Thanks මචන් පැහැදිලි කිරීමට. එත් බන් මට මේ උත්තරයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. එට්තකොට මට හිතෙනවා වැඩියෙන් වටින්නෙ බුදුන් පිට දුන් ගහේ අතු ශාකාවක් ද බුදුන්ගෙ දාතුවක් ද කියල ප්‍රශ්නයක්?ගියා කියල ඔක්කොම ගියෙ නෑ. කලින්ට සාපේක්ශව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නෙ. ජයශ්‍රී මහ බෝධිය බලාගන්න කොහොමත් වෙනම ගමක් ඒ කාලෙ ඉදලම තියෙනව අදත් තියෙනව. එයාල මොනව උනත් යන්නෙ නෑ. ඔතනින් උඩහට වෙන්න වන්නි බණ්ඩාරල ටිකත් ඉතුරු උනානෙ. එයාලට තනියම වෙහෙර නඩත්තු කරන්න පිරිස් ශක්තියක් තිබ්බෙ නෑ.
උබ හිතෙන විදියට වැඩියෙන් වටින්නෙ බෝදිය ද? චෛත්‍ය ද?මේකත් එකක් තමා උන්ට කන්න බොන්න වැව් ටික කුඹුරු ටික මේන්ටෙන් කරගන්න ගියාම අයෙ වෙහෙර විහාර නඩත්තු කරන්න වෙලා තියෙන්න නැතුව ඇති.
බෝධියක් බලාගන්න එකයි වෙහෙරක් බලාගන්න එකයි සෑහෙන්න වෙනස් වැඩ දෙකක් නෙ.
------ Post added on Apr 19, 2023 at 1:03 AM
මෙකෙ තියන ගොඩක් එවා තෙරුනෙ නෑ. හැබැයි අන්තිමට කියපු දේදි මට හිතෙනවා වැටුනු තාප්පෙ කෑල්ලක් හදලා අනිත් කල්ල නොහදා ඉන්නවා වගේ දෙයක්?ඉතිහාසය ශාස්ත්‍රීයව ගවේෂණය, ජාතික රාජ්‍යයෙ ඓතිහාසික කාර්‍යභාරය සහ අතීත ශ්‍රී විභූතිය වගේ ඒව නීතිය, ලිබරල්වාදය, ජාතිකවාදය වගේම බටහිරින් අපෙ ඔලුවල සූත්‍රගත උන දේවල් තමා. හිස්ටොරිකල් සිංහලයා සහ නූතන සිංහලයා අතර තියෙන සයිකොලොජියෙ වෙනස ගැන හිතන්න.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්දියාවෙ හිටි සුදු ජාතික සිවිල් සේවකයො (මොවුන් බොහෝ අය ඒසියැටික් සංගමයෙ හිටපු, ඇඩ්වෙන්චර් එකක් හොයමින් ඉන්දියාවෙ පරිපාලන කටයුතු වලට ඉල්ලුම් කල ඉතිහාසය හෝ සම්භාව්‍ය සාහිත්‍ය පිලිබඳ ඔක්ස්බ්‍රිජ් උපාධිදරයො) අශෝක ස්ථම්භය දැකල අවට ඉන්න ස්වදේශික මිනිස්සුන්ගෙන් අහනව ස්ථම්භයෙ ලියල තියෙන්නෙ මොනවද කියල. මිනිස්සු උඩ බිම බලනව, බැලින්නම් එයාලත් ඒ අක්ෂර දන්නෙ නෑ පැරණි වැඩිකමට. බටහිර ඉන්දීය නිම්න වල තිබුන වලං කැබලි සුද්දො ගොඩගත්තම ඒ තමන්ගෙ පූර්වජයන් වන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ අවශේෂ බව ස්වදේශික ජනතාවට අදහසක් තිබුනෙ නෑ.
යම ලෝකෑල් එකක ජීවත් වන ජනයා එහි ස්වභාවය තමන්ට අදෘශ්‍යමාන වෙන තරමටම එයට හුරු වීම වළක්වන්න බෑ. අවුරුදු දහස් ගණනක පරිමාණයකදි මේක තවත් අදාළයි. වඩා ඉන්ටරස්ටින්ග් විදිහට ඒ ගැන විමසන්න පුලුවන් වෙන්නෙ පිටස්තර ඇසකට. ඉන්දියාව ගැන කලින් ජේදයෙ කිව්ව සිද්ධි දෙකට සුදු ජාතිකයොන්ගෙ මැදිහත් වීම නතර උනේ ප්‍රාථමික ශිෂ්ඨාචාර ගැන චිත්‍රය අප්ඩේට් වීමෙන් සහ සංස්කෘත, ප්‍රාක් ඉරානියානු වගේ භාෂාවන් පළමු වතාවට බටහිරට මුනගැහිල නූතන යුරෝපීය භාෂා සමඟ ඒවායෙ තිබුන ව්‍යුහාත්මක සමාන කම් හඳුනාගෙන භාෂා විද්‍යාව නැමති අලුත්ම අධ්‍යයන ක්ෂේත්‍රයකුත් බිහිවෙලා.
තමන්ගෙ ගෙදර අසල තියෙන ගරාවැටුන තාප්පයක් දිහා දෙවරක් බලන්නෙ නෑ වගේ පශ්චාත් රජරට යුගයෙ ගැමියා පුරාණ සිංහල ශිෂ්ඨාචාරයෙ පැවැත්ම වගේ ඇබ්සලූට් කාලීන සංකල්ප ගැන අදහසකින් නෙමේ ඉන්න ඇත්තෙ. ඉතිහාස දැක්ම අපිට ලැබුනෙ නැත්තම් නැත්තම් ස්තූප, විහාර ගෙවල්, සීගිරියෙ ගඩොල් එහෙම මිනිස්සු තමන්ගෙ ගෙවල් වලට ඇදගෙන යෑම උනත් ලේසියෙන් වෙන්න තිබ්බා.
බෝදිය maintain වෙද්දි චෛත්‍ය maintain නොවීම?
------ Post added on Apr 19, 2023 at 1:06 AM