ලංකා සම්බුද්ධ ශාසනය
භික්ෂුව, දේශපාලනය හා චිතකය
(රාජ්‍ය අනුග්‍රහය vs රාජ්‍ය උදහස)
පසුගිය වසර කිහිපය තුළ ලංකාවේ බොහෝ ස්වාමීන්වහන්සේලා අපවත්වෙන්න ඇති. ඒ අතරෙ සිදුවීම් තුනක් තියෙනවා වැදගත්. ඒ මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ ආදාහනය, දෙවැන්න රුවන්වැලි මහ සෑය අභියස අවුරුදු 21ක් භාවනා කළ ඉංගිරියේ විජිතවංශ හිමියන්ගේ ආදාහනය, සහ ඊයේ සිදුකළ ගුරුකන්දේ හාමුදුරුවන්ගේ ආදාහනය.
මේ ආදාහන තුන එක පෙලට තියල බැලුවොත් ලංකා සම්බුද්ධ ශාසනය අද පත්ව ඇති තත්වය ගැන මනා විවරණයක් ගෙන දෙනව. ඒක මම මෙහෙම කියන්නම්,
1. මාදුළුවාවේ සෝභිත හිමියන් තරුණ වියේ සිට දේශපාලනය
වෙනුවෙන් කැපවූ හිමිනමක් බව හැමදෙනෙක්ම දන්න කරුණක්. ජයවර්ධන ආණ්ඩුවේ සිට සිරිසේන ආණ්ඩුව දක්වා ආණ්ඩු පෙරලියේදී පෙරටුගාමීව ක්‍රියා කළ හිමිනමක් උන්වහන්සේ. ඒ නිසාම උන්වහන්සේට මවුන්ට් එලිසබත්හි දී අපවත් වෙන්නත්, රාජ්‍ය අනුගහයෙන් ආදාහනය සිදු කරන්නත්, වරම් ලැබුනා. ඒ මතුනොව එදින ජාතික ශෝක දිනයක් කරන්නත් රජය උන්වහන්සේට කෘතවේදී වුනා.
2. දෙවැන්න, මුදල් භාවිතයනේ පවා දුරස්ව අධ්‍යාත්මික අභිවෘද්ධිය උදෙසා කර්ය කළ ඔබ අප බොහො දෙනෙක් රුවන් වැලී සෑ මලුවේදී දැක පුරුදු ඉංගිරියේ විජිතවංශ හිමියන්ගේ ආදාහනය. උනවහන්සේගේ අදාහනය වෙනුවෙන් සැදැහැත්තන් විසින් ගොඩනැගුව චිතකය බලධාරීන් කඩා බිද දමන්නේ උන්වහන්සේට දේශපාලනමය බලයක් ගොඩනගානෙ නොතිබූ නිසා මිස පුරාවිද්‍යා භූමියක ගිනි දැල්විය නොහැකි නිසා නෙවේ. උන්වහන්සේ දැන උන්න එක ප්‍රාදේශීය දේශපාලකයෙක් වත් සිටියා නම් එය අල්ප සාවද්‍ය වරදක් වන්නට බොහො ඉඩ තිබිණි. විග්නේශ්වරන් මහතා පසුගිය දිනක පුරාවිද්‍යා බිමක ලිප් 150 බන්දවා මහා පූජාවක් කළ බව අප දැක්කෙමු.
3. තුන්වැන්න ගුරුකන්ද පන්සලේ හාමුදුරුවනගේ ආදාහන පූජාවයි. උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ චිතකය බදින්නට උසාවියෙන් තහනම් නියෝගයක් ගන්නට දේශපාලනය ප්‍රභල විය. ඒ දේශපාලන බලය ප්රතිවිරුද්ධව ක්රීයාත්මක වන අයුරුය හෙවත් රාජ්‍ය උදහසය.
මේ මෑතකාලීන සිදුවීම් පෙළ දෙස ඉතා සාවදානව බලා සිටිද්දී තරුණ භික්ෂුවට වක්‍රව කියන්නේ “නිදහස් චතුරශ්‍රය හරහා අවසන් ගමන් යන්නට නොව නිදහසේ චිතකයට ගිනි ටික දල්වාගන්න වත් ඕන නම් දේශපාලනය කරන්න” කියා නොවේද?
රතන හාමුදුරුවලාට ගංගාරාමේ සහ අභයාරාමේ හාමුදුරුවලාට නම් මවුන්ට් එලිසබත් ගොස් ගෝල්ෆේස් චිතකයක රේමන්ඩ් රන්සිවිගෙයකින් අවසන් ගමන් යන්නට සුදුසුකම් ඇතිමුත් දුප්පත් දායකයන් අමාරැවෙන් ගොඩනැගුව සෑයක අවසන් ගමන් යන්නට සිල්වත් ගමේ පන්සෙලේ හාමුදුරුවන්ටත් ඉඩක් නැතිවේද ?
උපුටා ගැන්ම FB