රත්තරං;17397723 said:වැරදීමක් වී ඇත. නිවැරදි කලෙමි
".... ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ එකක් හෝ ඊට එහා එකකට යන්න ...."""

රත්තරං;17397075 said:රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා
රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් දියුනු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා
මම දකින හේතු මේවා
1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්යයි කියන බුදු බනත් බොරු.
2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ
3. යම් මුදල් ප්රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම
මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ එකකින් එහා එකකට යන්න බලන්න.(වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි
ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා
මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.
"කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත![]()
මෙහෙමයි මචං ඔය වාහන අව්රුදු විස්සක් විසි පහක් පාවිච්චි කරනකොට එක එක යූසර්ලා වවිධ අලුත් වැඩියාවන් කරනවනේ. ඒ නිසා තත්වේ එච්චරම නරක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බ්රේක් වොෂර් ගියොත් අපි අලුතින් දානවනේ. එතන ඉදන් අලුත් බ්රේක් වොෂර් තියන්නේ. අනිත් වැඩිපුර ක්ෂය වෙන කොටස් ඔය වගේ දාන නිසා වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. බලන්න ඔය පරණ වාහන වල රීප්ලේස් කරන්න වෙන කොටස් කවදාවත් වාහනෙත් එක්ක ඔරිජිනල් ආපුව නෙවෙයි. ඒවා නැවත නැවත අලුතින් දාලා පාවිච්චි කරපුවා. ඔය ගොඩක් ඉක්මනට ක්ෂයවෙන කොටස්වල මිලත් අඩුයිනේ.
තවත් උදාහරණයක් විදිහට ටොයොටා පරණ හයිඑස් එක ගමු. (ෂෙල්) මගේ යාලුවෙක් ගාව 2 ක් තියනවා මිනිහ ඒව පාවිච්චි කරන්නේ ස්කූල් සර්විස් වලට, ඒ වාහන හොදම තත්වෙන් තියනවා. රෙපෙයාර් එකක් එන්නේ කලාතුරකින්. අනිත් එක බස් ගැන හිතන්න. දවසට කිලෝමීටර් 500 ට වැඩියෙන් දුවනවා. සමහර ඒවා මාසෙ ගානේ සහ ඊටත් අඩුවෙන් සර්විස් කරනවා. ඒත් හද්ද පරණ බස් තාම බදුල්ල කොළඹ වුනත් දුවනවා. පරණ ජීප් බලන්න තාම යකා වගේ තියන ඒව ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. මගේ නම් අදහස වාහනය පරණ වුන පලියටම ඒක නිකං යකඩ ගොඩක් නෙවෙයි කියන එකයි. හොදට හොයල ගත්තොත්, පාවිච්චිය, නඩත්තුව හොද නම් පරණ වාහනයක් වුනත් හොදට දුවන්න පුලුවන්.
මම මේකෙන් කියන්නෙ නෑ චිරාත් කාලයක් එකම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා. ඒත් මචං ඔය ලක්ෂ 10 කියන මාජින් එකේ වැරැද්දක් තියනව කියලයි මට නම් හිතෙන්නේ.
කතාවේ වැරද්දක් නැත. ලක්ෂ 15ක් අතේ තියනවනම්. එහෙම නැත්නම් අරන් මාස කීපයකින් තව ලක්ෂ 2-3ක් දාන්න පුළුවන් නම් 10කට වාහනයක් ගත්තාට වරදක් නෑ.ඒවගේම තමයි මරුටියක් අරන් පදින්න හිත හදාගන්න පුළුවන් නම්...
දැන් මාර්කට් එකත් එක්ක ලක්ෂ 20 ට අඩුවෙන් ෂුවර් කරලා ගන්න පුළුවන් වාහනයක් නෑ බන්.මොක ගත්තත් ලෙඩ එන්න තියන සම්භාවිතාවය වැඩියි.
aniwarenma machan samanya minihen gattoth nam belle wala daganna wenne



අපේ මිනිස්සුන්ට හොද අයොජනයකට අවස්තාවක් ලැබුනත් ඒක මගහරිනවා.
මුන් හිතන්නේ අයොජනය කලොත් පොලියත් නෑ මුදලත් නෑ කියලා. එකෙක් දෙන්නෙක්ගෙ වැරදි නිසා සුලු පරිමාන්ය වයාපාරිකයට යන එනමන් නැතිවෙලා තියෙන්නේ.....
බුම්ප්
ජන්තු අයියා;17400179 said:උබේ කතාව ඇත්ත මචන්..මේ රටේ ලබ්බේ ටැක්ස් එක නිසානේ බං වාහන මෙච්චර ගිනි ගණන්...වෙන රටවල වගේ වාහන මෙහෙත් ලාබ උනා නම් මේ පරන කාර් කවුරුත් දුවන්නේ නෑ...පරණ කාර් වලට ආස අය විතරක් එකතුවක් විදියට ලස්සනට තියා ගනී..ඉතුරු වාහන ඔක්කොම එහෙනම් මෙලහකට උණු කරලා..ඈස්චර්යට පින් සිද්ද වෙන්න ඔන්න දුප්පතාගේ වාහනේ වෙච්චි මෝටර් සයිකලෙත් 10 000කින් විතර ගණන් ගිහින්..