ලයන් එයාර් යානාවට කොටි මිසයිල
වසර 18 කට පෙර මගීන් 55 දෙනකු මරුමුවට පත් කරමින් ලයන් එයාර් යානාවට කොටි මිසයිල ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියට සම්බන්ධව පරීක්‍ෂණ නතර වී ඇත.
2013 මැයි මස මෙම යානාවේ සුන්බුන් ඉරනතිව් මුහුදේ තිබී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ඉරනමඩු මුහුදු වෙරළ හාරා පරීක්‍ෂණ පවත්වා ඇතත් යානාවේ මගීන්ගේ ඇටකටු හමු වී නැත.
ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාරය එල්ල කළ නිල්ලරාඡ් නමැති කොටි ත්‍රස්‌තයා අත්අඩංගුවේ පසුවන අතර ඔහුද දේශපාලන සිරකරුවකු ලෙස හඳුන්වමින් නිදහස් කරගැනීමට ද්‍රවිඩ සන්ධානය උත්සාහ කරන බව ආරංචි මාර්ග පැවසීය. 2013 න් පසු ලයන් එයාර් විමර්ශන නතර වී තිබෙනවා යෑයි ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග පැවසීය.