ලගදි උන ඇත්තම සීන් එකක්

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,634
    2,138
    113
    නිරා සීන් එකේ ඉඳල, බිසනස් පාඩු වෙනකොට නිරා ලෙප්ට් වුනා නේ...😃

    සෙවුවන්දි මෑණියොද,
    ඥාණ මෑණියොද..
    හැම නිරා පගයම ලෙල්ලට කෙළ උනාම ආගම් නෙවෙ යන්න තියෙන ඕනම රෙද්දක් අස්සෙ ය්නවා. මොනා හරි පිහිටක් ගන්න. ඔක තමා සීන් එක.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ උබල හිතයි මන් මේක හිතින් මවාගත්ත දෙයක් කියලා.මේකයි කතාව.....

    මම ඉස්සර ඉදලම නිරා සීන් එකේ ඉදිය පොරක් මේ සිද්දිය වෙනකන්ම.දෙවියෝ භූතයෝ මොනවත්ම විශ්වාස කරේ නෑ.

    ගිය සෙනසුරාදා වයිෆාගේ බල කිරීමට ගියා සාස්තරයක් අහන්න. සාස්තරයක්මත් නෙමේ.බිස්නස් එක ටිකක් දියුණු කරගන්න මෑණියෝ කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් අහගන්න.

    මෑණියෝ ගැන කියනවනම් එයා දේවාරූඪයෙන් "ලු" සාස්තර කියන්නේ. ලේසියෙන් ඇපොයින්ට්මන්ට් ගන්න බෑ.ලංකාව වටෙන්ම එනවා සාස්තර අහගන්න.පඩුරු විදියට ගන්නෙත් බොහොම පොඩි ගානක්.

    අපිට ආපු අංකේ 10 .අපේ වෙලාව ආවම අපි ගියා මෑණියෝ ලගට.මන් ඉතින් වයිපරේට හිනා වෙවී ගියේ මෙව්ව බොරු වැඩ කියලා.කොහොම හරි මෑණියො ලගට ගියාම පොර එකපාරටම ඇහුවා කරගෙන යන ව්‍යාපාරය දියුණු කරගන්න නේද කියලා. ඒ මම confuse උන පලවෙනි පාර.පස්සේ එතන වෙන්න ඕනේ වතාවත් කරලා අපි වයිෆගේ ගෙදර ගියා දවල්ට කන්න.

    මම සෙවනගල ගුලියකුත් සප්පායන් වෙලා හෙඩ් පෝන් එකේ සින්දුවකුත් අහන් full high වෙලා ඉදියේ. ඒ වෙලාවේ මම කල්පනා කරා අර උදේ උන සිද්දිය ගැන .

    දෙවියෝ ඇත්තද බොරුද කියල කල්පනා කර කර ඉන්නකොටම මගේ වම් අතේ biceps හරියට එක පාරටම ලොකු පාරක් වැදුනා.මන් උඩ ගිහින් ඇහැරුනා මොන පගෙක්ද මගේ අතට ගැහුවේ කියලා බලන්න.මොකෙක්වත් නෑ.මට පටස් ගාලා මීටර් උනා වෙච්ච දේ.පස්සෙ මම වයිෆට කතා කරලා උන සිද්දිය කිව්වා. කොහොම හරි ඒ වෙලාව වෙද්දි මගේ අතේ ඇගිලි පාරවල් තුනක් වැදිලා තිබුනා.හරිම කෙට්ටු ඇගිලි පාරවල් තුනක්.ඉදිමිලා තිබුනෙත් හරිම අමුතු විදියට.කොහොම හරි ටික වෙලාවකින් ඇගිලි පාරවල් මැකිලා ගියා.

    ඕක තමයි සීන් එක.ඊට පස්සෙත් තව අමුතු අමුතු සීන් ටිකක් උනා.එව්වත් වෙලාවක දාන්නම්. ඔහොම එව්වා බොලටත් වෙලා තියෙද.
    මස්සිනා මේ දවස්වල රටද ඉන්නේ 🤭
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    සෙවනගල ගුලිය කාපු නිසා ඔහොම දැනෙන්න ඇත්තේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,538
    113
    Colombo

    තොට දෙයියො අතේ ගස්සල...
     
    • Haha
    Reactions: supun_sg

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    ගුලියෙ පවර් එක වගේ.

    නිරා සීන් එකේ ඉඳල, බිසනස් පාඩු වෙනකොට නිරා ලෙප්ට් වුනා නේ...😃

    සෙවුවන්දි මෑණියොද,
    ඥාණ මෑණියොද..
    නිරා කට් වෙලා.. :lol:
    ------ Post added on May 25, 2023 at 1:47 PM
     
    • Haha
    Reactions: PHBhagya

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේෂ ලග්නය

    පවුලේ සමගිය සහ සතුට

    සඳු ලග්නයෙන් හතර වැන්නේ ගෝචරය වන අද දින ඔබට මවගේ සහ මව්පස නෑයින්ගේ සිත් දිනා ගනිමින් කටයුතු කිරිමට හැකියාව ලැබෙනු ඇත. ගේ දොර පරිසරය අලංකාරයව සහ සුවදායී ලෙස තබා ගැනීමෙන් සතුටට පත් වේ. ගමන් බිමන් යන්නේනම් සුඛෝපභෝගී යාන වාහන සඳහා සිත යොමු වේ. දුබල සඳු විසින් සිතේ ඇති කරවන නොසන්සුන්කම පාලනය කර ගැනීමෙන් ගෙදර දොර පරිසරය සහ වටාපිටාව සුවදායී එකක් වනු ඇත.

    මෙය සියලු ලග්නයනට පොදුවේ.(චන්ද්‍රයා තම ස්වකීය රාශියට විත් ස්වක්ෂේත්‍රත්වයට පත් වේ. ඉගෙනුම ලබන අයට යහපත්ය. ඥාණය දියුණු කරමින් සැපෙන් දිවි ගෙවමින් නිතර ප්‍රීතියෙන් සිටීමට කැමත්ත දක්වයි. මවට සහකරුන්ට දරුවන්ට ඉතාමත් ලෙන්ගතු වේ. මිතුරන්ට හිතවත් වෙයි. හොඳ හිත නිසා රැවටිලිවලට හසුවිය හැකිය. එබැවින් අන්‍යයන් විසින් අයුතු ප්‍රයෝජන ගැනීමටද ඉඩ තිබේ.)

    වෘෂභ ලග්නය

    ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට

    ලග්නයෙන් තුන් වැන්නේ ගෝචර වන වන්ද්‍රයා ඔබේ දක්ෂතා ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට සමත් වෙයි. තම පරපුර බබලවමින් කරන සහෝදර සහෝදරියන් හා යහපත් ඇසුර කාගෙත් හිත් දිනා ගනී. තම දැනුම සහ අදහස් මෙහෙයවා කරන රැකියා, ව්‍යාපාර හෝ වෙනත් කටයුතුවලින් ලැබීමේ වාසනාව ඇත. බොහෝ ඇවිදිලි වේ. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත.

    මිථුන ලග්නය

    යහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්.

    අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු කරන්නන් සහ ආදරය අතර හොඳ හිත වර්ධනය කර ගනී. මුදල් අතින් අඩුපාඩුවක් ඇති නොවේ. ගෙදරට ඉතා හිතවත්ය. පවුලේ අය සමග, විවාහ සහකාරාදිය සහ දරුවන් සමග ඉතා සතුටින් කාලය ගෙවීමට අද දිනයේදී ඔබට අවස්ථාව සැළසේ.

    කටක ලග්නය

    අන් අයගේ සිත් දිනා ගනී

    චන්ද්‍රයා ලග්න භාවයේ සැරිසරන අද දින ඔබ අන් අයගේ සිත් දිනා ගනී. ඇසුරට උසස් මිතුරන් ලැබෙන අතර ඔවුනගේ උදව් උපකාරද ඔබට හිමියි. ඔබටත් උසස් සිතුවිලි ඇති වන අතර ලෞකික සැප සම්පත් ලැබීමට වාසනාව ති‍බේ. ඔබ අද දින ප්‍රවේශම් සහගතව සහ ඉවසිලිවන්තව කටයුතු කරයි. යමක් සිදුවීමට පෙර දුර සිතා බලා බයවෙන ගතියක් ඇති වේ.

    සිංහ ලග්නය

    සිත නිතර චංචල වී, දුක් සහිත අත්දැකීම්

    අද දින ලග්නයෙන් දොළොස් වැන්නේ චන්ද්‍රයා ගමන් කිරීම ඔබට ශුභදායක නොවූවකි. සිත නිතර චංචල වන අතර දුක් සහිත අත්දැකීම්වලට මුහුණපාන්නට සිදු වේ. වාද විවාද උත්සන්න විය හැකිය. අද දින නඩුහබවලට පැටලුනහොත්, ඒවායින් ජය ගැනීම අසිරු වේ. අනවශ්‍ය ගමන් බිමන් සහ අධික වියදම් යෙදිය හැකිය. එහෙත් රෝහල්වල, අනාථ මඩම්වල නේවාසිකාගාරවල ආදීයෙහි රැකියාවන්ට නියුතු අයගේ සිත සුවපත් වන අතරම එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා අතමිට හිඟ නොවේ.

    කන්‍යා ලග්නය

    අතමිට සරු වෙන, සමාජයේ සැළකිලි දවසකි.

    අද දින ඔබේ අයස්ථානය වූ ලග්නයෙන් එකොළොස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වේ. එය ඉතාමත් ශුභය. ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අද අතමිට සරු වෙන දවසකි. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළ යනු ඇත. සමාජශීලී අයට මිතුරන්ගෙන් අඩුවක් ඇති නොවේ. විශේෂයෙන්ම තම විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව මෙන්ම ආරක්ෂාවද ලැබේ. එහෙත් ඔබේ ගති පැවතුම් ඒකාකාරී නොවී නිතර වෙනස් විය හැකිය.

    තුලා ලග්නය

    වස්තුව සහ සැප සම්පත් ලඟා වේ

    ලග්නයෙන් දහ වැන්නේ ගෝචරය වන චන්ද්‍රයා අද ඔබට යහපත් ප්‍රථිඵල ප්‍රධානය කරයි. සාමාන්‍යෙයන් හුරුපුරුදු ක්‍රියාවන්හි වෙනස් වීම්වලටද භාජනය වුවත් එය ඔබගේ දියුණුව පිණිසම වේ. ඇවිදිමින් කරන රැකියාවන්වල නියුතු අයට බොහෝ ප්‍රතිපල ලැබේ. දෙමව්පියන්ගේ, විවාහ සහකරුගේ, දරුවන්ගේ, හිත මිතුරන්ගේ මනා සහයෝගය ඔබට වස්තුව සහ සැප සම්පත් ලබා දේ. අද ඔබට හැමතින්ම වාසනාවන්ත දිනයක්ද වේ.

    වෘශ්චික ලග්නය

    දක්ෂතා මතු වේ, ඉ‍ගෙනීමෙන් ඉහළටම

    අද දින ඔබගේ ලග්නයෙන් නව වැන්නේ සඳු ගෝචරය වීම ඔබේ දියුණුවේ දොරගුලු විවර කිරීමට සමත් වෙයි. උසස් අධ්‍යාපනය හෝ විදෙස් අධ්‍යාපනය ලබන අයගේ කටයුතු සාර්ථක වෙයි. ස්වයං රැකියා මෙන්ම තම දැනුමෙන් කරන රැකියාවන් ප්‍රචලිත වෙයි. ඔබේ දක්ෂතා කෙරෙහි ආයතන ප්‍රධානීන්ගේ අවධානය යොමු වීමෙන් ඔබේ මතු දියුණුවට පෑදේ. ගුරු වෘත්තිෙයේ හෝ උපදේශක තනතුරුවල නියැලෙන්නන් ගෞරවාදරයට පාත්‍ර වේ. නිරෝගී භාවය ඇති වේ. ලෞකික සහ ලෝකෝත්තර දෙයාකාරයෙන්ම ඔබේ දියුණුවට මග සැළසේ.

    ධනු ලග්නය

    හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය.

    සඳු ලග්නයෙන් අට වැන්නේ ගෝචරය එතරම් යහපත් නොවේ. එබැවින් අද දවසේ ඔබෙගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. ජීවිතය සම්බන්ධ අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. අනතුරුදායක කටයුතුවලින් සහමුලින්ම ඈත්වීම නුවණට හුරුය. ශරීර අභ්‍යන්තරය දුර්වල කරන රෝග ඇතිවීමටද ඉඩ තිබේ. යහපත් ලෙස සිටියහොත් ඉහත කී අශුභ ඵල ද අඩු විය හැකිය.

    මකර ලග්නය

    විවාහය අපේක්ෂකයින් ශුභයි

    ලග්නයෙන් හත් වැන්නේ චන්ද්‍රයා ගෝචරය වන අද දින විවාහ අපේක්ෂකයන්ට ශුභයි. එහෙත් විවාහ වූ අය තම ස්වාමියා හෝ භාර්යාව කෙරෙහි එක ස්ථාවරයක නොසිටිය හැකියි. ව්‍යාපාර කොටස් කරුවන් සමගද මත ගැටුම් හෝ වැඩි සබඳතා ඇති කර ගනී. අද දිනයේ ඔබගේ සිතුවිලි චංචල විම ඊට හේතුවයි. සඳු උච්ච, ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර රාශියක තැන්පත් වීමෙන් හෝ ශුභ දෘෂ්ඨි ලද හොත් සියලු ලෞකික සැප සම්පත් ලැබිමට වාසනාව ලැබේ.

    කුම්භ ලග්නය

    රහස් සතුරන් සහ හීන වන ශරීර සෞඛ්‍ය

    ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින අන්‍යයන් ඇසුරු කිරීමේදී තම මතය වෙනුවට අන්‍යයන්ගේ මතය ඉස්මතු වීමට ඉඩ හරින්න. අනවශ්‍ය වාද භේද, මත ගැටුම් මගින් රහසේ සතුරු කරන්නන් ඇතිවීමට ඉඩ ඇත. කෑමට ප්‍රිය වේ. මන්දාග්නිය ආහාර අරුචිය විය හැකි නිසා පැණි රස, තෙල් බැදුම් ආශ්‍රිත ආහාර රුචි විය හැකියි. අජීර්ණය ඇතුළු ආමාශ ගත රෝගවලට ඉඩ ඇති බැවින් ඒවා කෑමෙන් වැළකීම සුදුසුය. ශරීර සෞඛ්‍ය හීන වන නිසා මානසික තෘප්තිය අඩු විය හැක.

    මීන ලග්නය

    අධ්‍යාපන සහ දරුවන්ගේ කටයුතු සඵලත්වයට

    ලග්නයෙන් පස්වැන්නේ චන්ද්‍රයා ගෝචර වන අද දින ඉගෙනන ගන්නා අයගේ උනන්දුව වැඩිවීමට හේතු වෙයි. තරඟ විභාගාදියෙන් ජය ලැබිය හැකියි. ක්‍රීඩාවට ඇළුම් කරන අයට නිරෝගී සුවය හිමියි. දරුවන් ඇති අය දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. ඔවුන් සමග ප්‍රීතියෙන් කල් ගෙවයි. උදරාබාධ සහ කල්පනිකාරී විය යුතුය.