අපි වසර 2500ක් ගැන කතාකරන නමුත් කවුරුත් කතා නොකරන ලංකා භූමියේ මුල් පදිංචි කරුවෝ කවුද?
ලංකාවේ ආදී මිනිසා
තෙත් කලාපය තුළ අවුරුදු හතලිස් දහසේ සිට ජීවත් වූ බලංගොඩ මානවයාගේ තොරතුරු ලැබෙනා ගල් ලෙන් රාශියක් වේ. පාහියන් ලෙනේ මීට අවුරුදු හතලිස් අට දහසකට පෙර සිට ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වූහ. කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවන පැරණිම මානවයාගේ වයස අවුරුදු විසි අට දහසකි. කිතුල්ගල බෙලි ලෙනේ මානවයාගේ ඉතිහාසයද එතරම්ම පැරණිය. බෙල්ලන්බැඳිපැලැස්‌ස එළිමහන් භූමියෙන් හමුවන මිනිස්‌සු එතැන ජීවත්වීම පටන් අරන් තිබුණේ මීට අවුරුදු දොළොස්‌දහස් හත්සියයකට එපිටදීය.
අත්තනගල්ල අලවල ගුහාව
අත්තනගල්ල අලවල ගුහාවේ පුරාණ මානවයා එතැන ජීවත්ව සිටියේ මීට අවුරුදු දාහතර දහසකට එපිටිනි. මේ මිනිසුන් මෙම ලෙන් වල ජීවත් වූයේ අවුරුද්දේ එක් කාලයක් පමණි. වර්ෂා කාලයේදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සාපේක්‌ෂව සත්ත්ව ඝනත්වය අඩු තෙත් කලාපික වනාන්තර තුළ දඩයක්‌කාර අතීත මිනිසාට ජීවත්විය හැකි අවස්‌ථාවන් අවම වී තිබුණේය. ඒ කාලවලදී හේ තෙත් කලාපයෙන් පිටවූයේය. දඩබිම් සොයා ගියේය. බහුලව දඩයම් හමුවන ප්‍රදේශයන්හි වැඩි කාලයක් ගත කළේය.
මෙසේ පිටව වියළි කලාපයට පිවිසියේ යෑයි සිතිය හැකි මං පෙත් කීපයක් වේ. වර්ෂාව පැමිණීමත් සමග බටදොඹලෙනස, කිතුල්ගල, අත්තනගල්ල වැනි තෙත් කලාපික ප්‍රදේශවල ජීවත්වූ අතීත මානවයා බලංගොඩ කූරගල හරහා උඩවලව නිම්නය ඔස්‌සේ වියළි කලාපයට පිවිසුණහ. බෙල්ලන්බැඳිපැලැස්‌ස මේ ගමන්මගේ හමුවන එක් එළිමහන් භූමියකි. දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය. හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත්වූ මිනිස්‌සු නකල්ස් හරහා වස්‌ගමුව වනාන්තරයටත් එතැනින් මීමුරේ ඔස්‌සේ සීගිරියටත් එතැනින් උතුරු ප්‍රදේශයටත් සංක්‍රමණය වූහ.
ඒ අනුව ආදිකල්පික මානවයන් වියළි කලාපයෙන් තෙත් කලාපයටත්, තෙත් කලාපයෙන් වියළි කලාපයටත් පිවිසි ප්‍රධාන ප්‍රවේශ දෙක අතරින් උතුරු ප්‍රවේශය ගැන තොරතුරු සීගිරිය පොතාන ගුහාවෙන් ලැබෙන්නේය. දකුණු ප්‍රවේශය දැනටත් කැණීම් කරගෙන යන කූරගලින් මතුවන්නේය.
සම්භවය
300,000 කාලයෙහිදී හා 500,000 තරම් ඈත අතීතයෙහිදී ශ්‍රී ලංකාවෙහි පැරැණි ශිලා (හෝමෝ එරෙක්ටස්) ජනයා දිවි ගෙවූ බවට සාධක සොයා ගෙන ඇත. වපෙ 125,000 පමණ වන විට ශ්‍රී ලංකාව තුල ප්‍රාග් ඓතිහාසික ජනාවාස පැවැති බවට බලවත් සාක්ෂි පවතියි.
ක්‍රියුපෙ 1000 පමණ කාලයෙහිදී යකඩ කර්මාන්ත වෙතට සංක්‍රමණය වීම දක්වා ශ්‍රී ලංකාව තුල අවිච්ඡින්නව පැවැතුන බවට පෙන්නුම් කරන දෙවන ශිලා යුගය කාල සීමාවෙහි තදන්තර සංස්කෘතිය ට අයත් ලෙසින් කාල නිර්ණය කෙරී ඇති මානව විද්‍යාත්මක ලෙසින් වඩාත් නූතන මනුෂ්‍ය නෂ්ටාවශේෂ සොයා ගෙන ඇත. මෙම මධ්‍ය ශිලා සංස්කෘතිය හැඳින්වෙන්නේ බලංගොඩ සංස්කෘතිය ලෙසිනි.
ඔවුන්ගේ අස්ථීන් හැඩිදැඩි වූ අතර, ගනකමැති හිස්කබල-අස්ථින්ද, උන්නත බැම-ගැටිද, පහතට එබුනු නාසයන්ද, දැඩි හනුද සහ කෙටි ගෙලද සහිත වූහ. ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා.
බලගොඩ මානවයා විසු ලෙන්
මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට උසින් වැඩි ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි.ඝණ ඇහිබැම, පුළුල් නාසය, විශාල දත් හා ශක්තිමත් හකුපාඩා යන ලක්ශණවලින් යුතුවුනු බලංගොඩ මුත්තාගේ පරපුරේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දඩයක්කාර දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්.
හෝමෝ එරෙක්ටස්
කොහොම වුනත් අපි මතක තියාගන්න ඕනෑ බලංගොඩ මානවයා කියන්නේ වානරයාට සමානවුනු, පරිණාමය නොවූ, වඳුරුපෙනුමක් ඇති මිනිසෙකු නොවේ නූතන, බුද්ධිමත් හෝමෝ සැපියන් මානවයෙකු බවයි.
බලංගොඩ මානවයා පිලිඹිඹු කෙරෙන රූපසටහන් බොහොමයක ඔහුව නියැන්ඩර්තාල් ගණයේ මානවයෙකු ලෙස හෝ ඊටත් පැරණි අර්ධ මානවයෙකු ලෙස පෙන්නවනවා. මෙය ඉතාමත් වැරදි දැක්මක්
බලංගොඩ මිනිසාගේ මෙවලම් කට්ටලයෙහි විශිෂ්ටත්වය වූයේ, කුඩා (සෙමී 4 ට වඩා දිග අඩු) තිරුවාණ පතුරු සහ (දුලබ ලෙසින්) අර්ධ චන්ද්‍රාකාර, ත්‍රිකෝණාකාර සහ ත්‍රපීසියමාකාර හැඩ තල ගැන්වුනු කහඳු යන දෙයින් සමන්විතවූ ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාවන් එහි පැවැතීමයි. ශ්‍රී ලංකාවේ, හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එස්. යූ. දැරණියගල පවසන පරිදී, මෙවන් ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාවන් යුරෝපයෙහිදී පලමුවෙන් නිශ්චිත කෙරුණු මධ්‍ය ශිලා යුගයෙහි ප්‍රමුද්‍රාවක් ලෙසින් සාම්ප්‍රදායිකව සලකනුලැබෙයි.
යුරෝපයෙහි ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශීලාත්මක සම්ප්‍රදාය සඳහා ආදිතම දිනයන් ලෙස සැලකෙන්නේ වපෙ 12,000 පමණ කාලයයි.
එම නිසා මෙවැනි මෙවලම්,
31,000 තරම් ඈත අතීතයෙහිදී බටදොඹලෙන හිදී ද,
28,000 දී බුන්දල හි වෙරළාශ්‍රිත අඩවි දෙකකහිදී ද, සහ
වපෙ 30,000 ට පෙරදී බෙලිලෙන හිදී ද හමු වීම පුදුම දනවන සුලු විය.
කෘෂිකර්මය
සතුන් දඩයම සඳහා ගස් පුළුස්සා දැමූ මුල් මිනිසා වෙත මධ්‍ය කඳුකරයෙහි හෝටන් තැන්නේ සිටි බවට සාක්ශි හමුවෙයි. කෙසේවෙතත්, වපෙ 15,000 පමණ කාල නිර්ණය කෙරුනු ඕට් සහ බාර්ලි හෝර්ටන් සානුව මතදී සොයා ගැනීම නිසා ඒත්තු යන්නේ ඔවුන් කෘෂිකර්මයෙහි ද නියැලී සිටි බවයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ විද්‍යාඥයෙකු වන ආචාර්ය රත්නසිරි ප්‍රේමතිලක මහතා 2006 වසරේදී ඉන්දියාවේ ලක්නව් නුවර පැවැත්වුනු ඉපැරණි කෘෂිකර්මාණ්තය පිලිබඳව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වූ
"First Farmers in Global Perspective" සම්මන්ත්‍රණයට ඉදිරිපත් කල "The emergence of early agriculture in the Horton Plains, central Sri Lanka"
ලෙස නම්කොට තිබූ පර්යේෂණ නිබන්ධනයකට අනුව හෝර්ටන් තැන්නේ දඩයම් කරමින් සිටි බලංගොඩ මානවයා දඩයමට අමතරව ගොවිතැන් කිරීමද අරඹමින් දිවයිනේ පලමු ගොවීන් බවට පරිවර්තනය වෙමින් සිටි බව විද්‍යාත්මක සාක්ශි ඉදිරිපත් කරයි. පර්යේෂණ නිබන්ධනයේ අරමුණ පැහැදිලි කිරීම සඳහා ආචාර්ය ප්‍රේමතිලක මෙලෙස පවසයි........
"මෙම ලිපියේ උත්සාහය වන්නේ මධ්‍යම ශ්‍රී ලංකාවේ හෝර්ටන් තැනිතලාවේ පැලියෝ-පාරිසරික සොයාගැනීම් ස්වරූපයෙන් කෘෂිකර්මාන්තයේ මුල් සාක්ෂි සහ දේශගුණික විපර්යාස හා පුරාවිද්‍යාව සමඟ එහි ඇති සම්බන්ධතා පිළිබඳ විස්තරයක් සැපයීමයි ..."
හෝර්ටන් තැන්නේ පස් සාම්පල වලින් ලැබුණු පාෂාණිභූත පරාග (මල් රේණු ) රේඩියෝ-කාබන් ක්‍රමයට කාළනිර්ණය කිරීමෙන් එම පරාග ක්‍රි.පූ 5000 (මීට වසර 7000කට පෙර) කාළයට අයත් බව සනාතවී ඇති අතර ඒ අනුව හෝර්ටන් තැන්නේ ආදී මිනිසා ගිණිතබා පස සකස්කොට සිදුකරන හේන් ගොවිතැන් ක්‍රමයට (slash & burn cultivation) බෝග වගාකොට ඇති බවත් මෙම බෝගවල පරාග අතර පැරණි කැලෑ සහල්වලට (wild rice) අයත් පරාගද විශාල ලෙස හමුවූ බැවින් ආදී මුතුන්මිත්තා මීට වසර 7000කට පෙර හෝර්ටන් තැන්නේ හේන් ගොවිතැන් ක්‍රමයට වීවගාවේ යෙදෙන්නටද ඇත.
මීට අමතරව වී වගාව, යකඩ නිශ්පාදනය හා අශ්වයින් හා වෙනත් ගෘහාශ්‍රිත සතුන් ඇතිකිරීම පිලිබඳව සාක්ශි හමුවී ඇත්තේ ක්‍රි.පූ 900 නම් මීට වසර 2900කට පමණ පෙර අනුරාධපුරයෙනි.
(100% තහවුරු පුරාවිද්‍යා මූලාශ්‍ර ඇසුරිනි අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී )

Last edited: