ලැප් එකට කෙලවෙලාද

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    වැඩ කරගෙන ඉන්නකොට එකපාරටම ඕෆ් වුනා ටික් ගාල, කරන්ට් එක ගියෙත් නෑ.
    (ලැප් එකේ බැට්‍රිය ඩෙඩ් වෙලා තියෙන්නෙ. ඒ නිසා ප්ලග් කරගෙනම තමා වැඩ කරන්න ඕන)

    ඊට පස්සෙ කීප වතාවක් ඔන් කරන්න ට්‍රයි කලා, ඔන් වුනේ නෑ. ඒ කීවෙ ලැප් එක ඔන් වෙනව සද්දෙ ඇහෙනව.. ඒ වුනාට ස්ක්‍රීන් එකට මොනවත් එන්නෙ නෑ.. ස්ක්‍රීන් එකත් වැඩ. ඒ වුනාට තනි කලුයි.

    ආයෙ කීප වතාවක් ඔන් කලාම ලොගෝ එක ඇවිත් ලැප් එක ලෝඩ් වෙනවා.
    ඒත් වින්ඩෝව්ස් බූට් වෙන්නෙ නෑ. ලොගෝ එක ඇවිත් ලෝඩ් වෙලා ඉවර වෙලා ආයෙම කලින් වගේ කලු පාට බැක්‍ග්‍රවුන්ඩ් එක :baffled:

    එහෙමත්කීප වතාවක් වුනා. ඊට පස්සෙ ආයෙ ඔන් කලාම ෆෑන් එක විතරක් එක පාරටම පට්ට ස්පීඩ් වැඩ කරල නතර වුනා.

    ආයෙ වෙලාවකට බට්න් එක ප්‍රෙස් කලාට ඔන් වෙන්නෙත් නෑ මොනාත් නෑ, මම බට්න් එක ප්‍රෙස් කලේ නෑ වගේ සද්ද නැතුව ඉන්නවා හොරගෙඩියා:baffled::angry:.

    මොන උත්තක් වෙලාද බන් මේකට, හිටි ගමන් පිස්සු කෙලින්නෙ?

    ප.ලි :- අන්තිමේ ලැප් එක අන්ප්ලග් කරල චාජරෙත් ගලවල වෝල් ස්විච් එකෙනුත් මල්ටිය ඕෆ් කරල දාල තියල විනාඩි දහයකින් විතර නිකමට ආයෙ ඔන් කරල බැලුව..
    ඔන්වුනා කියපන්කො.:confused::shocked:

    මොකක් වෙලාද බන් මේකට