ලබන්නාවූ නව වසරේදී
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් පිංවත් ඔබ සීලමය, දානමය පිංකම් උදාවෙන සෑම නව වසරකම ඔබට මුණගැසෙන කළ්‍යාණ මිත්‍රයා කරගන්න. ඔබට සුබපතන හිතවතා කරගන්න. ඒ කළ්‍යාණ මිත්‍රයා ඔබට සුබපැතුවොත් පමණක්මයි ඔබ ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය සුබ ජීවිතයක් වෙන්නේ. ලැබුවා වූ නව වසර සුබ වසරක් වෙන්නේ.
මේ කළ්‍යාණ මිත්‍රයා ඔබ තුළමයි සැඟවී සිටින්නේ. මොහු සැඟවී සිටින්නේ ලෝභ, ද්වේෂ, මෝහ නමැති මාර ධර්මයන්ට භියෙන්. එසේත් නැතිනම් මාර ධර්මයන් කෙරෙහි ඇති කරගත් ජන්ද රාගය නිසා ඔබට සැඟවෙමින්. පිංවත් ඔබ දක්ෂවෙන්න ඕනේ මේ බියෙන් ඔබේ කළ්‍යාණ මිත්‍රයා මුදවාගන්න. ඉස්මතුකොටගන්න. එය කරන්න පුළුවන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, කර්මය කර්මඵල පිළිබඳ විශ්වාසය ඔබ තුළ ඇතිකරගැනීම තුළින්. මේ කාරණා දෙකේ අර්ථයෙන් ඔබ සන්නද්ධ වෙනකොට ඔබේ කළ්‍යාණ මිත්‍රයා ශක්තිමත් භාවයෙන් නැඟීසිටිනවා. ඔබව කුසල් මාවතට යොමුකරනවා. සතර අපායෙන් මිදීමේ මාවතට ඔබව යොමුකරනවා. භික්ෂුව මේ දේවල් සටහන් කළත් මේවා අර්ථවත්ව ක්‍රියාත්මක වීම බොහොම දුර්වලයි. ඒ නිසා ඔබ අනුන් ගැන සිතන්න එපා. ඔබ තනි තනිව ඉහත සටහන ජීවිතයට ගලපාගන්න. ලෝකය, ලෝකයේ ස්වභාවයෙන් පවතීවී. පිංවත් ඔබ ලෝකයෙන් මිදීමේ ස්වභාවයට එන්න. ලෝකයෙන් මිදීමේ ස්වභාවයට සැමවිට තිබෙන්නේ අඩු පෝලිම බව ඔබ සිතන්න ඕනේ. සෙනඟ වැඩි, පිරිස වැඩි පෝලිම හැමදාමත් ලෝකයේ පැවතීම දෙසටයි තිබෙන්නේ. ඒ කියන්නේ දුක දෙසට. මාරයාගේ ලෝකයේ ව්‍යවහාර මුදල් තමයි දුක. සමාජය අලුත් වටිනාකම් හැටියට සොයාගන්නා, ක්‍රියාත්මක කරන දේවල අවසාන ප්‍රතිඵලය දුකයි. ඇයි පිංවත් ඔබට බැරි ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ සිතේ ඇති වූ සිතිවිල්ලක් ජීවිතයේ තීරණාත්මක අවස්ථාවක, ජීවිතයේ සුබ අවස්ථාවක ඔබේ සිතුවිල්ලක් කරගන්න. ඇයි ඔබට බැරි අතීතයේ වැඩසිටියා වූ රහතන්වහන්සේ නමකගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක් ඔබේ සිතිවිල්ලක් කරගන්න. එවන් උත්තමයකුගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක් අපිට සිතන්න බැහැයි කියමුකෝ. එහෙමනම් ගිහි ජීවිත ගතකළ අනේපිඬු සිටුතුමන් විශාඛාව වැනි ධර්මයෙන් ජීවිතය ජයගත් පිංවතුන්ගේ සිතෙහි ඇති වූ සිතිවිල්ලක් ඔබ ඔබේ සිතිවිල්ලක් කරගන්න. එහෙම සිතනකොට මොනතරම් සැනසිල්ලක්ද ජීවිතයට. මෙවැනි ශ්‍රද්ධාවෙන් සකස්වෙන සිතිවිල්ලකට පුළුවන් ඔබට අප්‍රමාණ සැපයක් මෙලොව පරලොව වශයෙන් ලබාදෙන්න. පිංවත් ඔබ දෙසැම්බර් 31 රාත්‍රියේ රතිඤ්ඤාවක් පත්තු කරලා ඔබව එහි පිපිරුමට බියෙන් ඈතට දුවනවා. නැතිනම් රතිඤ්ඤා කරල ඈතට විසිකරනවා. රතිඤ්ඥාව පත්තු වෙනකොට එහි පිපිරුම් හඬට බියෙන් ඔබ ඔබේ කන්දෙක වසාගන්නවා. ඒ කියන්නේ ඔබම එම ක්‍රියාවෙන් පීඩාවට පත්වෙනවා. ඔබ පීඩාවට පත්වෙමින් අන්‍ය සත්වයන්වත් පීඩාවට පත්කරනවා. අවසානයේදී එකම රාත්රියේදී සියල්ලෝම පීඩාවට පත්වෙලා. රතිඤ්ඤාව පත්තු කරන කෙනා තුළ සතුටක් ඇතිවෙනවා තමයි. එම සතුටත් කාමච්ජන්දයන් ගණයටයි වැටෙන්නේ. කාමච්ජන්දයන් කියලා කිව්වේ පංචනීවරණයෙන් එක ධර්මතාවක්. මාරයා විසින් සත්වයා සතර අපායෙන් එතෙරවීම වැළැක්වීම සඳහා දමන මර තොණ්ඩුව තමයි කාමච්ජන්දය කියන්නේ. නව වසරක උදාවට පිංවතුන්ලා නොදැනුවත්භාවය නිසාම මාරයාගේ මර තොණ්ඩුවක් සියතින්ම ගෙලට දමාගෙන.
වැඩි දුර කියවීම සඳහා පිවිසෙන්න budhadhamma

Last edited: