ලංකාවේ_හොල්මන් වලට සුප්‍රකට තැන්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    ලංකාවේ_හොල්මන් වලට සුප්‍රකට තැන්

    ලංකාවේ හොල්මන් වලට සුප්‍රකට තැන්

    1. සෝබරිතව පියමනින ඇහැළේපොළ කුමාරිහාමි

    NDRrZz9.jpg


    තමන්ගේ ස්වාමියා වෙනුවෙන් බෝගම්බර වැවට බිලිවුණු ඇහැළේපොළ කුමාරිහාමි කියන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වීර කාන්තාවක්. කොහොම වුනත් තවමත් ඇහැළේපොළ කුමාරිහාරි වැව රවුම වරේදී, ක්වීන්ස් හෝටලය ඉදිරිපිටදී දුක්මුසු මුහුණින් බලාන ඉන්නවා, ඇවිද යනවා දැකපු අය ඉන්නේ එක්දාස් අටසිය ගණන් වල ඉඳන්. පැරණි තාලෙට සුදු ඔසරිය ඇඳලා තවමත් හිස කෙළින් තියාගෙන ඇවිද යන ඇහැළේපොළ කුමාරිහාමි නිසා බය වුණු අයට වඩා ඉන්නේ ශෝකයෙන් කතා කරන අය.



    2. රාජපක්ෂගම ගම්මානයේ අද්භූත පවුල


    sUZIGvU.jpg


    පහුගිය අවුරුද්දේ අහන්න ලැබුණේ තඹුත්තේගම රාජපක්ෂ ගම්මානයේ අද්භූත පවුලක් සැසරන බව. කාන්තාවක්, පිරිමියෙක් සහ කුඩා දරුවෙක් සැරින් සැරේ මේ ගමේ සමහරුන්ට පෙනිලා ටික වෙලාවකින් නැතිවෙලා යනවලු. මේ සිද්ධියෙන් බයට පත්වුණු සෑහෙන දෙනෙක්ගේ ගෙවල් වල ශාන්තිකර්ම පවා කරන්න වුණු බව ඒ දවස්වල සෑහෙන ප්‍රසිද්ධ වුණු පුවතක් වුනා. තවමත් මේ හොල්මන් පවුල රාජපක්ෂගම ඉන්නවද? ඒක නම් අපිට හරියටම කියන්න බෑ.





    3. ගිරිකූටයක් මත හුදෙකලා වූ දික්කන්ද වලව්ව


    35uv6hE.jpg

    යක්කලින් රදාවාන පැත්තට හැරිලා යනකොට බස් පාරේ ඈතින් පේන්න තියෙනවා සුවිශාල පර්වතයක් උඩ හදලා තියෙන හුදෙකලා වලව්වක්. මේ කාමර සියයක් තියෙන සුප්‍රකට දික්කන්ද වලව්වයි. මේ වලව්වේ අයිතිය දැන් තියෙන්නේ විදේශිකයෙකුට. කිසිම කෙනෙක්ට මේ වලව්වට ඇතුළු වෙන්න අවසර නැහැ. ඒ නිසාම මේ වලව්වේ ගුප්ත බව තවත් වැඩිවෙනවා. දික්කන්ද වලව්ව ගැන කතා බහ කරන ප්‍රදේශයේ අය කියන්නේ මේ වලව්ව ඇතුළේ හොල්මන් අවතාර තියෙන බවයි!


    4. රාත්‍රියට ශබ්ද ඇහෙන හාලිඇල ඩීන්ස්ලන්ඩ් බංගලාව


    4hLRccl.jpg


    “ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.

    මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”

    මේ විස්තර කියවෙන අතීතයේ පුද්ගලික තේ වත්තක් වුණු ඩීන්ස්ලන්ඩ් වතුයාය මේ වෙනකොට රජයට අයත් නිල නිවාවයක්. මේ පළාත භීෂණ සමයේදී විශාල වශයෙන් පිරිස් ඝාතනය වුණු පෙදෙසක් විදියටත් ප්‍රසිද්ධයි. කොහොම වුනත් පාළුවට ගිහින් තිබුණු මේ බංගලාවේ හොල්මන් සැරිසරන බව ප්‍රදේශවාසීන් අතර තිබුණු ප්‍රසිද්ධ රහසක්. සෙන්දිල් තොණ්ඩමාන් ඇමතිවරයා කුලී පදනමක් පිට මෙය නිල නිවස විදියට ගත්තට පස්සේ වුනත් රාත්‍රියට කෑ ගහන, මහ හඬින් හඬා වැටෙන ශබ්ද ඇහෙන බවයි කියවෙන්නේ.



    5. තවමත් විලාප හඬ ඇහෙන බව කියන දකුණු වෙරළ තීරය


    Um06ows.jpg


    සුනාමි ව්‍යසනය පැමිණ අවුරුදු ගණනාවක් ගෙවී ගිහින්. සුනාමියෙන් හානි වුනු ජීවිත සංඛ්‍යාව මෙතෙකැයි කියන්න බැහැ. සුනාමියෙන් පස්සේ අවුරුදු කීපයේදී මුළු දකුණු වෙරළ තීරයම පෙනුනේ මහාම දුක්මුසු, ශෝකාකූල පෙනුමකින්. එදා ඉඳන් අද වෙනකල් තවමත් හිටපු ගමන් මුහුද මැද්දෙන් මිනිස් විලාප හඬ ඇහෙනවා කියලා බොහෝ දෙනෙක් කියලා තියෙනවා. මේ සමහර විට මුහුදේ හඬ වෙන්න පුලුවන්. ඒත් අදටත් දකුණු මුහුදු තීරයේ පාළු වෙරළක ඉන්නකොට මුහුද පැත්තෙන් ශෝකී විලාප හඬ මුහුදේ හඬත් එක්ක මුසුවෙලා ඇහෙනවා කියන අය ඉන්නවා.


    tumblr_mt5lkpw2GG1s0wwmao2_500.gif








    source:
    අනිවා.LK​
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,990
    28,899
    113
    Dikkanda walawu kamara 100k na...ayithikaraya lankawe ekkenek..athi holmenekuth na..:lol::lol::lol:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    http://www.elakiri.com/forum/archive/index.php/t-1656911.html

    දික්කන්ද වලව්ව ගැන විස්තර දන්න එකෙක් කියපන්කො


    http://i59.tinypic.com/2lkp2eg.jpg

    http://i60.tinypic.com/15nt4lx.jpg (https://www.google.com/maps/place/D...!3m1!1e3!4m2!3m1!1s0x0000000000000000:0x913df c07cb879b9d?hl=en)

    දැනට ලැබී ඇති විස්තර ..,

    ඔතන මිනිස්සුන්ට බලන්න යන්න දෙන්නේ නැ
    කාමර 99 තියෙනවා
    අයිතිකාරයා තනියමලු ඉන්නේ (එහෙම නැත්නම් දැන් විදෙශිකයෙක්ට අයිති )
    හදන්න අවශ්‍ය මුලද්‍රව්‍ය එංගලන්තෙන් ගෙනල්ල තියෙන්නේ .


    Sisira Wijesinghe මෙම දික්කන්ද වලව්ව පිහිටලා තියෙන්නේ යක්කල කිරිඳිවැල 231 මාර්ගයේ දික්කන්දත් වතුරුගමත් අතර. යක්කල නගරයේ සිට සැතපුම් 6 විතර ආ විට දික්කන්ද හංදිය මුණගැසෙනවා. දික්කන්ද හංදියෙන් පටන්ගන්නා මෙම විශාල වතුයාය වතරුගම පිංවත්ත හංදියතෙක් කිලෝටීටරයකට වැඩි දුරක් එකදිගට විහදෙනවා .විශාල පොල් වත්තක් වෙන මෙය පිංවත්ත හංදියට යනතෙක්ම වැට දිගටම තියෙන්නේ පැරණි කොස් ගස් වැටියක්. වත්ත හරි මැද පිහිටි කන්දේ තමා මේ වලව්ව පිහිටා ඇත්තේ. මේ වලව්ව වත්ත පාමුලට හෝ 231 පාරට හෝ ඒ අවට කිසිම තැනකට පේන්නේ නැහැ. විහාල පොල් ගස් යාය නිසාත් වෙනත් ගස් කොළං නිසාත් වලව්ව බලා ගන්න හරිම අමාරුයි. එහෙත් ඉතාමත් සොදිසියෙන් බැළවොත් යන්තමින් මේ වලව්ව බලාගන්න පුළුවන්.. නමුත් වතුරුගම හංදියෙන් මිරිස්වත්ත හංදියට යන පාරේ හමුවෙන් වෙල් යායවල් ළගදී මේ වලව්ව මනාව දැක ගන්න පුළුවන්. ඒත් ගොඩාක් ඈතින්. තව මාළිගාතැන්න හා පෙට්ටන්ගල කන්දටත් මෙය යන්තමින් දැක ගන්න පුළුවන්.දැනට මේ වත්තේ කොටසක් කුකුල් ගොවිපලක් ලෙස පවත්වාගෙන යනවා. ඔබේසේකර පවුලට අයත්ව තිබුණු මේ වලව්ව දැනට කාට අයිති දැයි දන්නේ නෑ. රජ ගෙදර පරවියෝ කියන චිත්‍රපටය මේ වලව්වේ රූගත කල බවට කියවෙනවා.

    Danushka Ranjana Marasinghe this is a huge bungalow with 80 rooms according to the folklore. The villagers claim that the owner of this place was to marry an ex-president but it didn’t happen. This bungalow was built in the hope of living here after the marriage. The area belonging to this place is said to be roughly 3000 acres. The bungalow itself is located on top of a hill giving it a panoramic view of the surrounding areas. The owner is supposedly remaining single to date.

    http://www.srilankantravellers.com/...s/2011/09/Dikanda-temple-pettagam-gala-21.jpg

    Chathura Madusanka Oya gadara sampurana rm 99k tiyanawa ath rm 17kata thama kauruth gehin na,wada karana ayawath gihinna,

    ෆොටෝ එක ගත්තෙන් The Art Gallery (https://www.facebook.com/photo.php?fbid=10203350024700967&set=gm.327586567431864&type=1)
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Hoda post ekak.
    eth
    Bogambara wawa tibbe dan bogambara bandanagaare tibba thana. ethakota ahalepola kumarihami queens hotel eka issaraha wawa gawa inne ai.
    meyawa dakapu kawuruth innwada. meka nam mata wishwasa karanna be.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    South beach eke , ehema holman saddha naha. Dan thiyenne idha hita ahena , live thagalage holman saddha, unuth vadi davasak inne naha, ekata eka mara gena unma nathi venava. Habai Mea dan inna live thagala, Sunami davasvala , parana baye ,agiya athak nathiva sitiye. E kiyanne Thagala tath parana baya danenava kiyala.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,089
    113
    South beach eke , ehema holman saddha naha. Dan thiyenne idha hita ahena , live thagalage holman saddha, unuth vadi davasak inne naha, ekata eka mara gena unma nathi venava. Habai Mea dan inna live thagala, Sunami davasvala , parana baye ,agiya athak nathiva sitiye. E kiyanne Thagala tath parana baya danenava kiyala.

    monada ban uba type karanne
    melo huththak therenna :eek:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Dikkanda walawu kamara 100k na...ayithikaraya lankawe ekkenek..athi holmenekuth na..:lol::lol::lol:
    බ්ලොග් කාරයෙක් හරි අමාරුවෙන් ගලපල බොරුටිකක් ලියාගෙන.