මචන් මම ඉන්දියාවේ තියෙනවා යැයි කියන සිද්ධස්ථාන නැරබීමට 2006 ගියා ,
ඒ සියලු නිර්මාණ පිළිස්සු ගඩොල් වලින් නිර්මිත ඒවා ,
අනික් එක රජ ගහ නුවර දෙව් දහ නුවර අතර දුර 100km වැඩිය වැඩියි,ළමයෙක් හම්බ වෙන්න අම්ම කෙනක් මෙච්චර දුරක් ගෙවාගෙන යයිද ?
බුදු රජාණන් වහන්සේ කරපු බොහෝ දේශනා පෝය දිනවල බව අපි දන්නවා ,එතකොට උන්වහන්සේ වැඩිය ගම් දනව් නගර වල වර්තමාන නම් අරගෙන බැලුවම ඒවාට මාසයක් ඇතුලත පාගමනින් වැඩම කරන්න බැරි බව තේරෙනවා ,අපි සමහර ස්ථානවලට ගියේ bus එකේ ,ඒත් highway වල ගිහිල්ලත් පැය ගණනාවක් ගියා
බුදු රජාණන් වහන්සේ ඉර්දී බලයෙන් වැඩම කරලා තියෙන්නේ ඉතාම හදිසි අවස්ථාවල පමණයි
ප්රාතිහාර්ය ප්‍රදර්ශනය සඳහා පෑම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා
අනික් එක බුදු රජාණන් වහන්සේ 3 වරක් ලංකාවට වැඩම කරයි කියනවා ,එහෙනන් ඒ අවස්ථාවේ ඇති නොවූ බුද්ධ සාශනය මිහිඳු හාමුදුරුවෝ වැඩියම ඇති උනේ කොහොමද ?
මෙම කාලයේ අනුරාධපුරයට සහ අවට ප්‍රදේශයට ලංකාපුර කියලා නමක් තිබ්බ බවට සාක්ෂි තියෙනවා
ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ වැඩම කරලා තියෙන්නේ ලංකාපුරට
දඹුල්ල හිරිවඩුන්න බෝධින්වහන්සේ දැකගන්න ,හිරිවඩුන්න කියන එකේ තේරුම හිමි වැඩ උන්න තැන කියන එක ,පාත්තරය උඩුගං බලා ගිය තැන අදටත් උඩන්ගාව නමින් තියෙනවා ,google map එකෙත් ඒක තියෙනවා ,තුන්බෑ
ජටිලයෝ හිටපු ගම කාශ්‍යප ගම නමින් අදටත් තියෙනවා
දිගන ප්‍රදේශයේ බඹරගලට යන්න ,විහාරය අවට විශාල සල්ගස් ,සෙල්ලිපි සැහෙන ප්‍රමාණයක් තියෙනවා ,ඒ සෙල්ලපි වල තියෙන්නේ ඒ ලෙන් බුදුන්ට පූජා කරන ලද බවයි
මීට අමතරව අනුරාධපුරේ ඉසින්බැස්සගල,රිටිගල ,බුදුගල, කූරගල , නටබුන් ගිහිල්ලා බලන්න ,සෙල්ලිපි බලන්න
මේ සියලු නිර්මාණ තනි කළු ගලින් නිර්මිත ඒවා
මම මේ කාරණා දිහා විවුර්තව බලන කෙනෙක් මොකද බුදු රජාණන් වහන්සේ වැඩ සිටිය තැන වලට වඩා බුද්ධ ධර්මය අවබෝධ කරගැනීම වැදගත් නිසා
මම ඉන්දියාවේ ,ලංකාවේ ස්ථාන විශාල ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා ,ඔබලාත් ගිහිල්ලා බලන්න