ලසිත් මාලිංගට, ක්‍රිකට් ආයතනය විසින් අවස&#3505

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලසිත් මාලිංගට, ක්‍රිකට් ආයතනය විසින් අවස&#3505

    නැවත ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවශ්‍ය නම් වහාම දේශීය ක්‍රිකට් පිටියට පැමිණ ක්‍රීඩා කරන ලෙස වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට, ක්‍රිකට් ආයතනය විසින් අවසන් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තාවෙයි</p>

    <p>එසේම පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස සිය කාලය අපතේ යැවීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කණස්සල්ලෙන් පසුවන බවද වාර්තාවෙයි.</p>

    තේරීම් කමිටුවෙන් තමාට අසාධාරණයක් වූ බවත් සීමිත ඕවර තරඟාවලදි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවද මාලිංග පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

    මාලිංග අවසන් වරට ජාත්‍යනත්ර තරඟයක් ක්‍රීඩා කළේ මීට මාස 07කට පමණ පෙර වන අතර, ඔහු නියෝජනය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර අයිපීඑල් තරඟාවලියට ඔහු මිලදී නොගත් බැවින් පසුව පන්දු යැවීමේ උපදේශකවරයෙකු වශයෙන් එම කණ්ඩායමට එක්විය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් එක්දින තරගාවලිය අද (02දා) ආරම්භ වීමට නියමිතය.

    අපි ලසිත්ට දන්වා තිබෙනවා ඔහු තෝරා ගන්නවා කියලා. නමුත් ඔහු අන්තර්පළාත් තරගාවලිය ක්‍රීඩා කරන්නේ නැත්නම් තේරීම් කමිටුවට ඔහු ගැන සළකා බලන්න බෑ.”යැයි මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා මහතා පවසයි.