NVME නැතත් SATA SSD එකක් උනත් එකෙන් ගොඩක් ලොකු වෙනසක් දැනෙනවා
හැබැයි කලින් සොෆ්ට්වෙයා එකක් රැම් මදිව වැඩ කරේ නැත්තං SSD එකක් ගැහුවා කියලා ඒක රන් වෙන්නෙ නැහැ
SSD එකෙන් වෙන්න රෙස්පොන්සිවුනස් එක වැඩි වෙන එක, සරලව කිවුවොතින් අපි වැඩ කරද්දි අපිට දැනෙන ස්පීඩ් එක වැඩිවෙනවා SSD එකෙන්. හේතුව RAM/CPU කොයි තරම් ස්පීඩ් උනත් ඒවට අවශ්‍ය තරම් ස්පීඩ් එකකින් ඩේටා හාඩ් එකෙන් ගන්න බැහැ එතකොට අපිට දැනෙන ස්පීඩ් එක හාඩ් එකේ ස්පීඩ් එකෙන් ලිමිට් වෙලා තියෙන්නෙ. SSD එක ගැහුවම ඒ ඩේට ලෝඩ් වෙන ස්පීඩ් එක ගොඩක් වැඩිවෙනවා එතකොට අපිට දැනෙන්න සේරම සොෆ්ට්වෙයා ලෝඩ් වෙනවා සහ ෆයිල් ඕපන් වෙනවා එතකොට අපිට දැනෙනවා කම්පියුටරේ ගොඩක් ස්පීඩ් කියලා
හැබැයි කලින් මොනවා හරි සොෆ්ට්වෙයා එකක් හරි ගේම් එකක් හරි වැඩ කරන්න රැම් එක හරි CPU එක හරි මදි නං SSD එකක් ගැහුවා කියලා ඒක වැඩ කරන්නෙ නැහැ
කොහොම උනත් කම්පියුටරේක Hard එකක් තියනවා නං අප්ග්‍රේඩ් එකකදි මුලින්ම කරන්න ඕන ඒක SSD එකකට මාරු කරන එක තමයි