ලක්ෂ ගණනක ම ජනතාව මහමඟ අතරමං කළ දුම්රිය වර&#35

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ලක්ෂ ගණනක ම ජනතාව මහමඟ අතරමං කළ දුම්රිය වර&#35

    ම්රිය වර්ජනය මෙහෙය වූ ලොක්කන්ගේ පැටිකිරිය මෙන්න

    නියාමක සංගම් සභාපතිගේ දළ වැටුප එක්ලක්ෂ 5,000යි

    ලොකෝමෝටිව් සංගම් සභාපතිගේ දළ වැටුප එක්ලක්ෂ 19,000යි

    වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරුට 95,000යි

    අධීක්ෂණ කළමනාකරුවන්ගේ සංගම් සභාපතිට 95,000යි

    ඇතැමුන්ගේ පඩි GM ගේ පඩියටත් වැඩියි
    පැය 500-600 අතිකාල දීමනා අරන්
    ලොක්කන්ට එරෙහි පරීක්ෂණ යට ගහලා
    විගණන විමසුම්වලටත් පිළිතුරු නැහැ
    විජයානි එදිරිසිංහ

    N-Train.jpg


    දුම්රිය සේවකයන්ගේ පැය 48 වැඩ වර්ජනය මෙහෙයවූ දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ සභාපතිවරයා ප්‍රමුඛ සෙසු පිරිස වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා වැඩ වර්ජනය කළත් ඔවුන් මාසිකව රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබාගන්නා බව හෙළිකර ගැනීමට 'දිනමිණ' ට හැකි විය.


    ඒ අනුව මේ වර්ජනයේ මූලිකත්වය ගෙන කටයුතු කළ 'ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස්' සංගමයේ සභාපති අයි.එල්.කේ. දිසානායක (එන්ජින් ඩ්‍රයිවර් EMP NO 35586) මහතාගේ දළ වැටුප එක්ලක්ෂ දහනවදහස් හාරසිය පනස් නවයයි ශත තිස් එකකි (රු. 119,459.31).

    දුම්රිය නියාමක සංගමයේ සභාපති ආර්.ආර්.කේ. අබයසිරි (දුම්රිය නියාමක EMP NO 511021) මහතාගේ දළ වැටුප රුපියල් එක්ලක්ෂ පන්දහස් එකසිය විසිහයයි ශත තිස්හතකි (105,126.37).


    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති පී.ඒ.එස්. වර්ණසූරිය (EMP NO 618454) මහතාගේ දළ වැටුප රුපියල් අසූදෙදහස් හාරසිය හැත්තෑ එකයි ශත තිස්හතකි (82,471.37)

    දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන්ගේ සමිති සම්මේලනයේ සභාපති එස්.ජී. සෝමසිරි (EMP NO 900727) මහතාගේ මාසික දළ වැටුප රුපියල් අනූතුන්දහස් හත්සිය හැත්තෑ අටයි ශත අනූ දෙකකි (93,778.92).
    අධීක්ෂණ කළමනාකරුවන්ගේ සමිති සම්මේලනයේ ලේකම් කේ.ඩබ්ලිව්.පී. රණසිංහ (EMP NO 900695) මහතාගේ වැටුප රුපියල් අනූපන්දහස් එකසිය තිස්හතයි ශත හැටනවයකි (95,137.69).

    දුම්රිය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩබ්ලිව්. එන්. ජේ. ප්‍රනාන්දු (EMP NO 511102) මහතාගේ දළ වැටුප රුපියල් අනූපන්දහස් එකසිය එකොළහයි ශත දහනවයකි (95,111.19).
    ඊට අමතරව මෙම වැඩ වර්ජනයට මූලිකත්වය දුන් දුම්රිය එන්ජින් රියැදුරන් වූ ඒ.ඒ.ඩී.පී. අලහකෝන් මහතාගේ මාසික දළ වැටුප රුපියල් අනූඅටදහස් නවසිය හතළිස් හයයි ශත තිස්තුනකි (98,946.33). එම්.පී. රුද්‍රිගුගේ වැටුප එක්ලක්ෂ තුන්දහස් නවසිය හැටයි ශත තිස්තුනකි (103,960.33).

    දුම්රිය නියාමකවරුන් වන වී.ජී.එන්.පී. විතාරණ මහතාගේ දළ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් හතරදහස් හයසිය පනස් අටයි ශත පනස් පහකි (144,658.55). බී.එස්.එච්.ඒ. රාජපක්ෂ එක්ලක්ෂ දාහතරදහස් හාරසිය එකයි ශත විසිහතකි (114,401.27). පී.ඩී.එස්. අජිත් ජානකගේ එක්ලක්ෂ හාරදහස් දෙසිය පනස් පහයි ශත දොළහයි (104,255.12). පී.ඒ. ප්‍රීති විරාජ් මහතාගේ වැටුප එක්ලක්ෂ එක්දහස් නවසිය විසි හතරයි ශත අනූවයි (101,924.90).

    කේ.ආර්. අජිත් සුසන්ත එක්ලක්ෂ විසිහත්දහස් පන්සිය හැත්තෑ හතරයි ශත පහයි (127,574.05). එච්.එම්.අයි. බණ්ඩාර එක්ලක්ෂ තිස්අට දහස් නවසිය විසි හතයි ශත හතළිස්තුනයි (138,927.43) ඒ.ඒ. ධර්මදාස අනූපන්දහස් අටයි ශත තිස්හතයි (95,0008.37). ජී.ජී. විල්බට් එක්ලක්ෂ හතළිස් හයදහස් පන්සිය හතළිස් තුනයි ශත දාහතයි (146,543.17).

    දුම්රිය ස්ථානාධිපතිවරුන් වන ආර්.එස්.එස්.එච්.එම්.එච්.බී. හේරත් මහතාගේ වැටුප රුපියල් අසූහත්දහස් එකසිය හතළිහයි ශත අසූහයයි (87,140.86). එන්.එස්. ඩබ්ලිව්. සොයිසා අනූදෙදහස් දෙසිය හැත්තෑඑකයි ශත තිස්නවයයි (92,271.39). ඩබ්ලිව්. පී. සරත් කුමාර අසූනවදහස් අටසිය පනස් හතයි ශත විසිපහයි (89,857.25).

    දුම්රිය වැඩපොළ කළමනාකරුවන් වන කේ.ඒ.සී.ජී. විමලසේන මහතාගේ මාසික වැටුප රුපියල් අසූදහස් නවසිය අසූහතයි (80,987.09). එල්. රණසිංහ හැත්තෑ එක්දහස් අටසිය අසූඑකයි (71,881.96). බී.ඒ.සී. බේරුගොඩ අනූඑක්දහස් හාරසිය අසූඅටයි ශත තිස්අටයි (91,488.38). එච්.ජේ. ආර්. ෆොන්සේකා හැත්තෑනවදහස් තිස් නවයයි ශත හතළිහයි‍ (79,039.40) සහ ගොඩනැගිලි පරීක්ෂක කේ.ඩබ්ලිව්.පී. රණසිංහ මහතාගේ වැටුප රුපියල් අනූපන්දහස් එකසිය තිස් හතකි (95,137.69).

    වර්ජනය මෙහෙය වූ දුම්රිය රියදුරු දිසානායක මහතා අතිකාල වශයෙන් මසකට රුපියල් හැත්තෑදහසක මුදලක් ලබන අතර සෙසු පිරිසද ඒ හා සමාන අතිකාල දීමනාවක් ලබති.

    සාමාන්‍යයෙන් රජයේ නිලධාරියෙකු දිනකට සේවය කළ යුතු සේවා කාලය පැය අටකි. අතිකාල වශයෙන් තවත් පැය ගණනාවක් ඇතුළත් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහත තනතුරු සඳහා අතිකාල පැය ගණනාවේ සීමාවක් නොමැත.

    ඔවුන්ගේ වැටුප් විස්තර පරීක්ෂා කිරීමේදී මසකට ඇති පැය 720 ඔවුන්ට නියමිත රාජකාරී සහ අතිකාල වලට යොදා ඇති පැය ගණනාව සසඳා බලන විට ඔවුන් රැයක් දවාලක් නොමැතිව කිසිදු නිවාඩුවක් ලබා නොගෙන පැය හයසියය ඉක්ම වූ කාල‍යක් සේවය කර ඇති බවයි.

    දුම්රිය රියැදුරකුට එක් දුම්රිය ගමන් වාරයකින් පසු පැය නවයක විවේකයක් හිමිවෙයි. එහෙත් ඔවුන් එම විවේකය ලබා නොගෙන වැඩ කර ඇති බව අතිකාල වලින් පෙන්නුම් කරයි. එහෙත් දුම්රිය රියැදුරු කාලසටහන් වාර්තාවේ ඔවුන් කිසිදු දුම්රියක එම කාලය තුළ සේවය කළ බවක් නොපෙන්වයි.
    එනම් දුම්රිය තුළ නොසිට ඉන් බැහැරව සිටි අවස්ථාවන්ද දුම්රියේ සේවය කළ බවට සඳහන්ව තිබේ.

    මෙම වැටුප් ආදායම සලකා බැලීමේදී මෙම වර්ජකයින්ගේ වැටුප් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ වැටුපටත් වඩා වැඩි බව අනාවරණය වෙයි.
    මේ අතර දුම්රිය වර්ජකයන්ගේ දූෂණ වංචා රැසක් හෙළි වී ඇති අතර දුම්රිය සේවා කාලය තුළදී එක් රියැදුරෙකු බරපතළ වැරදි විශාල ප්‍රමාණයක් සිදු කර ඇතත් ඒවාට එරෙහිව ඇති පරීක්ෂණ ගණනාවක් යටපත් වී ඇත.

    මේ අතර දුම්රිය සේවයේ නියුතු බොහෝ පුද්ගලයන් ලබාගන්නා වැටුප් සහ අතිකාල වල විවිධ වූ ගැටලු පිළිබඳව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදීම විගණන විමසුම් කර ඇතත් එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර විගණනය ඒ පිළිබඳ නිසි අවධානයක් යොමු කර නැති බව හෙළිදරව් වෙයි.

    engineers.jpg
    ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනයර්ස් යූනියන් සභාපතිගේ වැටුප් වාර්තාව



    chairman-pay-sheet.jpg


    source: http://www.dinamina.lk/2013/07/11/_art.asp?fn=n1307111
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මමත් යනව මේ රස්සාව දාල........
    ලක්සෙකට වඩා පඩි හම්බ වෙනව නේ.......
    වරායෙ ගැන්ට්‍රි ක්‍රේන් ඔපරේටර් කෙනෙක් ගන්නවා ලක්ෂ 3කට වඩා........

    දුක් විදල ඉගෙන ගෙන මෙහෙම රස්සා මොකටද බං......
    මේවගේ ඒව නේ මල්..............



    ප.ලි.
    මෙච්චර පඩි දීල තමා රේල්ලුව කම්බස් වෙලා පාඩු පිට දුවන්නේ........
    ලොන්ත කොකටුවො.......:growl::growl: