ලක්ෂ්මන් කදිරගාමර්

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ලක්ෂ්මන් කදිරගාමර්

    ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය තාන්ත්‍රිකයා- ලක්ෂ්මන් කදිරගාමර්​

    UWhqWNO.png

    මෙරට ආරක්ෂක බුද්ධි ඒකකයන් හි දැවැන්ත හිඩැසක් ඇති බවට පෙන්නුම් කළ ප්‍රධාන සිදුවීමක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය හඳුන්වා දිය හැකි යි. 2005 අගෝස්තු 12 දා රාත්‍රියේ සිදු වූ මෙම ඝාතනයෙන් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව ලෝකයේ බොහෝ රටවල පැසසුමට බදුන් වී සිටි මේ අසහාය පුරුෂයා මරණයට පත්වෙනවා.

    1932 අප්‍රේල් 12 වන දා කොළඹ දී උපත ලබන ලක්ෂ්මන් කදිරගාමර් ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බිහි වූ කීර්තිමත් ම විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස හැදින්විය හැකියි. ඔහු ඒ තරම් විදෙස් රාජ්‍ය ත්‍රාන්තික කටයුතු සඳහා දක්ෂතාවයක් දැක් වූ පුද්ගලයෙකි.

    ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යවරයෙක් ලෙස අවස්ථා දෙකක දී කටයුතු කළ මහත්මා දේශපාලනයේ නියැලුණු ලක්ෂ්මන් කදිරගාමර්, වරෙක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට ද යෝජනා වෙනවා.



    අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද එකලෙස දස්කම් දැක්වූ කදිරගාමර්

    nJSvn6Y.jpg

    ලක්ෂ්මන් කදිරගාමර් (DBS Jeyaraj)


    කොළඹ දමිළ පවුලක 1932 වසරේ අප්‍රේල් මාසයේ 12 වන දා උපත ලබන ලක්ෂ්මන් කදිර්ගාමර් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කොළඹ C.M.S. Ladies විද්‍යාලයට ඇතුළත් වෙනවා. දෙවන ලෝක යුධ සමයේ ජපන් හමුදාව කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කරයි යන සැකය මත එම සමයේ කොළඹ සිටි ප්‍රභූ පවුල්වල දරුවන් මධ්‍යම පළාතේ පාසල්වලට ඇතුළු කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්ෂ්මන් කදිරගාමර් සිය ද්විතික අධ්‍යාපනය ලබන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන්.

    එහිදී ක්‍රීඩාව සඳහා දස්කම් දැක්වූ ලක්ෂ්මන් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනවා. දක්ෂ රගර් ක්‍රීඩකයෙකු ලෙස ද, විද්‍යාලීය ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු කළ ඔහු ත්‍රිත්ව විද්‍යාලයේ සෑම අතකින්ම දක්ෂ ශිෂ්‍යාට හිමිවන සම්මානය දිනා ගන්නවා.

    පාසල් අධ්‍යාපනයෙන් පසුව ලංකා සරසවියට ඇතුළු වී තම නීති උපාධිය ලබා ගන්නා ඔහු 1955 වසරේ දී අධි නීතීඥයෙකු ලෙස දිවුරුම් දෙනවා.

    ඉන්පසු ව මෙම දක්ෂ සිසුවාට තවදුරටත් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔක්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. 1956 සිට 1959 දක්වා එම සරසවියේ තම ඉගෙනුම් කටයුතු කරගෙන යන ඔහු 1959 දී ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා බවට පත් වූ දෙවන ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින්. 1959 බැරිස්ටර්වරයෙකු ලෙස ලන්ඩනයේ සේවය කිරීමට ද අවස්ථාවක් ලැබෙනවා.



    නීති ක්‍රියාකාරිකයෙක් ලෙස

    FKBWd7G.jpg

    මෙරට බිහි වූ විශිෂ්ට විදේශ ඇමතිවරයා (Daily FT)

    පසුව ලංකාවට පැමිණෙන ඔහු 1962 අසාර්ථක රාජ්‍ය කුමන්ත්‍රණයේ විත්තිකරුවන් වෙනුවෙන් තම නීති උපදේශ ලබා දෙනවා. 1963 වසරේ දී ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වුණු Amnesty International නම් රාජ්‍ය නොවන සංවිධානයක නීති උපදේශනය සඳහා යොමුවෙනවා. එවකට දකුණු වියට්නාමය පාලනය කළ එරට ජනාධිපතිවරයා වන Ngo Dinh Diem තම රට තුළ බෞද්ධාගමික සංහාරයක් සිදුකරන බව ජාත්‍යන්තර චෝදනා එල්ල වෙනවා. ඒ පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා Amnesty International ආයතනයේ නියෝජිතයා ලෙස දකුණු වියට්නාමය බලා යන්නේ ලක්ෂ්මන් කදිරගාමර්. එය එම ආයතනය විදෙස් රටක කළ පළමු විමර්ශනය යි.

    1971 ජනතා විමුක්ති පෙරමුණේ කැරලි සමයේ නැවතත් ලන්ඩනය බලා යන ඔහු, එහි වසර තුනක් පමණ සේවය කරනවා. 1976 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (International Labour Organization) උපදේශකයෙකු ලෙස තේරී පත් වෙනවා. 1983 වසරේ දී එම ආයතනයේ ආසියා පැසිෆික් අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙනවා.

    මෙම කාලය අතරතුර නීතිය සම්බන්ධව ලිපි හා ග්‍රන්ථ කිහිපයක් සම්පාදනය කිරීමට කටයුතු කරන ඔහු එක්සත් ජාතීන්ට අනුබද්ධ World Intellectual Property Organization හි සහකාර අධක්ෂ ජනරාල් බවට පත්වෙනවා. 1988 වසරේ එම සංවිධානයෙන් ඉවත් වී නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.



    ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

    ecdrqcY.jpg

    මහින්ද රාජපක්ෂ සමග (Groundviews)


    1988 කැරැල්ල අතරතුර යළි ලංකාවට පැමිණි කදිර්ගාමර්, තම නීති වෘත්තියේ නිරත වූ අතර කිසිඳු පක්ෂ දේශපාලනික ක්‍රියාකාරකමක් සඳහා සහභාගී වෙන්නේ නෑ.

    මෙම සමයේ උතුරේ හා දකුණේ සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය ද එවකට පැවති ආණ්ඩුවේ සාහසික මර්දනය ද ඔහු හෙළාදුටු බව වාර්තා වෙනවා. 1991 වසරේ දී ඔහු ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙනවා.

    1994 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත්වෙන අතර, චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් පොදු පෙරමුණ පක්ෂය රටේ බලය ලබා ගන්නවා. මෙම අවස්ථාවේ දී පොදු පෙරමුණ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලක්ෂ්මන් කදිරගාමර්ට හිමිවෙනවා. එකඳු දේශපාලන රැළියක් හෝ අමතා නොතිබුණු ඔහු එම රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක කටයුතු කරනවා.



    LTTE සංවිධානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීම


    nxijubI.jpg

    තම මුණුපුරෙක් සමග (Colombo Telegraph)

    2001 වසර වන තුරු විදේශ ඇමතිවරයා ලෙස සේවය කළ ඔහු, කරන ලද ප්‍රධානතම කාර්යය වන්නේ බෙදුම්වාදී LTTE සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය පියවර ගැනීම යි. ඒ අනුව ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍ය විසින් LTTE සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධානයක් බවට පත් කරන්නේ 1997 හා 2001 යන වසරවල දී යි. මීට අමතරව බොහෝ යුරෝපියානු රටවල කොටි සංවිධානය තහනම් වන්නේත් ලක්ෂ්මන් කදිරගාමර්ගේ කරුණු දැක්වීම් මත යි. මේ කාලය තුළ ඔහු සාර්ක් සංවිධානයේ හා තවත් කලාපීය සංවිධානවල තනතුරු හොබවනවා.

    2001 වසරෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ විදෙස් කටයුතු පිළිබඳව උපදේශකවරයා ලෙස කටයුතු කරන අතර, සටන් විරාම කඩ කරන LTTE සංවිධානය හා ඊට මැදිහත්වෙන නොර්වේ රාජ්‍ය ද ලක්ෂ්මන් කදිරගමර්ගේ දැඩි විවේචනයට පාත්‍ර වෙනවා.

    2004 වසරේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණය ජයග්‍රහණය කරන අතර, ලක්ෂ්මන් කදිරගාමර්ව අග්‍රාමාත්‍ය ධූරයට නිර්දේශ වෙනවා. නමුත් අගමැතිවරයා බවට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ යි. ඉන් දින කිහිපයකට පසු ඔහු නැවතත් විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා බවට පත් වෙනවා.



    ස්නයිපර් ප්‍රහාරයකට ලක්වීම

    c2Wiypl.jpg

    ගුණසමරුවක් (Ministry of Foreign Affairs Sri Lanka)

    LTTE සංවිධානයෙන් ජීවිත තර්ජන එල්ල වී ඇති ප්‍රධාන පෙළේ දේශපාලකයෙකු ලෙස ඔහුව මේ වන විට නම් වී තිබෙන බැවින් ඔහුට කමාන්ඩෝ ආරක්ෂාව හිමි වී තිබෙනවා. ආරක්ෂක අංශවල දෑස්වලට වැලි ගසමින් 2005 වසරේ අගෝස්තු 12 වන දා රාත්‍රියේ ඔහුගේ පෞද්ගලික නිවසේ නාන තටාකයේ සිටි ඔහුව ඉලක්ක කර තැබූ ස්නයිපර් වෙඩි ප්‍රහාර කිහිපයක් හේතුවෙන් ඔහු මරණයට පත්වෙනවා.

    වසර දෙකකට පසුව ප්‍රහාරය සම්බන්ධ LTTE සැකකරුවන් නිදහස් වෙන අතර, එයට හේතුව වන්නේ ඝාතනය පිළිබඳව ඇති සාක්ෂ්‍ය ඔප්පු කිරීමට නොහැකි වීම යි. මේ හේතුවෙන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ LTTE සංවිධානය විසින්ම ද යන සැකය ඉතුරු වී තිබෙනවා.


    Based :
    army.lk
    lki.lk
    mfa.gov.lk
    bbc.co.uk
    thehindu.com

    FytLzMl.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    අර ටෝක් විත් චතුර එකට ආපු බුද්ධි අංශෙ කෙනා කියනවා නේද මේක වෙන්න කලින් කියලා තිවුනා කියලා
    මම හිතන්නෙ කවදාවත් ස්නයිපර් කෙනෙක්ව යූස් කරයි කියලා හිතන්න නැතිව ඇති
    සූසයිඩ් බොම්බර් කෙනෙක් එයි කියලා ආරක්‍ශාව දීල තියන්න ඇති ඒත් ස්නයිපර් කෙනෙක් වලක්වන්න වෙනම ගේමක් දෙන්න වෙනවානේ
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අර ටෝක් විත් චතුර එකට ආපු බුද්ධි අංශෙ කෙනා කියනවා නේද මේක වෙන්න කලින් කියලා තිවුනා කියලා
    මම හිතන්නෙ කවදාවත් ස්නයිපර් කෙනෙක්ව යූස් කරයි කියලා හිතන්න නැතිව ඇති
    සූසයිඩ් බොම්බර් කෙනෙක් එයි කියලා ආරක්‍ශාව දීල තියන්න ඇති ඒත් ස්නයිපර් කෙනෙක් වලක්වන්න වෙනම ගේමක් දෙන්න වෙනවානේ

    ඔව් වෙන්න පුලුවන් මචං. කොහොමත් ටෙරාලා හිතන්නෙ අපිට වඩා වෙනස් විදියටනෙ
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කදිරගාමර් මහත්තයා කව්ද, දැන් ඉන්න ලෝකේ හොඳම විදෙස ඇමති (හු..ගේ පුතා) එක්ක බලද්දී......
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවෙන් බිහි වුන අතලොස්සක් මහත්මා දේශපාලනයේ නිරත වුනු නියම නායකයෙක්.

    :yes::yes::yes:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    දෙමළ අන්තවාදයට දෙමළ මනුස්සයෙක්ම එරෙහි වුණා... :love:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මම හිතුවේ ලක්ෂ්මන් කිව්වහම අර ලක්ෂමන් කිරිඇල්ල කියන වේ^ගේ පුතාට හමුදුරුවරු නම්බු නාමයක්වත් දීලා ඇති කියලා කරන මෙහෙවරට
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මේ වගේ මිනිස්සු බිහි උනේ අපේ රටේ පිනකට. ඒත් දැන්?
     

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    මගේ මතකය හරි නම් මෙතුමා තමයි වෙසක් පොහොය අන්තර්ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන්නෙ. වැරදි නම් නිවැරැදි කරන්‍ට