ලංකාව තවම නොදියුණු ඇයි?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ගොඩක් අය කියන්න අකමැති හේතුවක් කියන්නන්.

    කල්චර් එකෙන් එන යහළු සංග්‍රහය සහ ඥාති සංග්‍රහය. මේක එක ඉස්කෝලේ උන්ට සලකන එක, එක කැම්පස් එකේ උන්ට සලකන එක, එක ගමක උන්ට අදින එක විදියට තව එහාටත් යනවා.

    සිංහලුන්ගේ කල්චර් එකේ කොටසක් නේ යහළුවොන්ට සැලකීම සහ ඥාතීන්ට සලකන එක. ඉතින් ඕනෑම තැනක යාළුකමට, අන්දුරුම් කමට වැඩ වෙනවා. මේකේ උනුත් අහන්නේ අහවල් තැන ඉන්න කොන්ටක්ට් එකක් නැද්ද කියලා. ඉතින් හරි පිළිවෙලට පෝලිමට රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට ආපු එකාට කලින් අඳුරන එකාට වැඩේ කරලා දෙනවා. හරි පිළිවෙලට ටෙන්ඩර් දාපු කොම්පැනිය නැතුව යාලුවාගේ කම්පැනි එකට ඔර්ඩර් එක දෙනවා. තමන්ගේ යාලුවෙක් හරි ඥාතියෙක් වෙනුවෙන් ඌ වැරදි උනත් හරි වැරැද්ද නොබලා පොර වෙනුවෙන් පෙනී ඉන්නවා.

    මොකෙක් හරි යාළුකමට නීති නමලා සැලකුවේ නැත්තන් ඌ චාටර් පොරක්, කුහකයෙක්, හොඳ යාලුවෙක් නෙමෙයි කියල හංවඩු ගහන්නේ.
     
    Last edited: