ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ASHO

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,193
    8,191
    113
    M-Town
    ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ASHO

    ගොඩක් අය දන්නෙ නැති වුනාට ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම අති සාර්තක public private partnership (ppp) එකට හොදම උදාහරණයක්. මෙකේ ලොකුම කොටස්කරුවො තමයි ලංකා රජය සහ ඉංදියානු අශෝක් ලේලන්ඩ් සමාගම. දැනට CEO විදිහට කටයුතු කරන්නෙ Umesh Gautam මහතා. ඇත්තටම මේක ලංකාවෙ sustainability සහ value creation එකට වගේම employment , skill development තියෙන eco network එකක්. මෙම ආයතනය පසුගිය අවු 10, කොවිඩ් කාලෙවත්, ආර්ථික අර්බුද කාලෙවත් ලොස් නොවී business එක continue කරපු සුපිරිම ආයතනයක්.

    ලංකාවෙ මිනිස්සු පාරෙ තොටේ යද්දි දකින bus වලින් 90%ක් ම ASHO එකෙ බස්. එක නිසා ගොඩක් අය හිතන්නෙ මේක bus company එකක් කියලා. ඒත් මෙකෙ revenue එකෙන් 75% කට වඩා එන්නෙ ලොරි වලින්, කුඩා ලොරි වල ඉදලා ලොකු ලොරි, බව්සර්, ටිපර් සහ ජෙනරේටර් දක්වා මෙකේ vehicle portfolio එක diversify වෙලා තියෙනවා. දැන් අලුතින් super luxury බස් වගේම low floor බසුත් ලංකාවට ගේන්න පටන් අරන්. අශෝක් එකට අනික් import companies වලට නැති ලොකු වාසියක් තියෙනවා. Locally assembly කරන නිසා ලොකු tax advantage එකක් මේකට තියෙනවා. ඒ advantage එකෙන් කොටසක් customers ලට pass කරන නිසා price point එකෙන් අනික් competitors කට තරග කරන්න අමාරුයි. මේ හේතු නිසා business sustainability සහ growth එක හොදටම තියෙන company එකක් තමයි මේක. දැන් මාලදිවයින සක african countries වලට export කරන්න පටන් අරන්. මේ segment එකේ potential එක ඉදිරි අවුරුදු වල බලාගන්න පුලුවන්.

    Sep කාර්තුවෙ results කලින්ම දැම්මා මේක. Revenue සහ profits 100% වඩා වැඩි වෙලා, cash විතරක් රු බිලියන 3.5ක් balance sheet එකේ තියෙනවා. Debt zero company එකක් මේක. ඒක නිසා net finance income එකක් මෙකට තියෙනවා. ROE එක 40% තියෙන සුපිරිම company එකක් මේක. Revenue growth එක බැලුවොත් වාහන වලින් 200% growth එකක් පෙන්නනවා. මේ ඔක්කොම එක්ක මෙකේ share price එක බලද්දි ගොඩක් undervalued company එකක් විදිහට මේක අදුර ගන්න පුලුවන්. Potential එක ඉතා වැඩී.

    මෙකේ revenue එකයි financial position එකයි බැලුවම, retail investor කෙනෙක්ට ගන්න පුලුවන් දැනට CSE එකේ තියෙන හොදම undervalued company එකක් තමයි ASHO කියන්නෙ. ඒ විතරක් නෙමේ 2026 අවුරුද්දේ අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් සුපිරි news ටිකක් තමා මේ,

    Significant Revenue Growth , Gvt bus ටෙන්ඩර් ලැබෙන්න පුලුවන් , Share එකේ value එක ගොඩක් වැඩි නිසා share split එකක් වෙන්න පුලුවන්, Gvt එකට cash ගන්න ලොලු divided එකක් දෙන්න පුලුවන් (දැනට රු 850/- Cash Per Share ) තියෙනවා. Export segment එක හරියට වැඩ කරොත් වෙනමම level එකකට මේක යන්න පුලුවන්.

    මේ ඔක්කොම බලද්දි ASHO එකේ investment එකක් දාලා අවු 2 hold කරොත්, හොද return එකක් ගන්න පුලුවන්.
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Significant Revenue Growth , Gvt bus ටෙන්ඩර් ලැබෙන්න පුලුවන් , Share එකේ value එක ගොඩක් වැඩි නිසා share split එකක් වෙන්න පුලුවන්, Gvt එකට cash ගන්න ලොලු divided එකක් දෙන්න පුලුවන් (දැනට රු 850/- Cash Per Share ) තියෙනවා. Export segment එක හරියට වැඩ කරොත් වෙනමම level එකකට මේක යන්න පුලුවන්.
    ලොල්ලන්ට විතරයිද dividend දෙන්නේ අපිට නැතෙයි :rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Lorry ithuru wenawane bn.
    ලොරි නම් ටිකක් හරි කමක් නෑ බන්. මිනිස්සු බර ගානක් දාගෙන යන්නෙ නැති නිසා. මුන්ගෙ බස් නම් බෑන් කරලම දාන්න ඕනෙ. කිසිම සේෆ්ටියක් නෑ.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලොරි නම් ටිකක් හරි කමක් නෑ බන්. මිනිස්සු බර ගානක් දාගෙන යන්නෙ නැති නිසා. මුන්ගෙ බස් නම් බෑන් කරලම දාන්න ඕනෙ. කිසිම සේෆ්ටියක් නෑ.
    Oya volvo agen da😄
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ලොරි නම් ටිකක් හරි කමක් නෑ බන්. මිනිස්සු බර ගානක් දාගෙන යන්නෙ නැති නිසා. මුන්ගෙ බස් නම් බෑන් කරලම දාන්න ඕනෙ. කිසිම සේෆ්ටියක් නෑ.
    Owaa kathaa krla wedak neti prashna bn.
    Quality safety bus over priced. Ewage manitanance cost ekath e wagema tamai.
    Ithin bus fair eka overprice unaama duppath minihek gamanak yanne kohomda kiyna prashne enawa. iita passe picket karai.
     
    • Sad
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    Oya volvo agen da😄
    Safety eka gana katha karanna wena agent kenek wenna oneda ban.

    Owaa kathaa krla wedak neti prashna bn.
    Quality safety bus over priced. Ewage manitanance cost ekath e wagema tamai.
    Ithin bus fair eka overprice unaama duppath minihek gamanak yanne kohomda kiyna prashne enawa. iita passe picket karai.
    tax gahala witharak gov income wadi karaganna ratawal walin wena monawa expect karannada ban. Moka awath ekai.
    ------ Post added on Oct 21, 2025 at 4:45 PM
     
    • Haha
    Reactions: Bam

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Last November, I bought shares at a price of Rs. 765/= per share.
    Now it is 4100/- per share 💰
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    fake walin baratama weda neh.. mama baluwa mokada parakku kiyala :lol:

    uba neda ASHO eka gena kiyanakota nahayen adapu eka. thama gatte nedda ? ohoma adaadama hitapan. Kiyapu welawe collect karaganna nethuwa eduwata wedak ne :lol: :lol:

    FAKE da nedda kiyala dapu ekama uththara dei. mata ettatama ubala wage un ekka argue karanna one ne :yes:
     
    • Love
    Reactions: Smartm