ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලයිට් කැපුවහම කරුවලේ ඉන්න එකද කරන්නේ ?

    අපිට කරන්ට් කපනවා කියන එක අලුත් දෙයක් නෙවෙයිනේ, එනවා යනවා කියන එක සාමන්‍යය දෙයක් බවට වෙලා, නැතිනම් maintenance වලට දවසම විදුලිය කපන එකද දැන් පුරුදු දෙයක්. මේකට විසදුමක් නැද්ද ? කෙනෙකුට හිතෙන්න පුලුවන් Solar දැම්මනම් හරි කියලා. නමුත් සෝලර් දාන්නේ නෙට් මීටරින් නම්, කරන්ට් එක කැපුවහම ඒකත් නැති වෙනවා. මේකට හේතුව, solar වලින් උත්පාදනය වෙන විදුලිය Storage වෙන්න තැනක් නැතිඑක.

    ලාබෙට කරන්න පුලුවන් දෙයක් මමත් සොයලා බලනකොට (මීට වසරකට පමණ කලින්) පොඩි ගැටලු ටිකක් ආව.

    • කියක් වියදම් වෙයිද ?
    • මේකෙන් මුලු ගෙදරම දුවන්න ඕනේ ද ?
    • කොචර කාලයක් විදුලිය නැතුව ඉන්න පුලුවන්ද ?

    පලමු එකට පිලිතුර නම් දෙක හා තුන දැනගෙන ඉන්න ඔනේ.

    • නෑ, ලයිට් 5-6ක්, ෆැන් 2ක් හා refrigerator එක හා ඉන්ටර්නෙට් රවුටර් තුනක්, CCTV, Home Security System
    • පැය 20ක් පමණ.

    දැන් බලමු පළමු එකට උත්තර, වැදගත්ම එක…


    දැන් බාවිතා කරන උපකරණවල විදුලි පරිබෝජනය බලමු.

    • ලයිට් 6ට, එකක් වොට් 4 බැගින් 24wක්.
    • ෆෑන් දෙකට වොට් 160wක්.
    • ෆ්‍රිජ් එකට, ෆ්‍රිජ් එක ඉන්වර්ටර් නිසා උපර්මට 350wක් උවද, normally 200w පමණ.
    • CCTV, Security System ටිකට 50wපමණ.
    • රවුටර් ටිකට 20w පමණ.

    මුලු එකතුව 600w පමණ. දැන් කාලය පැය 20ක් නිසා (600w x 20h) 12000 wh නැතිනම් 12kwh, (kilowatt-hour) දැන් මේ අනුව මට 12kwh බැරටි පද්දතියක් උවණා වෙනවා. මේ සදහා මම යොදාගන්න හැදුවේ ලාබ කාර් බැටරි (no maintenance මාදිලිය) හැබැයි මතක තියාගන්න කාර් බැටරි නිපදවා තිය්නේ මෙලෙස දිගුකාලය විදුලිය ලබාගන්න නොවන අතම, discharge/charge එක දිගට නොවෙන තැන්වල බාවිතයට. එක දිගට charge/discharge වෙනකොට කාර් බැටරි ඉක්මනට නරක් වෙනවා. මේ සදහා සුදුසු deep cycle battery වේ.

    බැටරි එන්නේ ah (Ampere hours) නමුත් අපි ගණන් හැදුවේ wh (watt hours), ඒක හදන්න ලේසියි, දැන් උඩ ඔකොම ගණන් හදුවට යන වියදමත් ඒකත් පොඩි කතාවක් තියන නිසා. මම මුලින් හිතුවා 12v 65ah බැටරි 6යක් ගන්න. ඒ කියන්නේ (65 * 6 = 390ah) එතකොට 390ah x 12v කියනේ 4680wh නතිනම් 4.68kwh. බැටරි වලට වසර 5ක වගකීමක් එක්ක තමයි ආවේ. (තවද ම්තක තියාගන්න 4.6kwh ම බාවිතා කරන්න බැරි බව.)

    1010630_10208364499140455_508325839412121181_n-225x300.jpg


    බැටරි ටික ගෙනාවා. දැන් ඔනේ මේ බැටරිවල විදුලිට අපි ගෙදර බාවිතා කරන 230V AC 50Hz වල්ට හරවන්න, මෙතනදි Inverter එකක් බාවිතා කරන්න වෙනවා, Inverter වර්ග කීපයක් එනවා. ලොකු transformer එන, නැතිනම් SMSP, Pure Sine waves (දැන්ට අපිට ලැබෙන විදුලිය sine waves වේ) නැතිනම් ලාබම SMPS modified sine waves, මම ඉතින් ලාබ මග තෝරාගත්තා.
    ගත්තේ PROLiNK IPS2400 2400VA මේක මගේ වැඩේට හොදට ඇති. මගේ උපරිම විදුලි බාවිත වොට් 600ක් පමණ වෙන නිසා 1200w ලැබෙන එකක් ඇති. (උපරිම බාවිත x 2) මොකද ෆැන්, ෆිර්ජ් මුලින් ආරම්බ වෙනකොට එක පාරට විදුලිය ගොඩක් ගන්නා නිසා. modified sine waves ගොඩක් උපකරණ වලට හොද නෑ 🙂

    1464670_10208373326201126_8644499259050495862_n-225x300.jpg


    Inverter එක තෝරාගැනීම.

    • බාවිතය උවම්ණ වොට් ප්‍රමාණය තිබීම.
    • බැටරි ආරෝපකයක් තිබිම. (බාවිතා කරන Ah වලට සහය දිය යුතුයි.)
    • ඉබේ විදුලිය නැණ සිටිවිට බැරටිය මාරු වීම.
    • Overload and short circuit protection තිබිම.

    10343676_10208373326561135_1663242768185417126_n-1-225x300.jpg


    හරි, මීලඟ වැඩ ටිකට විදුලි කාර්මිකයෙකුගේ සහය ගන්න, inverter එකට අදල පරිපත වෙන්කොට ඒ අදාල විදුලි බල්බ, පේනු වට වෙන වෙනම්ට විදුලිය ලබාදෙන්න වෙනවා. ඒ වගේම බැටරි නිවසින් පිට සවිකල යුතු අතරම හොද DC Breaker එකක් සවිකල යුතුයි. බැටරි short උවහොත් ගිනිනැනීම් වගේම පිපිරිමකට ලක් වෙන්න පුලුවන්. සවි කරනකොට ඉතාමත් පරිස්සම් විය යුතුයි.

    දැනට මේක සවිකරලා වසරකට වැඩියි, මේ වෙනකන් කිසිම දෙයක් කරලා නෑ, බැටරි වෙලට terminal මරු කිරීම හැරෙන්න, ඒක කරේ වැස්සට මලකෑමට ලක්වෙලා නිසා. උවමණානම් Solar + Battery + Inverter උවද බැවිතා කරන්න පුලුවන්!


    උපුටා ගැනීමකි. කාටහරි ප්‍රයෝජනයක් වෙයි. :yes:
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    battery walata kiyak giyada puthee?
    deep cycle kohenda gatte ?

    කීප දෙනෙක් ගිය වියදම අහුවා, බැටරි එකක් රු.12,000 පමණ උණා, ඉන්වර්ටර් එක රු.22,000 අපමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ ගියා..

    original article - http://sinhala.kalingasblog.com/2017/07/04/ලයිට්-කැපුවහම-කරුවලේ-ඉන්/
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කීප දෙනෙක් ගිය වියදම අහුවා, බැටරි එකක් රු.12,000 පමණ උණා, ඉන්වර්ටර් එක රු.22,000 අපමණ, අනිත් දේවල් වලට රු.5000 පමණ ගියා..

    original article - http://sinhala.kalingasblog.com/2017/07/04/ලයිට්-කැපුවහම-කරුවලේ-ඉන්/
    ඉතින් ජෙනියක් ගත්තනම් ලාබයිනේ බන්.. ආයේ අව්ව වැස්ස අනන් මනන් නැනේ.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thel wiydama....:P:P

    meka hodayi spermarket walata....currun kapuwama emergency light 2k 3 k pitakotuwen aran tiya gattama hari...
    හැමතිස්සෙම නැනේ බන් කරන්ට් එක යන්නේ. මේ සිස්ටම් එකට 30-40ක් යට කරන වෙලා අරක ලාබයි ජනියකට. එක දිගට යුස් කරන්න නම් ජෙනිය පාඩුයි මේක ලාබයි. මේකෙන් සාමාන්ය ගෙදර උපකරන කන්ටිනුවස්ලි දුවන්න පුලුවන්ද?
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හැමතිස්සෙම නැනේ බන් කරන්ට් එක යන්නේ. මේ සිස්ටම් එකට 30-40ක් යට කරන වෙලා අරක ලාබයි ජනියකට. එක දිගට යුස් කරන්න නම් ජෙනිය පාඩුයි මේක ලාබයි. මේකෙන් සාමාන්ය ගෙදර උපකරන කන්ටිනුවස්ලි දුවන්න පුලුවන්ද?

    apita hama welawema ira eliya ekama widiyata wateyi kiyala hithanna baane ban...e hinda hama welawema bari wei ne
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    apita hama welawema ira eliya ekama widiyata wateyi kiyala hithanna baane ban...e hinda hama welawema bari wei ne
    මාත් හිතන්නේ ඔක පොඩි එක පැනල් එකකින් කරල නම් බැරි වෙයි. එහෙනම් ලොකු ෆාම් එකක් වගේ යාපනේ, වවුනියා පැත්තේ කලානම් බැට්‍රිවලට ගබඩා කරගන්න පුලුවන් වෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පුටේ මේකට වඩානම් ජෙනියක් ලාබයි

    මොකද

    බැටරි එකක් රු.12,000 ඒ කියන්නේ බැටරි 6 ට 72000
    ඉන්වර්ටර් එක රු.22,000 පමණ,
    අනිත් දේවල් වලට රු.5000 පමණ
    මුළු වියදම 99000
    ඒත් Solar නැතුව. ඒ නියන්නේ චාජ් වෙන්නෙත් ගෙදර කරන්ට් එකෙන්මයි. :P