ඔවු. අනිවා විස්තර දෑනගෙන තමා තීරණය කරන්න ඕනේ. දෑන් නම් සෑහෙන්න ෆේස්බුක් පේජ් තියෙනවා කට්ටියට සපෝට් කරන. අනික ඔය ෆොරම් වල ඉන්නවා පරණ එවුන් ඕන තරම් ජොබ් හොයලා දෙන්න පුලුවන්. ඒ වගේම බිස්නස් කරන එවුන් ඉන්නවා පාට් ටයිම් ජොබ් මිනිස්සුන්ට දෙන්න පුලුවන්. හොදම දේ තමන්ට යන්න හිතෙනවා නම් මේ වගේ ෆෝරම් ෆලෝ කරලා බලන එක.මේකෙ ඔසී ඉන්න හැම එකාටම (පුළුවන් අය) තමන්ගෙ ලයිෆ් එක ගතවෙන හැටි ගැන ගයිඩ් එකක් වගේ ත්‍රෙඩ් එකක් ගියා නම් වටිනව කියල හිතෙන්නෙ නැද්ද. ගිය විදිහ නෙමෙයි, ගිහින් ජොබ් එකක් ගන්න ගතවුන කාලය, නවාතැන් හියාගන්න හැටි, ඒවට යන වියදම්, වාහනයක් ගන්නව නම් ඒක, ඒවට නඩත්තු වගේ දේවල් ගැන, ළමයි සහ අධ්‍යාපනයට අදාල දේවල් දළ වියදම් සමග, කෑම බීම වියදම් සහ ට්‍රාන්පෝට් වගේ දේවල් ගැන.
වදයක් නම් තමයි කට්ටියට. හැබැයි යන්න කලින් ලෑස්ති වෙන කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නේද.
අනික කවදාවත් පවුල් පිටින් යන්න හොද නෑ පලවෙනි පාර. ගිහින් මාස දෙක තුනක් ඈතුලත ගෙවල් හොයන් ජොබ් හොයන් සෙට්ල් වෙලා තමා පවුල ගේන්න ඔනේ
මගේ සීන් එක නම් ටිකක් වෙනස් ජොබ් එක හොයන්ම ලන්කාවෙන් එන්න පුලුවන් වුනා. තමන්ට පී ආර් තියෙනවා නම් සෑහෙන්න චාන්ස් එකක් තියෙනවා ලන්කාවේ ඉදන්ම ජොබක් හොයන් එන්න

. පොර ඉන්න ෆිඑල්ඩ් එකේ හොඳට position වෙලා ඉන්නේ. මුගේ ෆිඑල්ඩ් එකේ ජොබ්ස් මෙහෙ අඩුයි. තියෙන ඒවාට competition පට්ට වැඩි. සෝ අනිවා cleaning.