Land cruiser goes all around the world, Range Rover goes to the service center
අලුත් range rover වල all wheel drive system එක electric motor එකක් use කරලා නේ වෙන්නේ ?ලෑන්ඩ් රෝවර්ස් රථ ගැන සාමාන්‍යයෙන් අපි කවුරුත් ලඟ තියෙන්නෙ ආකර්ෂණීය හැඟීමක්. ඒ වගේම ඒවා අධික මිලක් සහිත තත්වයෙන් උසස් SUV කියලා තමයි කියවෙන්නෙත්. ජපනා අද කියන්න යන්නෙ මේ ලෑන්ඩ් රෝවර් එකක් මිලදී ගැනීම නඩුවක් තියෙන ඉඩමක් ගත්තා වගෙ වෙන්නෙ ඇයි කියලා තමයි.
ඕෆ් රෝඩ් නම් ලෑන්ඩ් රෝවර් තමයි කියලා හිතාන ලංකාවෙ යක්කු පදිනවා කියාගෙන පරණ යකඩ පදින අයියලාට සහ කෝටිගනන් දීලා අලුත් ඩිෆෙන්ඩර් ගත්ත අයියලාටත් මේකෙන් ටිකක් රිදෙන්න පුළුවන්. සරලයි. කලින් එකේ වගේම මට රෙද්ද උස්සගෙන එන්න එපා.. ඉලුක් ගාලක වටයක් දුවලා එන්න.
අතීතයේ මාර්ගයෙහි හෝ මාර්ගයෙන් පිටත ඕනෑම තත්වයක් යටතේ ඕනෑම තැනක ධාවනයෙහි හැකියාව ඇති බවට විශාල කීර්තියක් තිබුණු ලෑන්ඩ් රෝවර් SUV රථ වර්තමානයේ කල්පැවැත්ම අතින් අජූත බවට ඒ වගේ දෙගුණයක් අපකීර්තියකුත් ලබාගෙන තමයි ඉන්නෙ. ටොයොටා 4Runner වැනි රිලයබලිටිය අතින් ඉහල ඕෆ් රෝඩ් SUV රථයකට වඩා නඩත්තු කටයුතු සඳහා සෑම වසරකම සැලකිය යුතු වැඩි පිරිවැයක් දැරීමට ලෑන්ඩ් රෝවර් පදින බබාලට සිද්ධ වෙනවා. ලෑන්ඩ් රෝවර්ස් නඩත්තුව කියන්නෙ කෙලින්ම ඉඩමකට නඩු කියනවා වගෙ ආතල් එකක් කියලා මම කිව්වෙ ඒකයි. කරලම බලන්න ඕනෙ ඒ ආතල් එක.
ඉතින් තවදුරටත් ලෑන්ඩ් රෝවර් කියන්නෙ ඕෆ්රෝඩ් රථවල ඔටුනු පැළදි රජෙක් නෙමෙයි. නැට්ට පුපේ ගහගත්ත තෙමුණු හිවලෙක්. අන්තර්ජාලයේ land rover forum වල ලෑන්ඩ් රෝවර් රථ හිමිකරුවන්ගේ ගැටළු අලුත් වාහනයක අපේක්ෂා නොකළ හැකි තරම් අජපල් කුජීත එව්වා. ඉතාම දැඩි හා ඕෆ්රෝඩ් සඳහාම නිපදවූ වෙළඳ නාමයක් සඳහා ඇක්සල් හෝ සස්පෙන්ශන් සුලභ ප්‍රශ්නයක් කියලා කවදාකවත් හිතුණෙ නෑ නේද. ඕනෑම ශක්තිමත් 4 × 4 රථයක වැදගත් අංගයන් වන ඔය දෙකට තියෙන තරම් ලෙඩ කොටුවෙ සුමනක්කටවත් නෑ..
අයිතිකරුවන්ගෙන් 36.23% ක්ම රථය මිලදීගෙන මාස 12 කට පෙර ඇක්සලය අළුත්වැඩියා කිරීම සහ සස්පෙන්ශන් ගැටළු සඳහා ඔවුන්ගේ ලෑන්ඩ් රෝවර් ගරාජයට රැගෙන යාමට සිදු වුනා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. හරකෙක් හෝ අශ්වයෙක් නැති වෙලාවක නගුලේ ගැටගහගෙන යායක් හාන්න තරම් වැඩකිඩ දාන්න පුළුවන්කම තිබ්බ මේ රථවල වර්තමාන පරම්පරාව කලින් තිබූ කල්පවත්නා ගොවිපල වාහනය විදිහට තවදුරටත් ලේබල් කරන්න වෙන්නෙ නැහැ. මෙම සන්නාමය මඩෙන් ඉදිරියට ගොස් සුඛෝපභෝගී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමේ උත්සාහයේ දී, කිසිම විටෙක නොකල යුතු දෙයක් වුණ ඉතාම රිලයබල් විය යුතු ස්ථානවල ගුණාත්මකභාවය කැප කරලා තියෙනවා. සරලව ම වාහනේ ප්ලාස්ටික් අන්දපු වහුකුණක් බවට පත් කරලා තියෙනවා..
2020 SUV මාදිලි වලදී පාරිභෝගික අත්දැකීම් රේටින් වලදී 5 න් 1 ක් ලබාගෙන ලබාගත හැකි අවම රේටින් එක පෙරමුණේ ලෑන්ඩ් රෝවර් ඉන්නවා. ඔවුන්ගේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලුවහොත්, පසුගිය දශකය තුළම නිපදවපු ඕනෑම ලෑන්ඩ් රෝවර් මාදිලියක් මෙයට වඩා ඉහළ රේටින් එකක් ලබා ඇති වසරක් නැහැ. පාරිභෝගික වාර්තා අනුව ශ්‍රේණිගත කිරීම මලින් සියල්ලම නොකියවෙන බවට දැන් තර්ක කරන්න පුළුවන්. ඒත් ඔය වාහන මිලට ගත් මිනිස්සුන්ගෙ ඒවා ඩේලි පදින මිනිස්සුන්ගෙ වාර්තා කිරීම් අනුව මේ තරම් නරක හෝ මෙතරම් කුජීත විදිහට රතු රේටින් ඇති වෙනත් කාර් වෙළඳ නාමයක් ඇති කියලා ජපනා හිතන්නෙ නෑ. අවුරුද්දක් දෙකක් කමක් නෑ කියමුකො. සුමනක්කත් හොඳ නැති වෙන දවස් එනවනෙ.. ඒත් වෙළඳනාමයකට අවුරුදු 10ක් පුරාවට හදපු සෑම වාහනයකටම රේටින් එක ලකුණු 5 න් 1 ක්ම ලැබෙනවා කියන්නෙ හිතලාම බලපල්ලකො. පුප නෑ නෙ.
ලෑන්ඩ් රෝවර් SUV රථවල සාමාන්‍ය වාර්ශික නඩත්තු වියදම ඩොලර් 1,174 ක් කියලා ගනන් බලලා තියෙනවා. මේක වෙනත් ජනප්‍රිය SUV රථ වාර්තා කර ඇති ප්‍රමාණය වගේ දෙගුණයක් වැනි අගයක්.. උදාහරණයක් ලෙස ටොයොටා RAV4 රථයක සාමාන්‍ය නඩත්තු පිරිවැය වසරකට ඩොලර් 429 ක්.
ජේ. ඩී. පවර්ස් විසින් සිදු කරන ලද 2020 රිලයබිලිටි ස්ටඩි එකකදි ලෑන්ඩ් රෝවර් සන්නාමය අවසානයෙ මිය මිය ගියා කියලා ප්‍රකාශ කරලා තියෙනව. මේ සඳහා ජේ. ඩී. පවර්ස් විසින් 2020 මාදිලි සඳහා දත්ත එක්රැස් කරගත් ඇමරිකාවේ සියලුම මෝටර්රථ අතුරින්, ලෑන්ඩ් රෝවර් වාහනවලට වාහන 100 කට ගැටළු 220 ක් තිබුණා කියලා කියනවා..
වාහනයක් අරගෙන අවුරුදු 5ක් විතර පැදලා වල දාන්ට හෝ පහත් බිම් ගොඩ කරන්න වගෙ අවශ්‍යතාවක් තියෙන කෙනෙකුට නම් මේ අලුත් අයිටම් සෑහෙන්න ප්‍රයෝජනවත්. ලෝකෙම තියෙන මිල අධික දේවල් භාවිතා කරලා අයිසින් කලත් බෙට්ට බෙට්ටමයි නෙ.රෙද්ද උස්සන් එන්න එපා..
ඔව්වා මරාල තමයි..
එහෙනම් ජපනා ගියා..
මතා නේ..
ලෑන්ඩ් රෝවර් SUV රථවල සාමාන්‍ය වාර්ශික නඩත්තු වියදම ඩොලර් 1,174 ක් කියලා ගනන් බලලා තියෙනවා. මේක වෙනත් ජනප්‍රිය SUV රථ වාර්තා කර ඇති ප්‍රමාණය වගේ දෙගුණයක් වැනි අගයක්.. උදාහරණයක් ලෙස ටොයොටා RAV4 රථයක සාමාන්‍ය නඩත්තු පිරිවැය වසරකට ඩොලර් 429 ක්.
TATA ඵකෙන් ගත්ත නේද ඕක..ඉන්දියාව ගෑවුණත් අැති කෙලවෙලාම යන්න.
ඒ කාලෙ වාහනවලින් කුඹුරක් හරි හාන්න පුළුවන් නගුලෙ ගැටගහලා.. දැන් එන එව්වා ගැන කියන්නෙ..අවසරයි.මටත් තියෙනව ඔය ගැන පොඩි අදහසක් දෙන්න..ලෑන්ඩ් රෝවර් වලට කරපු අපහසෙටනම් හිත ටිකක් රිදුනා..ඒත් ඒක එහෙමම නෙවෙඉ කියන්නයි අවේ..ප්‍රධාන වශයෙන්ම, ඔකේ ඔය ලෙඩ එන්න හේතුව නඩත්තුව වෙලාවට නොකිරිමයි..නඩත්තුව කියල ලොකු ලොකු දේවල් කරන්න එන්නෙ නෑ. වෙලාවට තෙල් මාරු කරල ග්‍රීස් ගහල වතුර බලල දුවනවනම් ලෙඩ එනව අඩුයි.හොදම අත්දැකීම මගේ තාත්ත ගාව තියෙන එක.. එයාට දැන් අවුරුදු 45 තාත්ත ගාවම 35 විතර..ලංකාව වටේම ගිහින් තියෙනව. ගිය නැති වනෝද්‍යානයක් නෑ ඕනෙ තරම් මඩේ වතුරෙ ගිහින් ඇති.ඒත් අද වෙනකන් එයාට වහලෙන් බහින රෝගයක් නෑ කියන්න ආඩම්බරයි වහිනකොට වතුර ටිකක් එනව දොර බීඩින් වලින් එච්චරයි. මම දැකපු ප්‍රධානම දේ තමයි තාත්තගෙ නඩත්තුව.ගෙවල් හදන්න ගල් සිමෙන්ති වැලි කොටන් ඔක්කොම ඇදල තියෙනව.ඒ කරපු වැඩ කරන්න දැන් එන ඒවට බැහැයි කියල මට හිතෙනව.ජපන් වාහන ඉකොනොමිකල් තමයි ඒත් රෝවර් එහෙම නැත්තෙමත් නෑ..ඒක නිසා ලෑන්ඩ් රෝවර් වල මලගම කියන එක එක පිලිගන්න අමාරුයි.මොකද ඒකාලෙ නිශ්පාදනය කරපු ඒවගෙන් බාගයකට වැඩිය තාම පාරෙ දුවනව කියල මට විශ්වසයි..
ස්තුතියි..
මේ තියෙන්නෙ මගේ බාන්ඩේ.
![]()
![]()
මේ කියල තියෙන්නෙ අන්තිම අවු 10 ක් වගේ ඇතුලත හදපු වාහන ගැන මචෝ. පරණ බඩු සුපිරි.අවසරයි.මටත් තියෙනව ඔය ගැන පොඩි අදහසක් දෙන්න..ලෑන්ඩ් රෝවර් වලට කරපු අපහසෙටනම් හිත ටිකක් රිදුනා..ඒත් ඒක එහෙමම නෙවෙඉ කියන්නයි අවේ..ප්‍රධාන වශයෙන්ම, ඔකේ ඔය ලෙඩ එන්න හේතුව නඩත්තුව වෙලාවට නොකිරිමයි..නඩත්තුව කියල ලොකු ලොකු දේවල් කරන්න එන්නෙ නෑ. වෙලාවට තෙල් මාරු කරල ග්‍රීස් ගහල වතුර බලල දුවනවනම් ලෙඩ එනව අඩුයි.හොදම අත්දැකීම මගේ තාත්ත ගාව තියෙන එක.. එයාට දැන් අවුරුදු 45 තාත්ත ගාවම 35 විතර..ලංකාව වටේම ගිහින් තියෙනව. ගිය නැති වනෝද්‍යානයක් නෑ ඕනෙ තරම් මඩේ වතුරෙ ගිහින් ඇති.ඒත් අද වෙනකන් එයාට වහලෙන් බහින රෝගයක් නෑ කියන්න ආඩම්බරයි වහිනකොට වතුර ටිකක් එනව දොර බීඩින් වලින් එච්චරයි. මම දැකපු ප්‍රධානම දේ තමයි තාත්තගෙ නඩත්තුව.ගෙවල් හදන්න ගල් සිමෙන්ති වැලි කොටන් ඔක්කොම ඇදල තියෙනව.ඒ කරපු වැඩ කරන්න දැන් එන ඒවට බැහැයි කියල මට හිතෙනව.ජපන් වාහන ඉකොනොමිකල් තමයි ඒත් රෝවර් එහෙම නැත්තෙමත් නෑ..ඒක නිසා ලෑන්ඩ් රෝවර් වල මලගම කියන එක එක පිලිගන්න අමාරුයි.මොකද ඒකාලෙ නිශ්පාදනය කරපු ඒවගෙන් බාගයකට වැඩිය තාම පාරෙ දුවනව කියල මට විශ්වසයි..
ස්තුතියි..