ලන්ඩනයේ LTTE ඩයස්පෝරා සිදුවීම

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල කොල්ලෙක්නේ ...දැකලා පුරුදු ඩයල් එකක්


    ආමි එකේ ඉන්නේ සිල් අරන් තපස් රකින එවුන් නෙමේනේ ....:yes::yes::yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එල කොල්ලෙක්නේ ...දැකලා පුරුදු ඩයල් එකක්


    ආමි එකේ ඉන්නේ සිල් අරන් තපස් රකින එවුන් නෙමේනේ ....:yes::yes::yes:
    දැන් කරන්න වෙන්නේ එක තමයි ජොබ් එකට කෙල උනාම.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුළ 70 වන නිදහස් උත්සවය සමරමින් සිටියදී එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවය පළ කෙරිණි. “අපේ නායකයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් දේශය“ යැයි හඩ නගමින් ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධකරුවන් යැයි හඩ නගමින් ඔවුහු විරෝධතාවයේ යෙදිණි.


    එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින්, කොටි හිතවාදීන් ඉදිරියේ සිය නිළ ඇදුමේ වූ සිංහ ධජය පෙන්වමින් සහ කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.


    අදාළ සිදුවීම පිළිබදව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයකට ලක්ව ඇති බවයි. ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී ඇති අතර, මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
    27654738_10213427673679409_4549445354623428873_n.jpg

    මේ අතර එම හමුදා නිලධාරියාගේ තානාපති වරපත්‍ර අහෝසි කර වහාම බ්‍රිතාන්‍ය යෙන් පිටුවහල් කරන්නැයි ඉල්ලමින් “ද්‍රවිඩයන් සදහා වන සර්වපාක්ෂික කණ්ඩායම“ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.“ආරක්ෂක පරිවාරක නිලධාරියා විරෝධතා කරුවන්ට මුහුණ ලා හිඳිමින් ගෙල හරහා කිහිප වතාවක් ඇඟිල්ල යවනු රූපගත කර තිබේ – එය අයකුගේ බෙල්ල කැපීමේ සලකුණකි – එය පැහැදිලිවම එහි සිටි දෙමළ ජනතාව බියගැන්වීමට ගත් උත්සාහයකි. “මේ රටේ අමුත්තකු ලෙස නිල සේවයක යෙදෙන අයකු විසින් මේ විදහා දක්වා ඇත්තේ අයෝග්‍ය, නොමනා සහ තර්ජනාත්මක හැසිරීමකි. මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරියට වහාම කරුනු දක්වා බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගේ තානාපති වරපත්‍ර අහෝසි කර පිටමං කරන ලෙස උදක්ම ඉල්ලා සිටිමු..!” යනුවෙන් ජොආන් රයන් සහ ශොවාන් මැක්ඩොනා ගේ අත්සනින් පෙබරවාරි 5 දා බ්‍රිතාන්‍ය විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු භාර අමාත්‍ය බොරිස් ජොන්සන්ට තද ලිපියක් ලියන දෙමළ ජනතාව සඳහා වන සර්ව පාක්ෂික මන්ත්‍රී කණ්ඩායමක් විසින් අවධාරණය කර තිබේ.
    උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක්..

    විදේශ අමාත්‍යංශයේ මේ ක්‍රියාව පිළිබඳව අදහස් දක්වන විචාරකයන් සඳහන් කරන්නේ විදේශ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මෙම තීරණය අතීශයින්ම උපක්‍රමශීලි ක්‍රියාමාර්ගයක් බවයි.
    එංගලන්තයේ මන්ත්‍රීවරුන් සහ සර්ව පාක්ෂික කොටි මන්ත්‍රී කණ්ඩායම ඉල්ලන්නේ රාජ්‍යත්‍රාන්තිකභාවය අහෝසි කිරීම බවත් එවිට, අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය. එහෙත් විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා යුධ හමුදාවව මූලික වෙලා වැඩ තහනම් කොට පරීක්ෂණයක් කිරීම පිණිස ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා අදාල හමුදා නිලධාරියාව එංගලන්තයේදීම අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්ය..
    අපේ රට වෙබ් අඩවියට වාර්තා වන අන්දමට මෙම උද්ඝෝෂණයට සහභාගී වූ මෙම උද්ඝෝෂකයන් සියලුම දෙනා සරණාගත වීසා වලින් එංගලන්තයට පැන ගොස් සිටින අයවලුන් බව සඳහන්.
    අවුරුදු 30ක යුද්ධය නිමාවට පත් කර දැනට අවුරුදු ගානක් වූවත් මොවුන් සියලුම දෙනා විවිධ ප්‍රශ්න මවා පාමින් තානාපති නිලධාරීන් ඇවිස්සීමට පටන් ගැනීමත් සමග නිහඬව සිටීමට නොහැකි වූ අවුරුදු ගණනක් සක්‍රීය සේවයේ යෙදී සිටි ආමි ඔෆිසර් තරහා ඉවසා දරා ගත නොහැකිව මෙම සංඥා කිරීම කල බවයි වාර්තා වන්නේ.
     

    Convertainers

    Active member
  • Dec 2, 2017
    210
    88
    28
    Nuwara Eliya
    යුද්ධයේදී ජයග්රහණය හිමිවන්නේ බාහු බලයට වඩා උපායශීලිත්වයටය.යුද්දයේදී ආවේගශීලීවීමෙන් සිදුවන්නේ විනාශයකි. යුද්දයේදී අප ඉදිරි ක්රියාමාර්ගය තේරිය යුතුවන්නේ සතුරාගේ උපායමාර්ගික අරමුණ කුමක්දැයි නිවැරදිව වටහා ගැනීමෙන් පසුවය
    ඉතින් පෙබරවාරි 04 දා ලන්ඩනයේ ශ්රී ලoකා තානාපති කාර්යාලය ඉදිරිපිටට දෙමල ඩයස්පෝරාව රැස්වූයේ ඒ ප්රස්ථාවෙන්ද දෙමල බෙදුම්වාදයට කිසියම් ප්රචාරක වාසියක් ලබාගැනීමටය.ඔවුන් ලෝකයට දෙන්නට හදන පණිවිඩය වන්නේ ලoකාවෙ දෙමල ජනයා මහජාතියේ නිරන්තර පීඩාවට පත්වන බවය. එහිදී ඔවුන් අපේ ආරක්ශක හමුදාවන් වෙත කෙලින්ම ඇඟිල්ල දිගු කරනවා මානව අයිතිවාසිකම් උල්ලඝනය කරන බවට.

    එවන් පසුබිම් සoදර්භයක අප කටයුතු කලයුතුව ඇත්තේ අතිශයින් ප්රවේශමෙන් සහ උපායශීලීවය. එසේ නොකලහොත් එහි ප්රචාරක වාසිය නිතැතින්ම සතුරා විසින් උපරිමයෙන් ඒ අයගේ වාසියට යොදාගනු ඇත. මන්ද ඔවුන් මේ ස්ථානයේ මේ විරෝධතාවය සවිධානය කිරීමේ මූලිකම අභිලාශය වන්නේද එයයි.විෂේශයෙන්ම රාජ්යතාන්ත්රික මට්ටමේ අය සාමාන්ය සිවිල් පුරවැසියන්ට වඩා උපායශීලීවියයුතුය.

    මේක මටනම් පෙනෙන්නේම පිටත ඉන්නට සෑහෙන දුරින් යන පන්දුවකට නිදැල්ලේ යන්නට නොදී එල්ලකල අනවශ්ය ප්රහාරයක් කඩුළු රකින්නා හෝ ස්ලිප් ක්රීඩකයකු අතට පත් කිරීමක් වගේය.
    -ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න-

    Menna meka thamai mageth personal adahasa...
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කරන්න ඕනේ වැඩක් නෙමෙයි කරේ: යුද්දේ කරන්න ඇති : එත් හැම වෙලාවේම ඒ මානසිකත් වය ඇත අරින්න ඕනේ: මෝඩ වැඩක් : දිග්ගස්සියෙයි ඕක;
    එල කොල්ලෙක් කියන එවුන්ට කියන්න තියෙන්නේ ඕක උබල ඔය එන මොරාල් එකට කියන කතාවක් මිසක් ඒ අවස්ථාව අධ්‍යනය කරලා කියන දෙයක් නෙමෙයි
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    එල කොල්ලෙක්නේ ...දැකලා පුරුදු ඩයල් එකක්


    ආමි එකේ ඉන්නේ සිල් අරන් තපස් රකින එවුන් නෙමේනේ ....:yes::yes::yes:

    ගොනෙක්ට තුවක්කුවක් දෙන්න එකෙයි මොලේ තියන එකෙක්ට තුවක්කුවක් දෙන එකෙයි වෙනසක් තියනවා
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "අවර් නේෂන් තමිල් ඊළාම් -අවර් ලීඩර් ප්‍රභාකරන්"
    කෑගසන්නන්ට බෙල්ල කට් පෙන්නූ බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම්


    collage.png


    70 වැනි නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවයක් පැවැත්වෙන අතරතුර එය ඉදිරිපිටට රැස්වූ කොටි හිතවාදී ඩයස්පෝරා සාමාජිකයින් "අවර් නේෂන් තමිල් ඊළාම් -අවර් ලීඩර් ප්‍රභාකරන්" ආදී ලෙස වියරුවෙන් කෑගසමින් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
    මෙම අවස්ථාවේ ඒ දෙස බලා සිටි පිරිස අතර මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාද සිටි අතර ඔහු ඔවුනට ප්‍රතිචාර ලෙස
    ‘බෙල්ල කපාගන්න තමයි‘ ආකාරය හඟවන පරිදි සංඥාවක් නිකුත් කළේය. එය අවස්ථා තුනකදී පමණ කර තිබුණි.
    එය දැක්වෙන වීඩියෝ පටය මේ වනවිට සමාජ මාධ්‍යවල පැතිරී තිබේ.
    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී පරීක්ෂණ නිමවනතුරු මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි දැනුම් දී ඇතැයි වාර්තාවේ.

    විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

    “ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලි ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.

    මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත”.


    source: Gossiplankanews