මේ වැඩේ වැඩියෙන්ම වෙන්නෙත් ආසියාවේ..වැඩිම සැත්කම් ප්රමාණයක් වෙන්නේ චීනය හා ද.කොරියාවේ ප්ලාස්ටික් කෑල්ලක් ඇඟේ නැති කෙල්ලෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැරි ගානට මේ වැඩේ අවාසනාවන්ත විදියට පැතිරෙනවලු.
මේ වැඩවලට යන වියදම ගොඩක් සැරයි.වගේම නඩත්තු කරන්නත් යම් වියදමක් දන්න වෙනවලු.මේ නිසා ඔය රටවල් වල මේ වැඒ හොරාට කරන උන් හරියට ඉන්නවලු.(මෙහේ ඇබෝෂන් කරනව වගේ ඇති.කොච්චර ඇල්ලුවත් ඉවරයක් වෙන්නෙත් නෑ අල්ලලා එළියට දාපු එකා ආයේ කරන්නෙත් ඒක.)ඒ වගේ තැන් වල සහය තමා සමහර අයට ලබා ගන්න වෙන්නේ අර වියදම වැඩි නිසා.ඒ නිසා දැන් මේ රටවල් වල මේ සම්බන්ධයෙන් දැඩි නීති අරන් ඇවිත් තියෙනවා.කතාවට නම් කියන්නේ මේ වැඩේට සුපිරිම වැඩ්ඩෝ දැන් ඉන්නේ ද.කොරියාවේ කියල.ඒ පිටි පස්සෙත් ලස්සන කතාවක් තියෙනවලු.ටියේටර් එක ඇතුලට යන කෙනා සමහර විට එලියට ආවම තමන්ව වත් අඳුන ගන්නේ නෑලු.සමහර අයට රට ඇතුලට ආපු passport එකෙන් ආයේ එළියට යන්නත් බෑලු.ඒ නිසා ඒ වෙනුවෙන් වෙනම Process එකක් හදල තියෙනව ඒ රස්තියාදුවෙන් ගැලවෙන්න.(හිතහන්කෝ දවසකට කොච්චර දෙනෙක් ඔය වැඩ කර ගන්න එනව ඇද්ද කියල.)
කොහොමත් කෙල්ලෝ මෙච්චර ලස්සන වෙන්න දඟලන්නේ..අයෙක් තමන්ගේ පෙම්වතා නැත්තම් ස්වාමියා පිට යන එක නවත්ත ගන්නලු.(ඒ පැත්තෙන් බැලුව නම් ...) ඒකට අපේ රටේ තනිකඩ කොල්ලෝ කොච්චර ඉන්නවද මෙහෙ හොකටු කෙල්ලොන්ට අගේ නෑ..