“ඔව් සර්, හොල්මන් ඉන්නවා. දවසක් මම දැක්කා ලොකු ඇඟක් තියෙන ගෑනියෙක් ලේ පෙරාගෙන එනවා. ඒ දැකලා බය උණ මම ක්ලාන්තය දාලා වැටුණා. ඊට පස්සේ ලෙඩ වෙලත් හිටියා.
මම මේ ළඟම ගෙදරක ඉන්නේ. භීෂණ දවස්වල ඉඳලම බංගලාව ගැන දන්නවා. මේකේ වදකාගාරයක් තිබුණා. හැබැයි වෙඩි ශබ්ද ඇහුනේ නැහැ. කෑගහන ශබ්ද ඇහුනා. සමහර දාට ලේ සෝදන්න උණෙත් මට. මේ කාරණාවලින් පස්සේ තමයි හොල්මන් ඇති උණේ.”
මේ විස්තර කියවෙන අතීතයේ පුද්ගලික තේ වත්තක් වුණු ඩීන්ස්ලන්ඩ් වතුයාය මේ වෙනකොට රජයට අයත් නිල නිවාවයක්. මේ පළාත භීෂණ සමයේදී විශාල වශයෙන් පිරිස් ඝාතනය වුණු පෙදෙසක් විදියටත් ප්‍රසිද්ධයි. කොහොම වුනත් පාළුවට ගිහින් තිබුණු මේ බංගලාවේ හොල්මන් සැරිසරන බව ප්‍රදේශවාසීන් අතර තිබුණු ප්‍රසිද්ධ රහසක්. සෙන්දිල් තොණ්ඩමාන් ඇමතිවරයා කුලී පදනමක් පිට මෙය නිල නිවස විදියට ගත්තට පස්සේ වුනත් රාත්‍රියට කෑ ගහන, මහ හඬින් හඬා වැටෙන ශබ්ද ඇහෙන බවයි කියවෙන්නේ.