ලගදී බලපු හොද ෆිල්ල්ම් එකක් (18 + ටිකක් )
ගෙදර නිවාඩුවට අවහම කරන වැඩේ දිගටම ෆිල්ම් බලන එක.මේ ටිකේ හොද ෆිල්ම් ටිකක් හම්බුනා එළකිරි වගේ. තනියම බලල තනියම රස විදින්නේ නැතුව මම හිතුවා එළකිරි එකේ share කර ගන්න. කාලෙකින් හොද වෙනස් කතාවක් !!!
තාක්ෂණය! තාක්ෂණය කියන්නේ මහ පුදුම දෙයක්. අද වෙනකොට තාක්ෂණයෙන් තොරව අපට හුස්ම ගන්ඩත් බැරි තැනට ලෝකය පත්වෙමින් යනවා. මේ තාක්ෂණය නොවෙන්නට මිනිසා අන්ත අසරණ වෙන බවට සැකක් නෑ. තාක්ෂණය නැතිව ගියොත් විතරද අපි අන්ත අසරණ වෙන්නේ? ඇයි තාක්ෂණය නිසාම අපි අන්ත අසරණ වෙන්ඩ බැරිද? එහෙම දේවල් ඕනි තරම් වෙනවා දිනපතාම ලෝකය වටාම. ඒ අතරට මිනිස් ජීවිත සසල කරවන සිදුවීම් කොතෙකුත් සිදු වෙනවා. හදිසි අනතුරු, පාවාදීම්, වංචාවන්, තර්ජන, බියවැද්දීම්… බියවැද්දීම් කිව්වම මේ පරාසය බොහොම විශාලයි. නාඳුනන අංකයකින් නාඳුනන කෙනෙක් කතා කරලා නොදන්නා යමක් කිව්වොත්? ඒ ඇමතුමෙන් පසු එම අංකයට ප්රති-ඇමතුමක් ගැනීමට නොහැකි වුණොත්? ඒ ඇමතුම සම්බන්ධ කිසිදු සටහනක් නොවුණොත්? මේ ඇමතුම කවුරු ගත්තා වෙන්ඩ ඇද්ද? මොන හේතුවකට ගත්තා වෙන්ඩ ඇද්ද? කොටිම්ම; මේ ඇමතුම පිටින් ආපු එකක්ද?
සෑම් ශිනාත් එක්ක සතුටින් ජීවිතේ ගෙවාගෙන ඉන්න තරුණයෙක්. ශීනා කියන්නෙ ඔහුගේ ප්රියාවිය. ඔවුන් ෆීජි දූපත් වලට වෙලා සුපුරුදු විදිහට සතුටින් කාලය ගෙවාගෙන ඉන්නවා නිවාඩුවක් ගතකරමින්. ඔය අතරේ සෑම් පාවිච්චි කළ 3G ජංගම දුරකථනයක් මිලයට ගන්නවා. මේක මහ අමුතු ෆෝන් එකක්. කවුදෝ ගැහැණු කෙනෙක්ගෙන් මේ ෆෝන් එකට ඇමතුම් එනවා. නමුත් විමසුවාම එහෙම එකක් ඇවිත් නෑ. අංකයක්වත් නෑ. හරියට ෆෝන් එකම කතා කළා වගේ. කොහෙන් කොහොම ආවද දන්නෙත් නෑ.
නමුත් ලැබුණු ඇමතුම ඇත්තක්. කතා කළේ කවුරු වුණත් ඒ කෙනා කියන දේවල් මොනවා වුණත්, ඒ දේවල් බොරුනම් නෙමෙයි. ඇමතුමෙන් පස්සෙ මේ දෙන්නට මුහුණ දෙන්ඩ වෙන්නෙ කිසිසේත්ම නොසිතන සිදුවීම් මාලාවකටයි. මොකක් හෝ රහසක් නැතිනම් අභිරහසක් මේ ෆෝන් එක හා සම්බන්ධයි. මිනීමැරුමක් ද? බිලිගැනීමක් ද? සියදිවි නසා ගැනීමක්ද?
ඒ මොන දේ වුණත් මේ ෆෝන් එකෙන් අයිතිකාරයින්ට ගැළවීමක් නෑ. ඇමතුමෙන් පස්සෙ අදහාගත නොහැකි සිදුවීම් මාලාවක් සිදුවෙන බව කිව්වනේ මම… නමුත් ඒ හැමදෙයක්ම මේ පුංචි ෆෝන් එකකින් කරන්නේ කොහොමද? සිම් පතක් භාවිතයෙන් අදාල සේවා සැපයුම් ආයතනය හා සම්බන්ධතාවක් ඔස්සේ ක්රියාත්මක වන මේ කුඩා උපකරණය කිසිවෙකුගේ බලපෑමකින් තොරව මෙවැනි දෙයක් කරන්නේ කොහොමද?
ඕඕ…හ්…… එතනදිනම් වැරදුණා වගේ කිසිවෙකුගේ බලපෑමක් නැතුව සිද්ධ වෙන දේවල් නොවෙයි මේ…. ඔබ නොදන්නවාට හැම දිනකම ලෝකයේ දුරකථන පරිග්රාහකයන් බිලියන 4.3ක් අතරින් 60, 000කට අභූත ඇමතුම් ලැබෙනවා. කොහෙන් කොහොම එනවද? කවුරු කොහොම දෙනවද? කියන කාරණා කිසිවෙකුත් දන්නෙ නෑ… නමුත්! එහෙම ඇමතුම් එනවා… මේ ඇමතුම් එන්නේ තාක්ෂණය හා පටලැවිච්ච භූතයෙකුගෙන් වුණොත්? මොන විකාරයද්ද? නෙහ්? අපෝ නෑ විකාර නෙමෙයි! මොකද ඇතැම්මු ඇත්තටම එහෙම හිතනවා!! බලාගෙනයි! ඔබටත් එකක් එන්ඩ බැරි නෑ…
මෙන්න ටොර්රෙන්ට් එක ගන්න ලින්ක් එක
http://www.baiscopelk.com/?p=25820
film එක බලල ඔයාලගේ අදහස් දීල යන්න එහෙනම් අපි ගිය bye
Source : www.baiscopelk.com