ලැජ්ජයිද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    උදාහරණයකින් පටන් ගමු. ඔයා ඉන්දියාවට,චීනයට හෝ ජපානයට ගිහින් එහෙ කෑම කන විදිහ, භාෂාව සමහර සිරිත් විරිත් වැරදුනාම කවුරුහරි අපහසයට හිනාවෙයිද? ඔයාට ලැජ්ජ හිතෙයිද? එහෙම නෑනේද, ඔයාම වුනත් ප්‍රසිද්දියෙ හිනාවෙයි වැරදෙන එකට. එයාලා සතුටු වෙයි ඔයාගෙ උත්සහයට. ඔයා පැනික් වෙන්නෑ. ඔයාගෙ කට්ටිය අපෝ මේ මොන ගොබ්බයෙක්ද කියලා හිනා වෙන්නෑ. මොකද ඒ වෙන සංස්කෘතියක් වෙන සිරිත් විරිත් ඔයාට පුරුදු ඔයාගෙ සංස්කෘතිය, ගති පැවතුම්,භාෂාව. වෙන රටක කෙනෙක් ලංකාවට ඇවිල්ලා ඒවා වැරදුනත් හිනා වෙන්නෑනෙ අපි???

    එහෙනම් ඇයි මී හරකුනේ තොපි බටහිර සංස්කෘතියයි, උන් කෑම කන විදිහයි, උන්ගෙ භාෂාවයි වැරදුනාම තොපේ උන්ටම හිනා වෙන්නෙ, උන් මෝඩයො කියලා හිතන්නේ, නෝන්ඩි උනා කියලා හිතෙන්නෙ. ඇත්තටම උඹලා හෙන මොළකාරයෝ වගේ හෙන ප්‍රැක්ටිස් එකක් දීගෙන අමාරුවෙන් අකැමැත්තෙන් කරන දේවල් තවත් හෙන වහල් ගොන්කමක් කියලා තේරෙන්නැද්ද? එතකොට ලොකුම ගොබ්බයො ඒ වෙන සංස්කෘතියක් බැරි එකෙක්ට හිනාවෙන උන් නෙවේද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,747
    12,772
    113
    අපේ උන් හින උනාට සුද්දෝ හීන වෙන්නේ නෑ යකෝ...
    හපොයි උන් අපි කියන ඒව තේරුම් ගන්න දෙන try එක 🤣
     
    • Like
    Reactions: Nidarshana_k

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    938
    715
    93
    මේක නම් ඇත්ත, මට දැනට දවස් කීපයකට කලින් දඹුල්ලේ එක්තරා හෝටලයක breakfast බුෆේ එකකට යන්න ලැබුන, ඉඳි ආප්ප ටිකක් එහෙම පිඟානට දාගෙන අතින් හොඳට අනාගෙන කනකොට අල්ලපු මේසේ හිටපු ලංකාවේ උන් සෙට් එකක් හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ඉඳි ආප්ප, පිට්ටු එහෙම කනව, මම අතින් කනව දැකල උන් කින්ඩි හිනාවක් දැම්ම.:lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,907
    113
    Mother Earth
    සිරාවට බන්. අපේ උන් දෙයක් උත්සහ කරන්නෙත් නෑ බයයි අනිත් උන් හිනා වෙයි කියලා. හෙනම stress එකේ ඉන්නෙ අනිත් උන් judge කරනවට බයේ.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ලංකාවෙ උන් හීනමානෙන් පෙලෙන නිසා
    අන්න හරි

    මේක නම් ඇත්ත, මට දැනට දවස් කීපයකට කලින් දඹුල්ලේ එක්තරා හෝටලයක breakfast බුෆේ එකකට යන්න ලැබුන, ඉඳි ආප්ප ටිකක් එහෙම පිඟානට දාගෙන අතින් හොඳට අනාගෙන කනකොට අල්ලපු මේසේ හිටපු ලංකාවේ උන් සෙට් එකක් හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයි ඉඳි ආප්ප, පිට්ටු එහෙම කනව, මම අතින් කනව දැකල උන් කින්ඩි හිනාවක් දැම්ම.:lol:
    උන් දන්නෑ අතින් කන එකෙන් තමා කෑම වල උපරිම ආතල් එක ගන්න පුළුවන් කියලා. හේතුව එක එක කෑමවල ස්පර්ශය දැනෙන විදිහ වෙනස් නිසා එහෙම කද්දි ආතල් එක වැඩී.
    ------ Post added on Oct 15, 2024 at 12:12 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ උන් හින උනාට සුද්දෝ හීන වෙන්නේ නෑ යකෝ...
    හපොයි උන් අපි කියන ඒව තේරුම් ගන්න දෙන try එක 🤣

    මම ඉස්සර යාහු චැට් රූම් තියෙන කාලේ (text chat) සුද්දෙක්ගෙන් ඇහුවා ලංකාවේ අය ඉංග්‍රීසි කතා කරන විදියට හිනා යනවද කියලා. සමහර වෙලාවට හිනායනවා කියලා කිව්වා.
     
    • Like
    Reactions: Chicken Kottu

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    938
    715
    93
    උන් දන්නෑ අතින් කන එකෙන් තමා කෑම වල උපරිම ආතල් එක ගන්න පුළුවන් කියලා. හේතුව එක එක කෑමවල ස්පර්ශය දැනෙන විදිහ වෙනස් නිසා එහෙම කද්දි ආතල් එක වැඩී.
    ------ Post added on Oct 15, 2024 at 12:12 PM
    එකෙන්ම!!!
    Specially ලංකාවේ කෑම අතින් තමයි කන්න ඕනි, නැත්නම් කිසි ගතියක් නැහැ.
     
    • Love
    Reactions: Chicken Kottu