ලක්ෂ_40,000

firewind

Banned
Jul 12, 2014
14
4
0
ගොවි වගා ණය දෙන්න රුපියල් ලක්ෂ 40,000ක් ජනපති තීරණය කරයි


දේශීය කෘෂිකර්මාන්තයට කණකොකා හැඬූ යුගය අවසන්
ගොවියා නඟාසිටුවීම-ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තියයි
වැව් රක්ෂිතවල ඉදිකිරීම්වලට එරෙහි නීතිමය පියවර




ගොවීන්ගේ වගා ණය සඳහා ලබා දෙන ණය මුදල රුපියල් මිලියන 4000 දක්වා ඉහළ දැමීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

ගොවි වගා ණය ලබා දීම සඳහා අඩු මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා මෙම තීරණයට එළැඹ ඇති අතර ඒ අනුව ඉදිරියේ දී මෙම මුදල් බැංකු වෙත නිකුත් කිරීමට නියමිතය.

2015 අය-වැය සඳහා ගොවි සංගම් සහ වෙළෙඳ සංගම් නියෝජිතයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (11) පැවැති සාකච්ඡාවක දී මෙම තීන්දුවට එළැඹිණි.

දේශීය කෘෂිකර්මාන්තයට කණකොකා හැඬූ යුගය නිමා කිරීමට වර්තමාන රජය කටයුතු කර ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අද රටේ ජනතාව කෘෂිකර්මාන්තයට වඩාත් නැඹුරු වී ඇති බව පැවැසීය.

දේශීය ගොවි ජනතාව නඟා සිටුවීම සහ ආරක්ෂා කිරීම රජයේ ප්‍රතිපත්තිය බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැව් රක්ෂිතවල සිදුකෙරෙන ඉදිකිරීම් හේතුවෙන් ගොවි ජනතාවට සිදුව ඇති අවහිරතා පිළිබඳ ගොවි සංගම් නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා වැව් රක්ෂිතවල කෙරෙන ඉදිකිරීම්වලට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අනුරාධපුරය, පොළොන්නරුව ප්‍රදේශවලට බලපෑ නියඟය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාවගේ ඉල්ලීම් කෙරෙහිද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සහන සැලසීම සඳහා අවශ්‍ය සියලුම ප්‍රතිපාදන රජය විසින් මේ වන විට ලබා දී ඇති බව ප්‍රකාශ කළේය.

කඩිනමින් සහ විධිමත්ව එම කටයුතු ක්‍රියාවට නංවන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල පානීය ජල ගැටලුව පිළිබඳ මෙහිදී ගොවි සංගම් නියෝජිතයන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ අතර එම සියලුම පළාත් සඳහා පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළ රජය දැනටත් ක්‍රියාත්මක කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි වගා කටයුතු සිදු කිරීමට ගොවි ජනතාව යොමු කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

එය නීතියෙන් ක්‍රියාත්මක කළ නොහැකි බවත් සියලු දෙනාගේ එකඟතාවෙන් යුත් නිසි සැලැස්මක් ඔස්සේ ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවැසීය.

පොහොර සහනාධාරය, බීජ සැපයුම, සහතික මිල හා අස්වනු කාලය තුළ දී ඉහළ බදු මඟින් නිෂ්පාදකයා ආරක්ෂා කර ගැනීම, ගොවීන් සඳහා ණය ලබා දීම ආදී කරුණු ගැනත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ගොවි සහ වෙළෙඳ සංගම් නියෝජිතයන් මෙහිදී අදහස් දැක් වූ අතර ඔවුන්ගේ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා පැවසුවේ මුළු රටට එක සේ සැලකීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවයි.

ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, මැනිං වෙළෙඳ පොළ පොදු වෙළෙඳ සංගමය, ස්වයං රැකියා නියුක්තිකයන් ඇතුළු පිරිසක් ද මෙහිදී අදහස් දැක්වූහ.

ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැතිවරුන් වන එච්. ආර්. මිත්‍රපාල, ඉන්දික බණ්ඩාරනායක, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
  • Like
Reactions: Goldberg and kinkon

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    ඒ කියන්නෙ මු ලබන අවුරුද්දෙ ජනාදිපතිවරනෙකට යයි වගේ දැන් දැන්ම බොරු පොරොන්දු රෙඩි කරනව :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Goldberg

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    Hora kana ewwagen sochchamak denna theeranaya karala. Minissunge salli tikak aayith minissunta dunnama heena lokuine e wadeee. Ane owwata ape gobilo ahuwenawane