ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපේ මිනිස්සුන්ට හොද අයොජනයකට අවස්තාවක් ලැබුනත් ඒක මගහරිනවා.
    මුන් හිතන්නේ අයොජනය කලොත් පොලියත් නෑ මුදලත් නෑ කියලා. එකෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා සුලු පරිමාන්ය වයාපාරිකයට යන එනමන් නැතිවෙලා තියෙන්නේ.....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    lankawe middle class godak ayata waradina thanak thama.
    wahana ganna godak bara bare danneth ganu ayane.
    thawa kalayak yanaka bike eka hoda
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රත්තරං;17397723 said:
    වැරදීමක් වී ඇත. නිවැරදි කලෙමි :baffled::baffled::baffled:

    ".... ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ එකක් හෝ ඊට එහා එකකට යන්න ...."""


    Oya parana wahana wala EFI / Auto gear ganna epa :angry:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    රත්තරං;17397075 said:
    රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා

    රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් දියුනු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා

    මම දකින හේතු මේවා

    1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්‍යයි කියන බුදු බනත් බොරු.

    2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්‍රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ

    3. යම් මුදල් ප්‍රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම


    මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ එකකින් එහා එකකට යන්න බලන්න.:yes::yes: (වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි

    ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා:cool::cool:



    මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.


    "කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත:P:P

    මේ කතාව හරියටම හරි.අපේ අප්පච්චිට තියනවා lancer box එකක්.මම දන්නවා ඒකට යන වියදම්.දැන් ඒක විකුනලා අලුත් එක්කට යන්ඩ ඉන්නේ.අපි අනිවා ලක්ශ 25 එහා අලුත් එකක් ගන්නේ.පරන කාර් වලටනම් අහුවෙන්ඩ එපා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි මචං ඔය වාහන අව්රුදු විස්සක් විසි පහක් පාවිච්චි කරනකොට එක එක යූසර්ලා වවිධ අලුත් වැඩියාවන් කරනවනේ. ඒ නිසා තත්වේ එච්චරම නරක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බ්‍රේක් වොෂර් ගියොත් අපි අලුතින් දානවනේ. එතන ඉදන් අලුත් බ්‍රේක් වොෂර් තියන්නේ. අනිත් වැඩිපුර ක්ෂය වෙන කොටස් ඔය වගේ දාන නිසා වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. බලන්න ඔය පරණ වාහන වල රීප්ලේස් කරන්න වෙන කොටස් කවදාවත් වාහනෙත් එක්ක ඔරිජිනල් ආපුව නෙවෙයි. ඒවා නැවත නැවත අලුතින් දාලා පාවිච්චි කරපුවා. ඔය ගොඩක් ඉක්මනට ක්ෂයවෙන කොටස්වල මිලත් අඩුයිනේ.
    තවත් උදාහරණයක් විදිහට ටොයොටා පරණ හයිඑස් එක ගමු. (ෂෙල්) මගේ යාලුවෙක් ගාව 2 ක් තියනවා මිනිහ ඒව පාවිච්චි කරන්නේ ස්කූල් සර්විස් වලට, ඒ වාහන හොදම තත්වෙන් තියනවා. රෙපෙයාර් එකක් එන්නේ කලාතුරකින්. අනිත් එක බස් ගැන හිතන්න. දවසට කිලෝමීටර් 500 ට වැඩියෙන් දුවනවා. සමහර ඒවා මාසෙ ගානේ සහ ඊටත් අඩුවෙන් සර්විස් කරනවා. ඒත් හද්ද පරණ බස් තාම බදුල්ල කොළඹ වුනත් දුවනවා. පරණ ජීප් බලන්න තාම යකා වගේ තියන ඒව ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. මගේ නම් අදහස වාහනය පරණ වුන පලියටම ඒක නිකං යකඩ ගොඩක් නෙවෙයි කියන එකයි. හොදට හොයල ගත්තොත්, පාවිච්චිය, නඩත්තුව හොද නම් පරණ වාහනයක් වුනත් හොදට දුවන්න පුලුවන්.
    මම මේකෙන් කියන්නෙ නෑ චිරාත් කාලයක් එකම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා. ඒත් මචං ඔය ලක්ෂ 10 කියන මාජින් එකේ වැරැද්දක් තියනව කියලයි මට නම් හිතෙන්නේ.

    පාරේ යනවනම් පේනවා මචන්.ඕවා පේන තරම් සුන්දර නෑ බන්. ඔය ඇල්ටෝ මරුටි ගන්න උගක් උන් ගන්නේ ඕවා ලොට ගහලම එපා වෙලා. උබට මතකද මම අර 1995 ඉන්ටකූලර් එකක් ගෙනත් ත්‍රෙඩ් එකක් දැම්මා.අයියෝ වින්ද දුකක්. බලපන් පාරකට බැහැලා ඉන්ටකූලර් පෙජරෝ දුවන්නේ නිකන් බ්‍රෑන්ඩ් නිව් වගේ. ඒත් උඩින් ඔපේ යටින් හපේ

    මනුස්සයෙකුත් ජීවත් වෙන්නේ අව්රුදු කීයද. ඉතින් අව් රුදු 20-25ක් පරන වාහන ගැන කුමන කතාද. මචන් කෑල්ලක් කෑල්ලක් ගානේ එක පාර ලෙඩ එන්න ගන්නවා. අලුත් එකක එකක් ඇවිත් තව එකක් එන්න කල් යනවා.

    තවත් දෙයක් වෑන් බස් ලොරි වගේ නෙමේ කාර්, සද්ද එද්දි දෙදරද්දි කාර් එකක් පාවිච්චි කරන්න අමාරුයි. වෑන් නම් ඔය LH30 එහෙම රෝද කැරකෙනවනම් බ්‍රේක් වදිනවනම් දිව්ව

    කොහොම උනත් මොන වාහනේට යනවද කියන එක පවතින තත්වය මතත් රදාපවතිනව. හිතපන් වයිෆ් ප්‍රෙග්නන්ට්. අතේ තියෙන්නේ ලක්ශ 5යි. බයික් ගන්නද, බෑනේ. 5කට මොකක් හරි නොතෙමී යන්න පුලුවන් රෝද හතරක් ගන්න වෙනව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කතාවේ වැරද්දක් නැත. ලක්ෂ 15ක් අතේ තියනවනම්. එහෙම නැත්නම් අරන් මාස කීපයකින් තව ලක්ෂ 2-3ක් දාන්න පුළුවන් නම් 10කට වාහනයක් ගත්තාට වරදක් නෑ.ඒවගේම තමයි මරුටියක් අරන් පදින්න හිත හදාගන්න පුළුවන් නම්...

    දැන් මාර්කට් එකත් එක්ක ලක්ෂ 20 ට අඩුවෙන් ෂුවර් කරලා ගන්න පුළුවන් වාහනයක් නෑ බන්.මොක ගත්තත් ලෙඩ එන්න තියන සම්භාවිතාවය වැඩියි.

    අනිවාරෙන්ම මචන්

    ඔය බැබලි බැබලි තිබ්බට එහෙමත් කාර් එකක් තමා ඔලුවේ කැක්කුමක් නැත්තිව පාවිච්චි කරන්න පුලුවන්

    වෙලා තියෙන්නේ අමන ටැක්ස් එකක්නේ බන් තියෙන්නේ. ලෝකෙන් වාහන ගනන් වැඩිම රට ලංකාව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    aniwarenma machan samanya minihen gattoth nam belle wala daganna wenne

    මෙන්න ඉතින් අද්දැකීම් තියෙන මිනිස්සුම කියනවා :yes::yes::yes:


    ඒක තමයි මචෝ මම කිව්වේ. හුගක් වෙලාවට ඔය ගනන් වලට ගන්නේ පලවෙනි කාර් එක ගන්න වාහන ගැන නොදන්න උන්. උන්ට ලබන ආත්මෙටත් එක්ක වාහන එපා වෙනව ඊට පස්සේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ මිනිස්සුන්ට හොද අයොජනයකට අවස්තාවක් ලැබුනත් ඒක මගහරිනවා.
    මුන් හිතන්නේ අයොජනය කලොත් පොලියත් නෑ මුදලත් නෑ කියලා. එකෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා සුලු පරිමාන්ය වයාපාරිකයට යන එනමන් නැතිවෙලා තියෙන්නේ.....

    අතේ තියෙන කරටි ගානට වාහන ගන්න නිසා තමයි මචන් අලුත් මොඩල් එකයි පරන මොඩල් එකයි අතර මිල වෙනස අඩු වෙලා තියෙන්නෙත්(ex allion 260 2007- 35/36 , allion 240 2007 - 34/35 ). ලක්ශ 30ක් එකතු කරන එකාට ඒක 31 කරගන්න බෑ, මොකද කරටියටම හිරකරල වාහන ගන්නේ.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබේ කතාව ඇත්ත මචන්..මේ රටේ ලබ්බේ ටැක්ස් එක නිසානේ බං වාහන මෙච්චර ගිනි ගණන්...වෙන රටවල වගේ වාහන මෙහෙත් ලාබ උනා නම් මේ පරන කාර් කවුරුත් දුවන්නේ නෑ...පරණ කාර් වලට ආස අය විතරක් එකතුවක් විදියට ලස්සනට තියා ගනී..ඉතුරු වාහන ඔක්කොම එහෙනම් මෙලහකට උණු කරලා..ඈස්චර්යට පින් සිද්ද වෙන්න ඔන්න දුප්පතාගේ වාහනේ වෙච්චි මෝටර් සයිකලෙත් 10 000කින් විතර ගණන් ගිහින්..

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17400179 said:
    උබේ කතාව ඇත්ත මචන්..මේ රටේ ලබ්බේ ටැක්ස් එක නිසානේ බං වාහන මෙච්චර ගිනි ගණන්...වෙන රටවල වගේ වාහන මෙහෙත් ලාබ උනා නම් මේ පරන කාර් කවුරුත් දුවන්නේ නෑ...පරණ කාර් වලට ආස අය විතරක් එකතුවක් විදියට ලස්සනට තියා ගනී..ඉතුරු වාහන ඔක්කොම එහෙනම් මෙලහකට උණු කරලා..ඈස්චර්යට පින් සිද්ද වෙන්න ඔන්න දුප්පතාගේ වාහනේ වෙච්චි මෝටර් සයිකලෙත් 10 000කින් විතර ගණන් ගිහින්..


    කොල්ලෝ මැරීගෙන වොක්ස්වැගන් හදනවා - හදල පදිනවද? නෑ... මාස දෙකෙන් "ඉක්මන්" එකේ

    කොල්ලෝ මැරීගෙන පරන කාර් මොඩිෆයි කරනවා - කරල එකෙක් පදිනවද? නෑ... දෙතුන් මාසෙන් විකුන්නන දානවා

    ඕවා එකින් එක ලෙඩ එනකොට අල්ලලවත් නවත්තන්න බෑ