ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම
වර්තමානයේ වේගෙයන් පැතිරීයන ලංකා ඉතිහාසය පිලිබඳ නව මතවාද කිහිපයක්,
1. බුදු රජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ හිරිවඩුන්න නමැති ප්‍රදේශයේ බව.
2. එදා හෙළදිව යනු ලොව විශාල ප්‍රදේශයක් පාලනය කල අධිරාජ්යක් බව.
3. එහි පාලනාධිකාරිය වසර 100000 ක ඉතිහාසයක් හිමි රාවනා, මහසෙන් රජ පරපුර බව.
4. ඔවුන්ට වර්තමාන තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණ ක්‍රමවේද තිබු බව.
මෙවන් අදහස් පලකරන්නන්ගේන් ලංකාව පමණක් නොව ලොවද පිරී පවතින අතර , නැති ඉතිහාසයක් ගොඩනගමින් තම ජාතිය අන් සියලු ජාතීන්ට වඩා උසස් ලොව පාලනය කිරීමට උපන් ජාතිය තමන් යැයි මතයක් සමාජගත කරමින් සැබෑ ඉතිහාසය විකෘතිකර ගෙන හැර පායි.
උදාහරණ -
*හිට්ලර්ගේ පිරිසිදු ජර්මානු ආර්ය සන්කල්පය මගින් ලොව අනෙක් ජාතින් යටත් කර ගැනීමට ගෙන ගිය දෙවන ලෝක යුද්දය.
* යුදෙව්වන් තෝරනු ලැබූ එබ්‍රහම්ගේ දරුවන් සදහා දුන් පොරොන්දු දේශය යයි කියමින් ඊශ්‍රායලය පිහිටුවීම.
* මුස්ලිම්වරුන්ගේ අවසාන විසදුම හෙවත් සියලු ලෝක වාසින් ඉස්ලාම් ධර්මයට අවනත කරගැනීම.
* ඇමෙරිකානුවන්ගේ විදේශ ප්‍රතිපත්තියේදී ලෝක සාමය පවත්වාගන යාම දෙවියන් විසින් තමන්ට පැවරු බව විශ්වාස කිරීම.
* දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ශ්‍රී ලංකාව , අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව, නවසීලන්තය දක්වා විහිදුනු පුරාන ද්‍රවිඩ රාජ්‍යක් තිබු බව විශ්වාස කිරීම.
මේ කාරනා ඇත්තද? රාවනා ඇත්තටම හිටියද?
රාවනා ගැන පැවසෙන්නේ වාල්මිකී ලියු රාමායනයේ වන අතර, ලංකාවේ කෙසේවෙතත් මෙහි එන ස්ථාන තවම ඉන්දියාවේද සොයාගන නොමැත. එය එයිතිහාසික ලියවිල්ලක් ලෙස පිළිගැනීමට තරම් සාක්ෂි මෙතෙක් ලැබී නැත. ලංකාවේ ජනප්රවාදයේ පවතින සමහර ස්ථාන ඉතා මෑත කාලයේ ඉන්දියානු සංචාරකයින් අද්දවාගනිමට සංචාරක මග පෙන්වන්නන් විසින් ගෙතු කතා වේ. මෙම ස්ථාන වල කිසිදු පුරාවස්තුවක් නොමැති අතර ජනප්රවාදයේ ඇත්ත නැත්ත සෙවීම ඉතා දුෂ්කර කටයුත්තකි. මෙම ජනප්‍රවාද වල සුල මුල බොහෝවිට පොළොන්නරු යුගයෙන් පසු ඇතිවූ හින්දු ආභාෂයත් සමග විය හැක.
රාවනා කතා පුවත 100% ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වුනත් එය සනාත් කිරීමට ඇති ශාක්ෂි, සාධක , පුරාවස්තු, නටඹුන් නොමැති නිසා එය පිළිගැනීමද නොකළ යුත්තකි.
මහායාන බුදු දහමෙහි ඇති ලංකාවතාර සුත්රයයේද රාවනා ගැන සදහන් වුවත් එය ලියවී ඇත්තේ ක්‍රිව 400 පමණ නිසා එයට රාමායනයේ හා හින්ඳු වේද ග්රන්ථ වල බලපෑම ඇති විය හැක. මහායානයේ ඇති සුත්‍ර බොහෝ දුරට ථෙරවාදයේ ඇති පිරිසිදු බව නොමැති අතර, හින්දු හා නොයෙකුත් අනෙක් සම්ප්රදායන්ගේ බලපෑම නිසා වඩාත් වර්ණවත් , භෞතික ස්වරුපයක් උසුලයි.
බුදුරජානන් වහන්සේ ලංකාවේ සිටි බව ගැන තිබෙන මතය ගැන කතා කිරීමට අවශ්‍ය නොවේ. එය හිතලුවක් බව ඕන බුද්ධිමත් පුද්ගලයකුට පැහැදිලි වේ.
ලංකාවේ සැබෑ ඉතිහාසය කුමක්ද?
රටක ඉතිහාසය ලිවීමේදී එය ජනප්‍රවාද මත පදනම් නොවී , සෙල්ලිපි , පුරාවස්තු, නටඹුන් හා පුරාන ලියවිලි මත පදනම්ව සාධක සහිතව ඉදිරිපත් කල යුතයි. පුරාන ලියවිලි යනුයේ ප්‍රබන්ද හෝ සාහිත්‍ය කෘති නොවේ.
මහාවන්ශයද ප්‍රබන්දමය ස්වරුපයක් ගත්තත් , එහි එන ස්ථාන , රජවරුන් හා පුද්ගල නාම වෙනත් සෙල්ලිපි මගින් ද තහවුරු වීම නිසා එය එය්තිහාසික ලියවිල්ලක් ලෙස සැලකිය හැක.
සිංහබාහුගේ කතාව සිංහල ජාතියේ ආරම්භයට සිංහයකු සම්බන්ද කිරීමට යොදාගත් වර්ණනාවක් විය හැක.
වරින් වර මෙහි පැමිණි ආර්ය කණ්ඩායම් හා ස්වදේශීය ජනයා මිශ්‍ර වීමෙන් සිංහලය සෑදුනු බව වඩාත් තාර්කික විශ්වාසයයි.
සිංහලයාගේ මවු සංස්කෘතිය උතුරු ඉන්දියානු සංස්කෘතියයි. සිංහල භාෂාව ඉන්දු-ආර්ය උප භාෂාවක් වන අතර එහි වචන වලින් විශාල ප්‍රමාණයක් සංස්කෘත වචන වලින් බිදී ආ වචන වේ. සංස්කෘත භාෂාවෙන් බිදී ආ භාෂා වන හින්දි , බෙන්ගාලි , පන්ජාබි වල ඇති පොදු වචන සිංහලයේද දක්නට පවතී.
උදා - පාටශාලාව - පාසල
සංතෘෂ්ටි - සතුට
දක්ෂිණ - දකුණ
හින්දි චිත්‍රපටයක් බැලීමේදී එහි සමහර දෙබස් හින්දි දැනුමක් නැතත් සිංහලයන්ට තේරෙන්නේ මේ නිසාවෙනි.
එමෙන්ම ද්‍රවිඩ භාෂාවෙන් ලැබුණු වචනද සිංහලයේ පවතී. (සල්ලි, පොරොන්දු , ආදායම් , කන්නාඩි වැනි වචන)
මීට අමතරව සිංහලයේ පමණක් ඇති ලොව වෙන කිසිම භාෂාවක නොමැති වචනද සිංහලයේ ඕනා තරම් පවතියි. ඒවා ආර්ය ජනාවාසවලට පෙර ස්වෙදේශික වචන හෝ පසුව වර්දනය වූ වචන ලෙස සලකයි.
(ඔලුව, කකුල වැනි. )
කවුරුන් කෙසේ පැවසුවත් මේ රට ගොඩ නැගුනේ සිංහලයන් අතින්. පසුව පැමිණි විවිධ ජන කණ්ඩායම් වල ආභාෂය ලැබුනත් ලංකාවේ මහා සංස්කෘතිය සිංහල බෞද්ධ බව කාටවත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකියි.
මවු සංස්කෘතිය ඉන්දියානු වුවත් , තමන්ගේම අනන්‍ය සංස්කෘතියක් ,ශිෂ්ටත්වයක් , තාක්ෂණයක් , ඉංජිනේරු ශිල්පයක්, චිත්‍ර , සාහිත්‍ය, නර්තන කලාවක් ගොඩනගා ගැනීමට සිංහලයන් සමත්වීම අපිට ආඩම්බරවිය හැකි කාරනාවක්.
අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.
බුද්ධිමත් සංවාදයකට විවෘතයි. ඔබේ අදහස් පලකරන්න.