ලාංකික ඉතිහාසය දන්නවා ද?

Emmawatson007

Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    ගියා කියල ඔක්කොම ගියෙ නෑ. කලින්ට සාපේක්ශව පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙන්නෙ. ජයශ්‍රී මහ බෝධිය බලාගන්න කොහොමත් වෙනම ගමක් ඒ කාලෙ ඉදලම තියෙනව අදත් තියෙනව. එයාල මොනව උනත් යන්නෙ නෑ. ඔතනින් උඩහට වෙන්න වන්නි බණ්ඩාරල ටිකත් ඉතුරු උනානෙ. එයාලට තනියම වෙහෙර නඩත්තු කරන්න පිරිස් ශක්තියක් තිබ්බෙ නෑ.
    Thanks මචන් පැහැදිලි කිරීමට. එත් බන් මට මේ උත්තරයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. එට්තකොට මට හිතෙනවා වැඩියෙන් වටින්නෙ බුදුන් පිට දුන් ගහේ අතු ශාකාවක් ද බුදුන්ගෙ දාතුවක් ද කියල ප්‍රශ්නයක්?

    මේකත් එකක් තමා උන්ට කන්න බොන්න වැව් ටික කුඹුරු ටික මේන්ටෙන් කරගන්න ගියාම අයෙ වෙහෙර විහාර නඩත්තු කරන්න වෙලා තියෙන්න නැතුව ඇති.
    බෝධියක් බලාගන්න එකයි වෙහෙරක් බලාගන්න එකයි සෑහෙන්න වෙනස් වැඩ දෙකක් නෙ.
    උබ හිතෙන විදියට වැඩියෙන් වටින්නෙ බෝදිය ද? චෛත්‍ය ද?
    ------ Post added on Apr 19, 2023 at 1:03 AM

    ඉතිහාසය ශාස්ත්‍රීයව ගවේෂණය, ජාතික රාජ්‍යයෙ ඓතිහාසික කාර්‍යභාරය සහ අතීත ශ්‍රී විභූතිය වගේ ඒව නීතිය, ලිබරල්වාදය, ජාතිකවාදය වගේම බටහිරින් අපෙ ඔලුවල සූත්‍රගත උන දේවල් තමා. හිස්ටොරිකල් සිංහලයා සහ නූතන සිංහලයා අතර තියෙන සයිකොලොජියෙ වෙනස ගැන හිතන්න.

    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්දියාවෙ හිටි සුදු ජාතික සිවිල් සේවකයො (මොවුන් බොහෝ අය ඒසියැටික් සංගමයෙ හිටපු, ඇඩ්වෙන්චර් එකක් හොයමින් ඉන්දියාවෙ පරිපාලන කටයුතු වලට ඉල්ලුම් කල ඉතිහාසය හෝ සම්භාව්‍ය සාහිත්‍ය පිලිබඳ ඔක්ස්බ්‍රිජ් උපාධිදරයො) අශෝක ස්ථම්භය දැකල අවට ඉන්න ස්වදේශික මිනිස්සුන්ගෙන් අහනව ස්ථම්භයෙ ලියල තියෙන්නෙ මොනවද කියල. මිනිස්සු උඩ බිම බලනව, බැලින්නම් එයාලත් ඒ අක්ෂර දන්නෙ නෑ පැරණි වැඩිකමට. බටහිර ඉන්දීය නිම්න වල තිබුන වලං කැබලි සුද්දො ගොඩගත්තම ඒ තමන්ගෙ පූර්වජයන් වන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ අවශේෂ බව ස්වදේශික ජනතාවට අදහසක් තිබුනෙ නෑ.

    යම ලෝකෑල් එකක ජීවත් වන ජනයා එහි ස්වභාවය තමන්ට අදෘශ්‍යමාන වෙන තරමටම එයට හුරු වීම වළක්වන්න බෑ. අවුරුදු දහස් ගණනක පරිමාණයකදි මේක තවත් අදාළයි. වඩා ඉන්ටරස්ටින්ග් විදිහට ඒ ගැන විමසන්න පුලුවන් වෙන්නෙ පිටස්තර ඇසකට. ඉන්දියාව ගැන කලින් ජේදයෙ කිව්ව සිද්ධි දෙකට සුදු ජාතිකයොන්ගෙ මැදිහත් වීම නතර උනේ ප්‍රාථමික ශිෂ්ඨාචාර ගැන චිත්‍රය අප්ඩේට් වීමෙන් සහ සංස්කෘත, ප්‍රාක් ඉරානියානු වගේ භාෂාවන් පළමු වතාවට බටහිරට මුනගැහිල නූතන යුරෝපීය භාෂා සමඟ ඒවායෙ තිබුන ව්‍යුහාත්මක සමාන කම් හඳුනාගෙන භාෂා විද්‍යාව නැමති අලුත්ම අධ්‍යයන ක්ෂේත්‍රයකුත් බිහිවෙලා.

    තමන්ගෙ ගෙදර අසල තියෙන ගරාවැටුන තාප්පයක් දිහා දෙවරක් බලන්නෙ නෑ වගේ පශ්චාත් රජරට යුගයෙ ගැමියා පුරාණ සිංහල ශිෂ්ඨාචාරයෙ පැවැත්ම වගේ ඇබ්සලූට් කාලීන සංකල්ප ගැන අදහසකින් නෙමේ ඉන්න ඇත්තෙ. ඉතිහාස දැක්ම අපිට ලැබුනෙ නැත්තම් නැත්තම් ස්තූප, විහාර ගෙවල්, සීගිරියෙ ගඩොල් එහෙම මිනිස්සු තමන්ගෙ ගෙවල් වලට ඇදගෙන යෑම උනත් ලේසියෙන් වෙන්න තිබ්බා.
    මෙකෙ තියන ගොඩක් එවා තෙරුනෙ නෑ. හැබැයි අන්තිමට කියපු දේදි මට හිතෙනවා වැටුනු තාප්පෙ කෑල්ලක් හදලා අනිත් කල්ල නොහදා ඉන්නවා වගේ දෙයක්?
    බෝදිය maintain වෙද්දි චෛත්‍ය maintain නොවීම?
    ------ Post added on Apr 19, 2023 at 1:06 AM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    අද විව්පොයිව්ට් එකෙන් බලන්නැතුව අතීතය දිහා බලන්න වෙනවා මුලින්ම. ඔයා අරන් තියන, කියන කාල වෙනස් බං

    පැරණි ලංකාවේ බෞද්ධාගම තුල ලෞකික සුවයට වඩා ලොකොත්තර සුවය මතයි දිව්වේ. රහතුන් වඩින නිසා වි වේලගන්න බැරි වෙන තරමට සාසනයේ මාර්ගඵලලාභින් හිටියා කියලා අතිශෝක්තියෙක් නමුත් සදහන් කරන්නේ ලෝකොත්තර සුවයට මුල්තැන දුන්න නිසායි.
    නමුත් ⁣මේ සියල්ල බිදවැටෙන වෙලාවක් එනවා. ඒ මාඝ ගේ ආක්‍රමණය. අපට රාජධානි ඇතරලා නිරිතට එන්න වෙනවා.

    ආර්ථික අහේනියක් දරුනුවට ආවා.

    කන්න නැති තරමට ආර්ථික අහේනියක්, සාමාජ අස්ථාවරත්වයක් තිබ්බ වෙලාවක, පන්සලට දානයත් නැති වෙලාවක බෞද්ධ භික්ෂුන් ගන්නවා එක්තරා තීරණයක්. ඒක අපේ සිංහල සාහිත්‍යයටත් දරුණුවට බලපාපු තිරණයක්.

    ඒ තමයි,
    දානයේ ආනිසංස ගැන ලියන්න ලියන්න. කර්මය ගැන ලෙසටම ලියන්න.
    ජුජාවලිය කියන්නේ දානයේ ආනිශංස ලෙසටම ලියන තැනක්. ඒ කියන්නේ දන් දෙන්න දන්දුන්නා කොච්චර හොදද කියන මතය ලෙසටම ජනගත කරන්න.

    තම පැවැත්මක් වෙනුවෙන් ගත්ත මේ සාහිත්‍යකකරනය සැහෙන්න ඉතිහාසය වෙනස් කලා. එතෙක් අබද්ද වචනය පුතික්ෂේප කල භික්ෂුන්ට යම් නිදහස් ලැබුනා. සංදේශ කවි ලියවුනා. අද වෙද්දි දානය කොච්චර දුර ගිහින්ද කියලා පේනවානේ.

    එතෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් පාලනය වුන සාංගික දේපල, තවදුරටත් රටේ සල්ලි නැති නිසා සාසනය නඩත්තු කරන්න බැරි නිසා, ඒ වගේම නොකර බැරිත් නිසායි නින්දගම් ක්‍රමය එන්නේ. මිනිස්සුන්ට කන්නත් නැති වෙලාවේ පංසලට එන්නැ. ඒ නිසා නින්දගම් පවරලා එකේ අදායමින් පංසල් නඩත්තු වෙන්න ගන්නවා. අන්න ඉඩම් හිමිකම එක්ක ඒ තිරණය පංසල් ලෞකික කරන්න ගත්තා. සාසනය විනාස ඊලග වටෙන් විනාස වෙන්න ගත්තේ ඔතනදි.

    //අර වගේ දේවල් ලස්සනට maintain කරලා තියා ගන්නත්, එක ලගම තිබ්බ රුවන්වැලි සෑය, අබේගිරිය වගේ එවා ගරා වටෙනකන් හිටිය එකත්, සුද්දො අවිල්ලා ඔවා හොයා ගන්නකන් ලංකවේ මිනිස්සු මොකද කලේ?//

    ශක්තිමත් රාජ්‍ය අනුග්‍රහය නොලැබිමත් එක්ක පෙර කියු පරිදි ප්‍රාදේශිය මට්ටමින් ඕවා කෙරිලෙන ගියා, සුද්දෝ ඇවිත් හොයාගත්තා කියන එක නම් මචං ඔයාගේ නොදැනුවත් කම.කලින් ඉදන්ම ඕවා කෙරිගෙන ගියා. ප්‍රතිසංස්කරණය කරන්න තරම් මුදලක් හෝ දැනුමක් හෝ ලොකු අවශ්‍යතාවක් තිබුනේ නැ.

    රුවන්වැලිය හෝ ඔයා දකින අටමස්ථානය සංවර්ධණය කරන්නේ සුද්දෝ නෙවෙයි. ඕක කරන්නේ සිංහලයන්මයි.
    පුරා විද්‍යා දෙපර්තමෙන්තුව විසින් ( ඒ කාලේ ආර්කි සර්වේ) අනුරධපුරේ ස්ථාන සොයා ගවේෂණය කරද්දි වලිසිංහ හරිස්චන්ද්‍ර ඇතුලු දේශිය දානපතින් විසින්, අපෙගේ පුරාණ වස්තු සුද්දෝ අතට පත්වේ යැයි රටජාතිය බේරාගමු කියලා හඩනගලා අපේම අයගේ සල්ලි ශක්තියෙනුයි රුවන්වැලිය ඇතුලු චෛත්‍ය නැවත හැදුවේ. එහිදි විදයාත්මක ක්‍රමයෙන් බැහැර වුන නිසා ඇත්ත රුවන්වැලිය විනාශ වෙලා සුදු පිරුවට රුවන්වැලියක් අද තියෙන්නේ.

    හරියට බැලුවොත් සුද්දෝ අත තියන්න ගියේ නැත්තම් අදත් ඕක ගරාවැටිලා. මොකද හැදුවේම එගෙන්ස්ට් එකට.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,740
    9,068
    113
    Thanks මචන් පැහැදිලි කිරීමට. එත් බන් මට මේ උත්තරයෙන් සෑහීමකට පත් වෙන්න බෑ. එට්තකොට මට හිතෙනවා වැඩියෙන් වටින්නෙ බුදුන් පිට දුන් ගහේ අතු ශාකාවක් ද බුදුන්ගෙ දාතුවක් ද කියල ප්‍රශ්නයක්?

    උබ හිතෙන විදියට වැඩියෙන් වටින්නෙ බෝදිය ද? චෛත්‍ය ද?
    ------ Post added on Apr 19, 2023 at 1:03 AM

    මෙකෙ තියන ගොඩක් එවා තෙරුනෙ නෑ. හැබැයි අන්තිමට කියපු දේදි මට හිතෙනවා වැටුනු තාප්පෙ කෑල්ලක් හදලා අනිත් කල්ල නොහදා ඉන්නවා වගේ දෙයක්?
    බෝදිය maintain වෙද්දි චෛත්‍ය maintain නොවීම?
    ------ Post added on Apr 19, 2023 at 1:06 AM

    මම ඕක ලිව්වෙ ඇයි ප්‍රතිසංස්කරණ නොකර හිටියෙ කියල උඹ අහල තිබ්බ ජෙනරල් ප්‍රශ්නයට. එහෙම දිගින් දිගටම ප්‍රතිසංස්කරණ කල යුතුයි කියල උඹ සහ මම හිතන එක යටත් විජිතකරනයෙ ප්‍රතිඵලයක්.
     
    Emmawatson007

    Well-known member
  • Nov 4, 2022
    240
    278
    63
    අද විව්පොයිව්ට් එකෙන් බලන්නැතුව අතීතය දිහා බලන්න වෙනවා මුලින්ම. ඔයා අරන් තියන, කියන කාල වෙනස් බං

    පැරණි ලංකාවේ බෞද්ධාගම තුල ලෞකික සුවයට වඩා ලොකොත්තර සුවය මතයි දිව්වේ. රහතුන් වඩින නිසා වි වේලගන්න බැරි වෙන තරමට සාසනයේ මාර්ගඵලලාභින් හිටියා කියලා අතිශෝක්තියෙක් නමුත් සදහන් කරන්නේ ලෝකොත්තර සුවයට මුල්තැන දුන්න නිසායි.
    නමුත් ⁣මේ සියල්ල බිදවැටෙන වෙලාවක් එනවා. ඒ මාඝ ගේ ආක්‍රමණය. අපට රාජධානි ඇතරලා නිරිතට එන්න වෙනවා.

    ආර්ථික අහේනියක් දරුනුවට ආවා.

    කන්න නැති තරමට ආර්ථික අහේනියක්, සාමාජ අස්ථාවරත්වයක් තිබ්බ වෙලාවක, පන්සලට දානයත් නැති වෙලාවක බෞද්ධ භික්ෂුන් ගන්නවා එක්තරා තීරණයක්. ඒක අපේ සිංහල සාහිත්‍යයටත් දරුණුවට බලපාපු තිරණයක්.

    ඒ තමයි,
    දානයේ ආනිසංස ගැන ලියන්න ලියන්න. කර්මය ගැන ලෙසටම ලියන්න.
    ජුජාවලිය කියන්නේ දානයේ ආනිශංස ලෙසටම ලියන තැනක්. ඒ කියන්නේ දන් දෙන්න දන්දුන්නා කොච්චර හොදද කියන මතය ලෙසටම ජනගත කරන්න.

    තම පැවැත්මක් වෙනුවෙන් ගත්ත මේ සාහිත්‍යකකරනය සැහෙන්න ඉතිහාසය වෙනස් කලා. එතෙක් අබද්ද වචනය පුතික්ෂේප කල භික්ෂුන්ට යම් නිදහස් ලැබුනා. සංදේශ කවි ලියවුනා. අද වෙද්දි දානය කොච්චර දුර ගිහින්ද කියලා පේනවානේ.

    එතෙක් රාජ්‍ය අනුග්‍රහයෙන් පාලනය වුන සාංගික දේපල, තවදුරටත් රටේ සල්ලි නැති නිසා සාසනය නඩත්තු කරන්න බැරි නිසා, ඒ වගේම නොකර බැරිත් නිසායි නින්දගම් ක්‍රමය එන්නේ. මිනිස්සුන්ට කන්නත් නැති වෙලාවේ පංසලට එන්නැ. ඒ නිසා නින්දගම් පවරලා එකේ අදායමින් පංසල් නඩත්තු වෙන්න ගන්නවා. අන්න ඉඩම් හිමිකම එක්ක ඒ තිරණය පංසල් ලෞකික කරන්න ගත්තා. සාසනය විනාස ඊලග වටෙන් විනාස වෙන්න ගත්තේ ඔතනදි.

    //අර වගේ දේවල් ලස්සනට maintain කරලා තියා ගන්නත්, එක ලගම තිබ්බ රුවන්වැලි සෑය, අබේගිරිය වගේ එවා ගරා වටෙනකන් හිටිය එකත්, සුද්දො අවිල්ලා ඔවා හොයා ගන්නකන් ලංකවේ මිනිස්සු මොකද කලේ?//

    ශක්තිමත් රාජ්‍ය අනුග්‍රහය නොලැබිමත් එක්ක පෙර කියු පරිදි ප්‍රාදේශිය මට්ටමින් ඕවා කෙරිලෙන ගියා, සුද්දෝ ඇවිත් හොයාගත්තා කියන එක නම් මචං ඔයාගේ නොදැනුවත් කම.කලින් ඉදන්ම ඕවා කෙරිගෙන ගියා. ප්‍රතිසංස්කරණය කරන්න තරම් මුදලක් හෝ දැනුමක් හෝ ලොකු අවශ්‍යතාවක් තිබුනේ නැ.

    රුවන්වැලිය හෝ ඔයා දකින අටමස්ථානය සංවර්ධණය කරන්නේ සුද්දෝ නෙවෙයි. ඕක කරන්නේ සිංහලයන්මයි.
    පුරා විද්‍යා දෙපර්තමෙන්තුව විසින් ( ඒ කාලේ ආර්කි සර්වේ) අනුරධපුරේ ස්ථාන සොයා ගවේෂණය කරද්දි වලිසිංහ හරිස්චන්ද්‍ර ඇතුලු දේශිය දානපතින් විසින්, අපෙගේ පුරාණ වස්තු සුද්දෝ අතට පත්වේ යැයි රටජාතිය බේරාගමු කියලා හඩනගලා අපේම අයගේ සල්ලි ශක්තියෙනුයි රුවන්වැලිය ඇතුලු චෛත්‍ය නැවත හැදුවේ. එහිදි විදයාත්මක ක්‍රමයෙන් බැහැර වුන නිසා ඇත්ත රුවන්වැලිය විනාශ වෙලා සුදු පිරුවට රුවන්වැලියක් අද තියෙන්නේ.

    හරියට බැලුවොත් සුද්දෝ අත තියන්න ගියේ නැත්තම් අදත් ඕක ගරාවැටිලා. මොකද හැදුවේම එගෙන්ස්ට් එකට.
    Nicely explained. Thank you! තව ප්‍රශ්න වගයක් තියනවා. හෙට අහන්නම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,307
    100,143
    113
    හේතුව?
    සින්හලයන්ගෙ ලෑන්ඩ් මාර්ක් එක නිසා. සහ ආයෙ වෙන ජය ශ්‍රී මහ බෝධියක් නැති නිසා.

    ධාතුන් වහන්සේලා හිටියට ජය ශ්‍රී මහ බෝධින්වහන්සේලා නෑ. අනික එහෙම වෙනම කාන්ඩ පත් කරල තිබ්බෙත් නෑ වෙහෙර විහාර බලාගන්න
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරා කියල සාක්ෂි තියෙනවද?
    දන්ත ධාතුව කොහොමත් ආරක්ෂා කරා ඒක රාජ්‍යත්වයේ සංකේතය හින්ද. රාජධානියෙන් රාජධානියට මාරු කර කර අරන් ගියෙ ඒකනෙ. ලංකාවෙ රජවරු විතරක් නෙමේ සුද්දො පවා ඕක ගන්න පට්ට කට්ටක් කෑවා.

    අනුරාධපුර රාජධානිය බිඳ වැටුණට පස්සෙ මිනිස්සු එතනින් අයින් වෙලා වෙන තැන් වලට move උනා. කවුද එතකොට ඕවා බලාගන්නෙ ඉතින්. ඒ කාලෙ කොළඹ ඉදන් නුවර යනව කියන්නෙත් දවස් ගානක් ගතවෙන වැඩක්. පයින් කැලෑවල් වලින් යන්න ඕනෙ. රොබට් නොක්ස්ගෙ වාර්තා තරම් මෑත කාලෙකත් එහෙමයි කියවෙන්නෙ. අනික ජනගහනයත් මාරම අඩුයිනෙ බන්. 1800 ගනන් වලත් දැන් ජනගහනෙන් 5% ක් වගේ ප්‍රමාණයයි ඉදල තියෙන්නෙ කියනව. ඊට කලින් කාලෙ තවත් අඩු ඇති. උන් ටික රාජධානි ආසන්නව ඉන්නව ඇත්තෙ.

    ඉතිහාසය ශාස්ත්‍රීයව ගවේෂණය, ජාතික රාජ්‍යයෙ ඓතිහාසික කාර්‍යභාරය සහ අතීත ශ්‍රී විභූතිය වගේ ඒව නීතිය, ලිබරල්වාදය, ජාතිකවාදය වගේම බටහිරින් අපෙ ඔලුවල සූත්‍රගත උන දේවල්. හිස්ටොරිකල් සිංහලයා සහ නූතන සිංහලයා අතර තියෙන සයිකොලොජියෙ වෙනස ගැන හිතන්න.

    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයෙ ඉන්දියාවෙ හිටි සුදු ජාතික සිවිල් සේවකයො (මොවුන් බොහෝ අය ඒසියැටික් සංගමයෙ හිටපු, ඇඩ්වෙන්චර් එකක් හොයමින් ඉන්දියාවෙ පරිපාලන කටයුතු වලට ඉල්ලුම් කල ඉතිහාසය හෝ සම්භාව්‍ය සාහිත්‍ය පිලිබඳ ඔක්ස්බ්‍රිජ් උපාධිදරයො) අශෝක ස්ථම්භය දැකල අවට ඉන්න ස්වදේශික මිනිස්සුන්ගෙන් අහනව ස්ථම්භයෙ ලියල තියෙන්නෙ මොනවද කියල. මිනිස්සු උඩ බිම බලනව, බැලින්නම් එයාලත් ඒ අක්ෂර දන්නෙ නෑ පැරණි වැඩිකමට. බටහිර ඉන්දීය නිම්න වල තිබුන වලං කැබලි සුද්දො ගොඩගත්තම ඒ තමන්ගෙ පූර්වජයන් වන ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙ අවශේෂ බව ස්වදේශික ජනතාවට අදහසක් තිබුනෙ නෑ.

    යම ලෝකෑල් එකක ජීවත් වන ජනයා එහි ස්වභාවය තමන්ට අදෘශ්‍යමාන වෙන තරමටම එයට හුරු වීම වළක්වන්න බෑ. අවුරුදු දහස් ගණනක පරිමාණයකදි මේක තවත් අදාළයි. වඩා ඉන්ටරස්ටින්ග් විදිහට ඒ ගැන විමසන්න පුලුවන් වෙන්නෙ පිටස්තර ඇසකට. ඉන්දියාව ගැන කලින් ජේදයෙ කිව්ව සිද්ධි දෙකට සුදු ජාතිකයොන්ගෙ මැදිහත් වීම නතර උනේ ප්‍රාථමික ශිෂ්ඨාචාර ගැන චිත්‍රය අප්ඩේට් වීමෙන් සහ සංස්කෘත, ප්‍රාක් ඉරානියානු වගේ භාෂාවන් පළමු වතාවට බටහිරට මුනගැහිල නූතන යුරෝපීය භාෂා සමඟ ඒවායෙ තිබුන ව්‍යුහාත්මක සමාන කම් හඳුනාගෙන භාෂා විද්‍යාව නැමති අලුත්ම අධ්‍යයන ක්ෂේත්‍රයකුත් බිහිවෙලා.

    තමන්ගෙ ගෙදර අසල තියෙන ගරාවැටුන තාප්පයක් දිහා දෙවරක් බලන්නෙ නෑ වගේ පශ්චාත් රජරට යුගයෙ ගැමියා පුරාණ සිංහල ශිෂ්ඨාචාරයෙ පැවැත්ම වගේ ඇබ්සලූට් කාලීන සංකල්ප ගැන අදහසකින් නෙමේ ඉන්න ඇත්තෙ. ඉතිහාස දැක්ම අපිට ලැබුනෙ නැත්තම් නැත්තම් ස්තූප, විහාර ගෙවල්, සීගිරියෙ ගඩොල් එහෙම මිනිස්සු තමන්ගෙ ගෙවල් වලට ඇදගෙන යෑම උනත් ලේසියෙන් වෙන්න තිබ්බා. මං කියන්නෙ එහෙම උනත් ගැටලුවක් නෑ ඒක වඩා ස්වභාවික අවසානයක්. ඒත් සුද්දොන්ට ගෙවල් අස්සට වෙලා නොඉඳ නොදන්නා රටවල් වලට යාත්‍රා කිරීමේ උවමනාවක් සහ වෙලඳ සමාගම් වල ආදායම් වැඩි කරගැනීමෙ කැසිල්ලක් තිබ්බා- රෙස්ට් ඊස් හිස්ටරි (පන් ඉන්ටෙන්ඩඩ්).
    මේක ඇත්ත. මේ සිංහල බෞද්ධ කැක්කුම වර්තමානයේ තරම් අතීතයේ පැවතුනා කියල හිතන්න අමාරුයි. ගම පන්සල රාජ්‍යත්වය අතර තිබිල තියෙන්නෙ දේශපාලනමය බැඳීමක් කියල තමයි පේන්න තියෙන්නෙ.
    ------ Post added on Apr 19, 2023 at 1:48 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ලංකාවෙ ඉන්න කලු කැත මිට්ටො ගන් කබ්බො හැම එකාම දැන් සිංහල කම ගැන ටෝක්ස් දුන්නට රියල් සිංහල මිනිස්සු ඉන්නෙ ටික දෙනයි. ගොඩක් එවුන් පැවත එන්නෙ කල්ලතෝනි එවුන්ගෙන්. ඉතින් අනුරාධපුර පොලොන්නරු වගේම පසු කාලීන රාජාන්ඩු ශිෂ්ඨාචාර නැති වෙලා

    බොහොමයක් දැන් කියවන සිංහල සංස්කෘතිය 1900 කාලෙදි අතින් දාල හදපු සීන් එකක්.

    ඒ නිසයි ඩෑන් ප්‍රියසාද් වගේ මුඩුක්කු ඩයල් පොර වෙලා සිංහල කම ඔලුවට ගහල ඉන්නෙ. අඩුම නමවත් සිංහල එවුන් ඉන්නෙ කීයෙන් කීදෙනාද
     
    අමෝ මේවනෙ බොසා කොමෙන්ට්ස්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,531
    113
    Ubalata saarwa elewwa kiyala matakada.ekama sinhalu tamai e kaleth hitiye.okoma hype ekata karanne.ruwanweliseyath lagadi hype kare.ekai dan yanne.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මමත් මේක ගැන ගොඩක් කල්පනා කෙරුවා ඉස්සර වෙහෙර විහාර ගොඩක් නටබුන් වෙලා තියන එක ගැන. දැන් ඒ ගැන අවබෝදයක් ආවා. සැමට තුති
     
    • Like
    Reactions: Bart_Allen

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ඒ කලේ ඉදලා තියන සෙනග ප්‍රමාණය සැහෙන වැඩියි. අනුරාධපුර කියන්නේ තිබ්බ ලොකුම නගරයක් ඉස්සර ලෝකේම. ත්‍රිකුණාමලයෙන් වහලෙක් නැග්ගොත් මන්නාරමෙන් බහින්න පුළුවන්ළු.

    reporter pakistani GIF

    පොලොන්නරු රාජධානිය කියන්නෙ මුඩුක්කුවක් කියල හිතුවද බන්
     
    • Haha
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,533
    113
    ඇයි බන් අනුරාධපුර පොලොන්නරුව වගේ කාස්ට පැතිවල රජවරු ජීවත් වුනේ. ඒ කාලේ රස්නේ නැද්ද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,353
    6,522
    113
    ඒ කාලේ ඔවා නඩත්තු කරගෙන යන්න වුවමනාව තිබ්බේ රජවරුනට ආගමික නායකයින්ට හා ප්‍රභූන්ට වගේ අයට මිසක් සාමාන්‍ය ජනාතාවට නෙමේ. සාමාන්‍ය මිනිස්සුන්ට තිබුනේ ජීවත්වීමේ අරගලයක් මොකද සමුර්දිය ලැබුනෙත් නෑනේ.
    සිගිරිය එළි පෙහෙළි කරන්නත් සිංහල එවුන් යන්න බෑ කිව්වලු බෙල් මහත්තයට, එහෙ යක්කු ගහනවා කියල පස්සේ දෙමළ මිනිස්සු තමයි වැඩට අරගෙන තියෙන්නේ.
     
    • Like
    Reactions: olu bakka and NRTG