ලයිබීරියාව එබෝලාවෙන් වැනසෙයි

kasippu

Banned
Aug 18, 2011
63
5
0
ලයිබීරියාව එබෝලාවෙන් වැනසෙයි

එබෝලා ලයිබීරියාව කළඹයි
2014 අගෝස්තු මස 01 00:41:38 | වේරගොඩගේ සජිව විජේවීර

එබෝලා වෛරසය පැතිරීයාම පාලනය කිරීමට ලයිබිරියාවේ සියළුම පාසල් වසා දැමීමට එරට රජය කටයුතුකැර ඇත. අත්‍යාවශ්‍ය නොවන සේවාවන්හි නිරත රජයේ සේවකයන් දින 20ක කාලයක් නිවාඩු යවා ඇති අතර හමුදා සෙබළු එම කාර්යයන් ආවරණය කිරිමට යොදා ඇත.
ලයිබීරියා රජය පවසන්නේ රෝහල් පිරී ඇති බවයි. රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගන්නා ආසාදිතයන් පිරිසක් ද සිටිති. අද ලයිබීරියාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. සියළුම පොදු ස්ථානයන්හි නිරෝධායන කටයුතු සිදුකරන බව ලයිබීරියා ජනපති සර්ලීෆ් බවසයි.
සියළුම අමාත්‍යාංශවල හා ව්‍යාපාර වල අත්‍යාවශ්‍ය නොවන සේවකයන් දින 30ක් නිවාඩු යවන ලෙස ද රජයෙන් උපදෙස් ලැබී ඇත.