ලෑන්ඩ් රෝවර් වල මළගම

Japan mechanic

Junior member
  • Nov 2, 2020
    5
    36
    13
    ලෑන්ඩ් රෝවර්ස් රථ ගැන සාමාන්‍යයෙන් අපි කවුරුත් ලඟ තියෙන්නෙ ආකර්ෂණීය හැඟීමක්. ඒ වගේම ඒවා අධික මිලක් සහිත තත්වයෙන් උසස් SUV කියලා තමයි කියවෙන්නෙත්. ජපනා අද කියන්න යන්නෙ මේ ලෑන්ඩ් රෝවර් එකක් මිලදී ගැනීම නඩුවක් තියෙන ඉඩමක් ගත්තා වගෙ වෙන්නෙ ඇයි කියලා තමයි.



    ඕෆ් රෝඩ් නම් ලෑන්ඩ් රෝවර් තමයි කියලා හිතාන ලංකාවෙ යක්කු පදිනවා කියාගෙන පරණ යකඩ පදින අයියලාට සහ කෝටිගනන් දීලා අලුත් ඩිෆෙන්ඩර් ගත්ත අයියලාටත් මේකෙන් ටිකක් රිදෙන්න පුළුවන්. සරලයි. කලින් එකේ වගේම මට රෙද්ද උස්සගෙන එන්න එපා.. ඉලුක් ගාලක වටයක් දුවලා එන්න.



    අතීතයේ මාර්ගයෙහි හෝ මාර්ගයෙන් පිටත ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තැනක ධාවනයෙහි හැකියාව ඇති බවට විශාල කීර්තියක් තිබුණු ලෑන්ඩ් රෝවර් SUV රථ වර්තමානයේ කල්පැවැත්ම අතින් අජූත බවට ඒ වගේ දෙගුණයක් අපකීර්තියකුත් ලබාගෙන තමයි ඉන්නෙ. ටොයොටා 4Runner වැනි රිලයබලිටිය අතින් ඉහල ඕෆ් රෝඩ් SUV රථයකට වඩා නඩත්තු කටයුතු සඳහා සෑම වසරකම සැලකිය යුතු වැඩි පිරිවැයක් දැරීමට ලෑන්ඩ් රෝවර් පදින බබාලට සිද්ධ වෙනවා. ලෑන්ඩ් රෝවර්ස් නඩත්තුව කියන්නෙ කෙලින්ම ඉඩමකට නඩු කියනවා වගෙ ආතල් එකක් කියලා මම කිව්වෙ ඒකයි. කරලම බලන්න ඕනෙ ඒ ආතල් එක.



    ඉතින් තවදුරටත් ලෑන්ඩ් රෝවර් කියන්නෙ ඕෆ්රෝඩ් රථවල ඔටුනු පැළදි රජෙක් නෙමෙයි. නැට්ට පුපේ ගහගත්ත තෙමුණු හිවලෙක්. අන්තර්ජාලයේ land rover forum වල ලෑන්ඩ් රෝවර් රථ හිමිකරුවන්ගේ ගැටළු අලුත් වාහනයක අපේක්ෂා නොකළ හැකි තරම් අජපල් කුජීත එව්වා. ඉතාම දැඩි හා ඕෆ්රෝඩ් සඳහාම නිපදවූ වෙළඳ නාමයක් සඳහා ඇක්සල් හෝ සස්පෙන්ශන් සුලභ ප්‍රශ්නයක් කියලා කවදාකවත් හිතුණෙ නෑ නේද. ඕනෑම ශක්තිමත් 4 × 4 රථයක වැදගත් අංගයන් වන ඔය දෙකට තියෙන තරම් ලෙඩ කොටුවෙ සුමනක්කටවත් නෑ.. 😂🤭



    අයිතිකරුවන්ගෙන් 36.23% ක්ම රථය මිලදීගෙන මාස 12 කට පෙර ඇක්සලය අළුත්වැඩියා කිරීම සහ සස්පෙන්ශන් ගැටළු සඳහා ඔවුන්ගේ ලෑන්ඩ් රෝවර් ගරාජයට රැගෙන යාමට සිදු වුනා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හරකෙක් හෝ අශ්වයෙක් නැති වෙලාවක නගුලේ ගැටගහගෙන යායක් හාන්න තරම් වැඩකිඩ දාන්න පුළුවන්කම තිබ්බ මේ රථවල වර්තමාන පරම්පරාව කලින් තිබූ කල්පවත්නා ගොවිපල වාහනය විදිහට තවදුරටත් ලේබල් කරන්න වෙන්නෙ නැහැ. මෙම සන්නාමය මඩෙන් ඉදිරියට ගොස් සුඛෝපභෝගී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ උත්සාහයේ දී, කිසිම විටෙක නොකල යුතු දෙයක් වුණ ඉතාම රිලයබල් විය යුතු ස්ථානවල ගුණාත්මකභාවය කැප කරලා තියෙනවා. සරලව ම වාහනේ ප්ලාස්ටික් අන්දපු වහුකුණක් බවට පත් කරලා තියෙනවා..



    2020 SUV මාදිලි වලදී පාරිභෝගික අත්දැකීම් රේටින් වලදී 5 න් 1 ක් ලබාගෙන ලබාගත හැකි අවම රේටින් එක පෙරමුණේ ලෑන්ඩ් රෝවර් ඉන්නවා. ඔවුන්ගේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත්, පසුගිය දශකය තුළම නිපදවපු ඕනෑම ලෑන්ඩ් රෝවර් මාදිලියක් මෙයට වඩා ඉහළ රේටින් එකක් ලබා ඇති වසරක් නැහැ. පාරිභෝගික වාර්තා අනුව ශ්‍රේණිගත කිරීම මලින් සියල්ලම නොකියවෙන බවට දැන් තර්ක කරන්න පුළුවන්. ඒත් ඔය වාහන මිලට ගත් මිනිස්සුන්ගෙ ඒවා ඩේලි පදින මිනිස්සුන්ගෙ වාර්තා කිරීම් අනුව මේ තරම් නරක හෝ මෙතරම් කුජීත විදිහට රතු රේටින් ඇති වෙනත් කාර් වෙළඳ නාමයක් ඇති කියලා ජපනා හිතන්නෙ නෑ. අවුරුද්දක් දෙකක් කමක් නෑ කියමුකො. සුමනක්කත් හොඳ නැති වෙන දවස් එනවනෙ.. ඒත් වෙළඳනාමයකට අවුරුදු 10ක් පුරාවට හදපු සෑම වාහනයකටම රේටින් එක ලකුණු 5 න් 1 ක්ම ලැබෙනවා කියන්නෙ හිතලාම බලපල්ලකො. පුප නෑ නෙ.



    ලෑන්ඩ් රෝවර් SUV රථවල සාමාන්‍ය වාර්ශික නඩත්තු වියදම ඩොලර් 1,174 ක් කියලා ගනන් බලලා තියෙනවා. මේක වෙනත් ජනප්‍රිය SUV රථ වාර්තා කර ඇති ප්‍රමාණය වගේ දෙගුණයක් වැනි අගයක්.. උදාහරණයක් ලෙස ටොයොටා RAV4 රථයක සාමාන්‍ය නඩත්තු පිරිවැය වසරකට ඩොලර් 429 ක්. 😂



    ජේ. ඩී. පවර්ස් විසින් සිදු කරන ලද 2020 රිලයබිලිටි ස්ටඩි එකකදි ලෑන්ඩ් රෝවර් සන්නාමය අවසානයෙ මිය මිය ගියා කියලා ප්‍රකාශ කරලා තියෙනව. මේ සඳහා ජේ. ඩී. පවර්ස් විසින් 2020 මාදිලි සඳහා දත්ත එක්රැස් කරගත් ඇමරිකාවේ සියලුම මෝටර්රථ අතුරින්, ලෑන්ඩ් රෝවර් වාහනවලට වාහන 100 කට ගැටළු 220 ක් තිබුණා කියලා කියනවා.. 😂🤣



    වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්. ලෝකෙම තියෙන මිල අධික දේවල් භාවිතා කරලා අයිසින් කලත් බෙට්ට බෙට්ටමයි නෙ. 😂🤭 රෙද්ද උස්සන් එන්න එපා..

    ඔව්වා මරාල තමයි..



    එහෙනම් ජපනා ගියා..

    🖐 මතා නේ..
     

    Attachments

    • 57C3E46A-CC9C-4271-A80F-22E7551A7DB6.jpeg
      57C3E46A-CC9C-4271-A80F-22E7551A7DB6.jpeg
      152.4 KB · Views: 155
    • 348E841D-D41F-4E44-8F49-D7909C5A8E68.jpeg
      348E841D-D41F-4E44-8F49-D7909C5A8E68.jpeg
      448.9 KB · Views: 169
    • BAF7A968-04C9-4C13-A76D-F6F6B5DEBBFD.jpeg
      BAF7A968-04C9-4C13-A76D-F6F6B5DEBBFD.jpeg
      48.1 KB · Views: 140
    • 3AB6E0B5-8F43-4502-BD86-EE78237F2B4C.jpeg
      3AB6E0B5-8F43-4502-BD86-EE78237F2B4C.jpeg
      38 KB · Views: 136
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ටොප් ගියර් එපිසෝඩ් එකක ගෙනත් තිබ්බ රේන්ජ් රෝවර් එකක් වැස්ස වහිනකොට සන් රූෆ් එකෙන් ඇතුළ තෙමෙන්න ගත්ත (අළුත්ම එකක්)
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Boho European wahana wala thathwaya oka thama.

    LR defender ekak padinna oninan ekko aluth ekak ganna oni (aluth ekak kiyanne ara aluth pretender eka newe) naththan thaman mechanic kenek wenna oni.

    Rust problems ehema iwarayak na owwage. 😂 Maath aasama wahane defender eka. Ehemai kiyala oya leda nathi wenne na
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    TATA ඵකෙන් ගත්ත නේද ඕක..ඉන්දියාව ගෑවුණත් අැති කෙලවෙලාම යන්න.
    Tata Group එකෙන් ගත්තේ ඒකාලේ එළකිරි එකේ Thread එකක් දාලා තිබ්බා ලැන්ඩ් රෝවර් Tata එකෙන් ගත්තා කියලා . ඒකේ මම කොමෙන්ට කරා ලැන්ඩ් රෝවර් එකත් ඉවරයි කියලා . අම්මෝ රෙද්ද උස්සගෙන අවේ නැද්ද ලංකාවේ TATA ලාඩ් කාරයො එහෙම වෙන්නේ කොහොමද කියලා. දැන් ඒක ඇත්ත වෙලා වගේ 🤣🤣🤣🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,521
    25,836
    113
    කෝටි 4ක් 5ක් දීලා ආතල් show off වාහනයක් ගන්න එකට කාටවත් ඇයි වේදනා. කෝටි යක් දීලා full repair එකක් දාන්න බැරි අය ඕවා ගන්නෑ..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනිත් රටවල නම් කොහොමද දන්නෙ නෑ, මෙහෙ නම් රෙපෙයාර් එකක් ආවොත් කරගන්න සතියක් විතර යනවා. රෙපියුටඩ් තැන් මාර බිසී, පාර්ට්ස් උනත් ගෙන්නල ගන්න වෙන්නෙ. සල්ලිත් තිබ්බත් ඔය රෙපෙයාර් වලට දාල එන්න වෙන එක හෙනම වදයක්.
     

    Japan mechanic

    Junior member
  • Nov 2, 2020
    5
    36
    13
    කෝටි 4ක් 5ක් දීලා ආතල් show off වාහනයක් ගන්න එකට කාටවත් ඇයි වේදනා. කෝටි යක් දීලා full repair එකක් දාන්න බැරි අය ඕවා ගන්නෑ..
    මගෙ ලඟ දෙකක් තිබ්බා. ඒ විතරක් නෙමෙයි හමර් එකකුත් තිබ්බා. ගන්න ආපු එකාට වැඳලා වික්කෙ.. 😂
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඕකේ තියෙන්නේ වෙනස්ම ආතල් එකක් නේද බම්.සැප උපරිමයි
    v8 එකක ගානට එන්නේ ඕකේ තියෙන ඔප්ෂන් තොගේට නේද.
    සාමාන්යෙන් ඕවා ගන්නේ සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉන්න එවුන්නේ.
    නැත්නම් හරි හමන් එකෙක් ඕව ගන්නේ නැ
    ඕක තියා BMW,Audi,Benz SUV ඒවත් ගන්නේ එහෙම ඩයල්

    හැබැයි දැන් තියෙන මාර්කට් එක හැටියට ගොඩක් එවුන් ජපන් වාහන එන්ට්‍රි ලෙවල් යුරෝප වාහන තරම් ගණන් ගිය හින්දා ඒ වාහන ගන්නවනේ.පහුගිය කාලේ කොරෝන කලින් සැහෙන එහම වුනානේ.

    ඒ වාහන වල ඇතිවන ප්‍රහ්න කිව්වොත් ගොඩක් එවුන්ට වැදගත් වෙයි.
    මොකද දැන් ගත්ත එවුන් අවුරුදු 1-2 පැදලා ඉවරයි මන් හිතන්නේ.