හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා.
මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ.
රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.
ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්.
ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ.
මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්.
මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ.
මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.
හැමෝම අපි වගේ හිතන්නේ නෑනේ බන්. මේකෙම ඉන්නේ හදවත "විතරක්" ලස්සන කෙල්ලෝ හොයන උන්.. හදවතේ ත්‍රිතුන්ඩ කපාටේ හරිය වෙන්ඩ ඇති ඔය කියනවා ඇත්තේ. හැමෝම බීඑම්ඩබ්ලිව් ගන්නේ නෑ ඇල්ටොත් ගන්නවා.. හැමෝම ලක්ශරි ගෙවල් හදන්නේ නෑ කුලියටත් ඉන්නවා. අපේ සමාජේ ගත්තොත් කෙල්ලො නෙමේ කොල්ලො ගහන උනුත් ඉන්නවා. එලුවෝ ගහන මුස්ලිම් නානලත් ඉන්නවා
. මේකේ 1-100යට යනකන් හැම ශේත්‍රයකම කට්ටිය ඉන්නවා.. ඒ නිසා ඕනේ අයිටම් එකක් මාකට් කලෑකි මේකේ බයවෙන්න දෙයක් නෑමම කිව්වේ බුදුන් වහන්සේ පවා ගැහැනියක් සතු වටිනා දෙයක් විදිහට විස්තර කරපු සාදයක් ගැන


ආ තව එකක්.. මම එලකිරියේ මගේ මම මා කියන වචන හැකි උපරිමෙන් පාවිච්චිය අවම කරනවා. පාවිච්චි කරන්නේ නැතිම තරම්, මම මෙතන අදහස ඉදිරිපත් කලා මිසක් මගේ "පොර ජාතකේ" ඉදිරිපත් කලේ නෑ වයිෆ් ගැනවත්

රෙප් 25+
එකවුන්ට් එකක් හදපු එකේ දිගටම අපි එක්ක එලකිරි ඉමු... ජයවේවා




Last edited:
නේ නැද්ද මචං
නාකි නානලට රිදෙයි මේකට




