පිලිබඳ පමණක් දක්වා තිබේ. ඒ මෙසේය.




    A.Perera.1119_perera1_416x416-960x600.jpg


    තවමත් වයස අවරුදු 45 පසුවන ධම්මික පෙරේරා දැනට ලංකාව තුල සිටින ධවත්ම මෙන්ම බලවත්ම තනිපුද්ගලයා වේ. ඔහුගේ ධනස්කන්දය ඩොලර් මිලියන 550කි. කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම් වලින් 8% ක් ධම්මික පෙරේරා ගේ වන අතර ඔහු සතුව ඇති ලැයිස්තුගත සමාගම් ගණන 23 කි.

    එයට අමතරව කැසිනෝ සහ පෞද්ගලික ව්‍යාපාර රැසක් ධම්මික පෙරේරාට අයත්වේ. සම්පත් බැංකු සභාපති,මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් හා හේලීස්,වැලිබල් ,රෝයල් සෙරමික් වැනි සමාගම් රැසක ප්‍රධාන ධුරයන් රැසක් ධම්මික විසින් දැනට දරනු ලබයි.

    ෆෝබ්ස් සඟරාව සඳහන් කරන පරිදි ඔහු වත්මන් පාලන රෙජිමය සමග සමීප සම්බන්ධතාවයක් පවත්වනු ලබයි.




    captains1.jpg


    ජෝන් කීල්ස් සමුහයේ හා කෙමිකල් ඉන්ඩස්ට්‍රස් හි විශාලතම කොටස් කරුවන් ලෙස පර්සියානු සම්භවයක් ඇති සොහිල් හා රුසි පියපුතු කැපි පෙනේ. සොහිල් සහ රුසි ව්‍යවසායකයන් වන අතර ඔවුන්ගේ වයස පිලිවෙලින් 80 හා 48 වේ.

    බැංකු,තීන්ත,කෘෂී,අමුද්‍රව්‍ය,ඇසුරුම්,බෙහෙත්හෙත් හි ස්වකිය ආයෝජන ඔවුන් විසින් විසුරුවා ඇත.සොහිල් හා රුසි කැප්ටන් මෙම පියපුතු යුගලයේ කොටස් වෙළෙඳ පොළ ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 185 ඉක්මවයි.
    ඔවුන්ගේ වෙනත් පෞද්ගලික ආයෝජනවල වත්කම් එයට ඇතුලත්වී නොමැත




    harry-j1.jpg


    ස්ටැසන්ස් නම් තේ අපනයන සමාගමක් 1977 දි අරඹා ව්‍යාපාරික අංශයට එක් වෙන දැනට 71 වනවියේ පසුවන හැරී ජයවර්ධන ද ලංකාවේ ප්‍රධානතම ධනපතියන් අතර කැපීපෙනෙන චරිතයකි.

    මොහු වත්මනෙහි ශ්‍රී ලංකාවේ මධ්‍යසාර වෙළෙදාමේ පාලනය හිමි Distilleries Co. හි හා Aitken Spence PLC හි සභාපතිත්වය දරයි. එයට අමතරව ඩෙන්මාර්කයේ කලා,විද්‍යා හා ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔහු දැක් වු දායකත්වයට එරට Queen Margrethe II විසින් ගෞරව පදවියක්ද Knight’s Cross of Dannebrog ලබා ඇත.




    selvanathan.jpg


    මෙයට සියවසකට පමණ පෙර ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වු හැරී හා මනෝගේ පියා මුලින්ම ඉන්ධන හලක් අරඹා මෙරට ව්‍යාපාරික අංශයට එළඹුණු අතර පසුව හැරී හා මනෝ විසින් එය ව්‍යාප්ත කරන ලදී. මේවනවිට හැරීගේ වයස 64 ක් වන අතර මනෝගේ වයස 66 කි.

    ඔවුන් මේවනවිට arson Cumberbatch, Bukit Darah, Ceylon Beverage Holdings යන ලැයිස්තුගත සමාගම් වල හිමිකරුවන්ය.පාම් තෙල්,මුල්‍ය කළමණාකරණය,දේපොළ වෙළෙදාම හා හෝටල් කර්මාන්තයේද මොවුන්ගේ ව්‍යාපාර ඇත.






    source 33000lk
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...

    නෑ බං රාජප්ක්ෂ
    හැබැයි උඹ මගෙන් අහන්න එපා මුල් නම මොකක්ද කියලා
     
    • Like
    Reactions: blacktarzan

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...
    විස්තර ටිකක් කියපං කෝ දැන ගැනීම පිණිස:)
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    නෑ බං රාජප්ක්ෂ
    හැබැයි උඹ මගෙන් අහන්න එපා මුල් නම මොකක්ද කියලා

    හී හී හිතාගන්න පුලුවන් මචන්.. ;)


    චමත් කියන්නේ ඇමෙරිකාවේ ඉන්න සොෆ්ට්වෙයා ඉන්ජෙක්..බට් මෙයා සෑහෙන්න ලොකු ආයෝජකයෙක් ඩොලර් මිළියන බර ගනන්වලින් ලොකු ලොකු ප්‍රොජෙක්ට්ස් වලට ඉන්වෙස්ට් කරපු හාදයෙක් බිට්කොයි මිලියන 5කට වැඩිය තියෙනවලු..:shocked::shocked::shocked:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    විස්තර ටිකක් කියපං කෝ දැන ගැනීම පිණිස:)
    ටික කාලෙකට කලින් ෆේස්බුක් ප්‍රධානියන් අතර ඉඳපු හාදයෙක්. මිනිහා සෑහෙන්න ලොකු ප්‍රොෙජක්ට්ස් වලට ඉන්වෙස්ට් කරපු පොරක්. ඒහැම එකක්ම වගේ අතිසාර්තකයි. උගේ බිට්කොයින් මිලියන 5 ඩොලර් කරොත් දම්මිකල ලොවෙත් නෑ..:baffled:
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    ධම්ම්මික පෙරේරාගේ සාක්කුවේ මහින්ද ඉන්නේ. :frown: :frown: :frown:
     
    නෑ බං රාජප්ක්ෂ
    හැබැයි උඹ මගෙන් අහන්න එපා මුල් නම මොකක්ද කියලා
    මහින්ද නම් නෙමෙයි.. හැබැයි ගොටාබය වෙන්න පුලුවන්.. මිනිහට ඇමෙරිකාවේ වතු තියනවා කියලා කියනවා, තව දූපතකුත් තියනවලු.. හරියටම දන්නේ නැ, හැබැයි වෙන්න පුලුවන්..
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    පට්ට මොල මුන්ගෙ... :D

    හැබැයි මම නම් හිතන්නෙ ලංකාවේ ලොකුම පෝසතා --- චමත් පලිහපිටිය කියල...

    Dhammika pererage net worth eka $ million 550k lu. chamath palihapitiya ge kiyada