රට ගිහින් ආප්ප දාල ලංකාවට ආවම බලන්න ඕනෙ ලොකුකම
උබලා වගේ හිතන උන් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ, එකයි අපේ රට ලෝකෙට ණය වෙවී අන්ත දුප්පත් හිගන රටක් වෙලා තියෙන්නේ,
උබලා රස්සා මනින්නේ අමුතු විදිහට.ඒක ඉතින් අපි සුද්දට වහල් වෙලා හිටපු නිසා වෙන්න ඇති,
උබේ නෑයෙක් දොස්තර, නැත්නම් සර්ජන් කෙනෙක් නම්. ලොකුවට කට උල් කරලා කියනවා අපේ මාමා සර්ජන්. හැබැයි ඌ කරන්නේ ලෙඩුන්ගේ කුණු ජරාව අතගාන එක , ඒවා කපලා ඉවත් කරන එක. බැලුවොත් කුණු අදින මනුස්සයා ඔය තරම් කුණු අල්ලනේ නැතුව ඇති.
එත් අපිට කුණු අදින එකා පහත් ඩොකා උසස්.
හෝටලේ වේටර් පහත් . ගුවන් සේවකයා/සේවිකාව පොෂ්
ආප්ප පුච්චලා ජිවත් වෙන ගෑණි චා ,හොරුන්ට මිනීමරුවන් වෙනුවෙන් අර ෆැන් වත් නැති උසාවියේ දාඩිය ගෙන දගලන lady lawyer උසස් .
අනේ මන්ද රට කවද හැදෙයිද කියලා .