ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිවුරක් දාගත්තහම ඔනා හොරෙකුට පුලුවන් ලංකාව ඇතුලට රිංගල තමන්ගෙ වැඩෙ කිසි කරදරයක් නැතුව කර ගන්න.
    :shocked: ඒ කාලෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලංකාවට එරෙහිව තිබිලද ඒ කියන්නෙ :sorry:
     
    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි :dull:

    Respect those words
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඇත්ත ඉතිහාසේ තමයි ඔය ගල් කණු වල, වැව් වල, දාගැබ් වල තියෙන්නෙ... නැතුව ඇත්ත ඉතිහාසය කොහේවත් යන එකෙක් ලියපු පොත් කඩමාල්ලක නෑ...

    මේ කතාව නම් හරියටම හරි මචන්.කොහෙවත් හිටපු දෙමලොයි සුද්දොයි ලියල දීපු දේවල් ගෙඩිය පිටින්ම කරගහගෙන යන එක නවත්තල අද වෙනකොට ඉතිරිවෙලා තියෙන භෞතික සාක්ශිත් ප්‍රයෝජනයට අරන් අපි අපේ සැබෑ ඉතිහාසය සොයාගත් යුතුයි.

    ඇත්තටම දුක හිතුනා මේ කොමෙන්ට් එක දැකලා.... අන්තිමට මහාවන්සය ලියපු හාමුදුරැවොත් එපා උනා උඹලට එහෙනන්.... තව කාලයක් ගියාම... සීගිරියත් එපා වෙයිද දන්නෑ... :sorry::sorry::sorry:

    නියම මහාවන්සෙ ලිව්වෙ ඔය පර දෙමල නෙමෙයි. ඌ කලේ කාලයක් තිස්සෙ ලියල තිබ්බ අපේ නියම ඉතිහාසය ඇතුලත් මහාවන්ශ ග්‍රන්තය ඌට ඕනෙ විදිහට විකෘති කරල මුල් පිටපත් විනාශ කරපු එකයි.අපේ ජාතියෙ මුදුන් මුල සිදපු පරයෙකුට මල් තියල වඳින්න කියලද උඹ කියන්නෙ

    කවුද බන් කියන්නෙ අපි තිරිසනෙක්ගෙන් පැවත එනවා කියල? (ඇත්තටම බැලුවොත් අපිත් තිරිසන් තමා... වානර කුලේ නේ..)

    ඇයි බං සිංහබාහුගෙ තාත්ත සිංහයෙක් කියල කියන්නෙ උඹල ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න මහාවන්සෙම නේද ?

    සුද්ද පැවත එන්නෙ වඳුරෙක්ගෙන් උනාට අපි මොනව කරන්නද? හැබැයි අපිනම් පිලිගන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු දේ මිසක් ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක එක්කෙනාගෙ සංකල්ප නෙමෙයි
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔය කාරණා ඔක්කොම ඇත්ත උනත් ඒ ඔක්කොම අයිති අතීතයට, වර්තමානේ අපි ඉන්න තැන මොකද්ද? ලැජ්ජයි :dull:

    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අප කාටත් ආඩම්බර විය හැකි සැබෑ ඉත්හිහාසයක් දැනටමත් පවතිද්දී නොයෙක් ප්‍රබන්දකරුවන්ගේ හිතලුවන්ට අනුව යමින් නැති ඉතිහාසයක් මවා පාමින් , ලංකාවේ පමණක් නොව ලෝක ඉතිහාසයද විකෘති කරමින් යන මේ ගමන තමන්ම ස්වයං රැවට්ටාගනිමක් යන්න මගේ අදහසයි.

    :):):):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ කතාව නම් හරියටම හරි මචන්.කොහෙවත් හිටපු දෙමලොයි සුද්දොයි ලියල දීපු දේවල් ගෙඩිය පිටින්ම කරගහගෙන යන එක නවත්තල අද වෙනකොට ඉතිරිවෙලා තියෙන භෞතික සාක්ශිත් ප්‍රයෝජනයට අරන් අපි අපේ සැබෑ ඉතිහාසය සොයාගත් යුතුයි.

    ඉතින් බන් ඔය රාවණ ඉතිහාසේ කියන එකට කිසිම භෞතික සාක්කියක් නෑ. පදනමක් නෑ. නිකන් රාමායනයේ තිබ්බා කියලයි.... වරිගපූර්නිකාව කියන එකේ තිබ්බ කියලයි රාවනෙක් ගැන පිලිගන්න පුලුවන්ද? අනික ඔය රාවණා කතාවට කිසිම තාර්කික පදනමක් තියෙනවද?

    මේ
    නියම මහාවන්සෙ ලිව්වෙ ඔය පර දෙමල නෙමෙයි. ඌ කලේ කාලයක් තිස්සෙ ලියල තිබ්බ අපේ නියම ඉතිහාසය ඇතුලත් මහාවන්ශ ග්‍රන්තය ඌට ඕනෙ විදිහට විකෘති කරල මුල් පිටපත් විනාශ කරපු එකයි.අපේ ජාතියෙ මුදුන් මුල සිදපු පරයෙකුට මල් තියල වඳින්න කියලද උඹ කියන්නෙ

    ‍කොහෙද තියෙන්නෙ එහෙම? උඹලැගෙ වරිගපූර්ණිකාවේද? නිකන් අහක ඉන්න හාමුදුරැකෙනෙකුට මඩ ගහන්න එපා.

    ඇයි බං සිංහබාහුගෙ තාත්ත සිංහයෙක් කියල කියන්නෙ උඹල ඔය ඔලුව උඩ තියාගෙන ඉන්න මහාවන්සෙම නේද ?

    සුද්ද පැවත එන්නෙ වඳුරෙක්ගෙන් උනාට අපි මොනව කරන්නද? හැබැයි අපිනම් පිලිගන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු දේ මිසක් ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක එක්කෙනාගෙ සංකල්ප නෙමෙයි

    ඉතින් කවුද බන් මහාවංශයේ තියෙන ඒවා ඔක්කොම ඇත්ත කියල පිලිගන්න කියන්නෙ? මහවන්සය කියවන්න ඕනිත් තාර්කිකව ලැබිල තියෙන භෞතික සාක්කි එක්ක සංසන්දනය කරලා. නැතුව මහාවන්‍සයේ තියෙන ඔක්කොම ගෙඩිය පිටින් ඇත්තය කියල පිලිගන්න උවමනාවක් නෑ.

    බුදු හාමුදුරැවෝ මිනිස්සුගේ පරිණාමය ගැන දේශනා කරල නෑනේ. අනික දැනට ලැබිල තියෙන සාක්කිත් එක්ක මිනිස්සු පරිණාමනය උනේ නෑ කියල කාටවත් කියන්න බෑ.
     
    • Like
    Reactions: maxboysl

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා පර්යේශන වලට අනුව අපේ ඉතිහාසය වසර දෙදහස් පන්සීයෙන් එහා බෝහෝ ඈතට දිවෙන බවත් ,එම කාලවල දියුණු ශිශ්ඨාචාරයක් පැවති බවත්, මිහිඳු හිමි වැඩමවීමට පෙර මෙහි බුද්ධ ධර්මය පැවති බව හා භික්ශූන් වහන්සේලා වැඩසිටි බවත්, මනාව තහවුරු වී ඇත.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    සුද්ද පැවත එන්නෙ වඳුරෙක්ගෙන් උනාට අපි මොනව කරන්නද? හැබැයි අපිනම් පිලිගන්නෙ බුදුහාමුදුරුවො දේශනා කරපු දේ මිසක් ඔය කාලෙන් කාලෙට වෙනස් වෙන එක එක්කෙනාගෙ සංකල්ප නෙමෙයි

    ඒ කියන්නේ දැන් පරිනාමය පිළිගන්නෙත් නැද්ද?:lol: සර්වබලදාරි දෙයියෙක් මැව්වා කියලද පිළිගන්නේ?:rofl:

    නරකද ඔලුවට ආප්පයක් නවාගෙන පල්ලියකට ගියානම්?​
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්‍යා පර්යේශන වලට අනුව අපේ ඉතිහාසය වසර දෙදහස් පන්සීයෙන් එහා බෝහෝ ඈතට දිවෙන බවත් ,එම කාලවල දියුණු ශිශ්ඨාචාරයක් පැවති බවත්, මිහිඳු හිමි වැඩමවීමට පෙර මෙහි බුද්ධ ධර්මය පැවති බව හා භික්ශූන් වහන්සේලා වැඩසිටි බවත්, මනාව තහවුරු වී ඇත.
    මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ බුදුදහම තිබ්බ නං, හාමුදුරුවරු හිටියනං, පන්සල් තිබුන නං රටේ රජතුමා ඇතුල මිනිස්සු බුදුදහම ගැන කිසි දෙයක් නොදැන වගේ අලුතෙන්ම ආගමක් විදිහට බුදුදහම වැලඳගත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් නේද ? :oo:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් මෙහෙ බුදුදහම තිබ්බ නං, හාමුදුරුවරු හිටියනං, පන්සල් තිබුන නං රටේ රජතුමා ඇතුල මිනිස්සු බුදුදහම ගැන කිසි දෙයක් නොදැන වගේ අලුතෙන්ම ආගමක් විදිහට බුදුදහම වැලඳගත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් නේද ? :oo:

    අපි පිලිගන්න ඕනෙ පුරාවිද්‍යාත්මක සාක්ශිද නැත්නම් කවුරුහරි ලියපු සාහිත්‍ය කතාවක්ද ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි පිලිගන්න ඕනෙ පුරාවිද්‍යාත්මක සාක්ශිද නැත්නම් කවුරුහරි ලියපු සාහිත්‍ය කතාවක්ද ?

    කෝ ඒවා ගැන පුරාවිදයාත්මක සාක්කි?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    you tube වල raj somadewa කියල search කරල බලන්න. ඕනතරම් සාක්ශි බලාගන්න පුලුවන් වෙයි.

    :lol::lol::lol::lol::lol::lol::lol: මේ මිනිහටත් දැන් පිස්සු හැදිලද කොහේද...... ගල් ගුහාවෙ ලිපියකින් මිහිදු හාමුදුරැවන්ට කලින් ලන්කා‍වේ බුද්ධාගම තිබුනා කියල කියන්න පුලුවන්ද?

    ඉන්දියාවේ හිටන් පුරාවිදයාත්මක සාක්කි තියෙනවා මිහිදු හාමුදුරැවො ලන්කාවට ආවා කියල. උන්නාන්සෙට කලින් ලන්කාවේ බුද්ධාගම තිබුනන් අහවල් එකකටද ඔච්චර දුර ගෙවාගෙන ලන්කාවට එන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි පිලිගන්න ඕනෙ පුරාවිද්‍යාත්මක සාක්ශිද නැත්නම් කවුරුහරි ලියපු සාහිත්‍ය කතාවක්ද ?
    ඔව් ඇත්ත, එත් මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් බුද්ධාගම ලංකාවේ ලොකුවට තිබුන නං රටේ රජ්ජුරුවෝ ඒ ගැන නොදැන ඉන්න විදියක් නෑ නෙ. එහෙනං කවදාවත් නොදන්න වටිනා දෙයක් ඇහුව වගේ දේවානම්පියතිස්ස රජ්ජ්ජුරුවෝ මිහිඳු හාමුදුරුවෝ පිලි අරන් වෙහෙර විහාර හදල රටේ මිනිස්සු තොග පිටින් බෞද්ධාගම වැළඳ ගන්න ඕනේ නෑ නෙ.

    රටේ තැන් තැන් වල හාමුදුරුවරු ගල්ගුහාවල සුළුවෙන්හි හිටියට රට පුරා පැතිරිච්ච මිනිස්සු අතරට ගිය ආගමක් විදිහට බුද්ධාගම තිබිල නෑ මම හිතන්නේ. එහෙම නැත්තන් එකපාරට මොකක් හරි වෙලා එකපාරට බුද්ධාගම අතුරුදහන් වෙන්න ඕනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835

    මචන් මෙහෙම වෙන්නත් පුළුවන් .අපි දන්නේ නෑනේ දේවානම්පියතිස්ස රජතුමා මුළු රටේම රජතුමාද නැත්තම් අනුරාධපුරේ විතරක්ද කියලා .
    මට හිතුන දේවල් කිහිපයක් තියෙනවා .
    එකක් තමා බුදුහාමුදුරුවෝ 3 වතාවක් ලංකාවට වැඩියා කියනවා .බණ දේශනා කරලා තියෙනවා .අනිවාර්යෙන් සමහර අය අරිහත් තත්වයට පත් වෙන්න ඇති.
    හැබැයි එහෙම 3 වතාවක් වැඩම කරලත් බුද්ධ ධර්මය මිනිස්සු ටික දෙනෙක් හරි නොදැන හිටියා කියන එක පිළිගන්න අපහසුයි.
    අනික් කාරණය මහාවංශයේ තියෙනවා මිහිදු අරිහතුන්වහන්සේ දේශනා කරන ලද සුත්‍ර දේශනා අනුපිළිවෙලින් .
    ඒ සුත්‍ර දේශනා බුදු දහමේ හැදින්වීම කරන දේශනා නෙවේ .උදාහරණයක් විදියට චුල්ල හත්ති පදෝපම සුත්‍රය ගත්තොත් ඒ දේශනාව කිසි සේත්ම සරල දේශනාවක් නෙවේ .
    මුකුත්ම දන්නේ නැති මිනිස්සු හිටියනම් ඔය වගේ ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ නෑ.
    අශෝක රජතුමා යුද්ද වලින් මිනිස්සු විනාශ කරද්දී නිග්‍රෝධ තෙරුන්වහන්සේ කොහෙද වැඩ සිටියේ ?කලින්ම බණ දේශනා කරන්න තිබ්බනේ .
    හැබැයි අශෝක රජතුමා කරපු වැඩෙන් අනික් රටවල් වලට බුදු දහම පැතිරුණා .
    තායිලන්තයේ නොකිලිටි බුදුදහම තියෙනවා මොකද ඒ රට වැඩිය අක්‍රමණ වලට පත්වුණේ නැති නිසා .
    බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේදීම හදපු වෙහෙරක් තමා ගිරිහඩුසෑය .
    රිටිගල ගිහිල්ලා බලන්න තියෙන නටබුන් .සුද්දෝ හිටන් ඇවිල්ලා භාවනා කරනවා .
    ඉතිහාස කාරයෝ කියන්නේ රිටිගල ජයසේන කියලා කෙනෙක් එතන හිටියා කියලා .එහෙම කෙනෙකුත් ඉන්න ඇති හැබැයි පස්සේ කාලෙක .එච්චර නටබුන් තියෙන එකේ එතන සෑහෙන්න කට්ටියක් ඉන්න ඕනේ .ඒකත් හරියට සීගිරියේ කතාව වගේ .
    මම කියන්නේ මේ දේවල් වලට තර්ක කරන්න කලින් මේ කියන තැන් වලට ගිහිල්ලා බලන්න .මම මේ කියන තැන් ගොඩකට ගිහිල්ලා තියෙනවා ඉන්දියාවත් ඇතුලත්ව .ඊට පස්සේ මේ කියන දේවල් තේරුම් ගන්න බලන්න .

    ඇත්ත කතාව නන් බුදු හාමුදුරැ‍ෙවෝ කවදාවත් ලංකාවට ආවේ නෑ කියන එකයි. ඒත් බෞද්ධයෝ හුගක් දෙනෙක් මේක පිළිගන්න කැමති නෑ. එහෙම වෙන්න‍ෙ ශ්රධ්ධාව නිසයි.

    ඉතින් ලන්කාවට බුද්ධාගම ආවේ මිහිදු හාමුදුරැ‍වෝ එක්ක කියන එකේ ආයේ තර්ක දෙකක් නෑ.