Top Lanka News මාර්තු 31
කතෝලික සභාවේ මහා කඩාවැටීමක් සිදුවී තියෙන බව ලංකාවේ මාධ්‍යකරුවන් නොදන්නා කාරණයක් නොවේ. එහෙත් දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනමාධ්‍යකරුවන් ඉතාම වැඩි පිරිසක් ලංකාව බහු ජාතික බහු ආගමික රටක් වශයෙන් සලකන නිසා දෝ ලෝකයටම වැදගත් වී තියෙන කතෝලික පුජකයින්ගේ ළමා ලිංගික අපචාර ක‍්‍රියා ගැන ගොඵබවක් රකිති. එයින් ඔවුන් කරන්නේ මහජනයා දැනගත යුතු ඇත්තක් සැගවීමයි. මොන අර්ථයෙන් විග‍්‍රහ කරතත් එය මහජනයාට ඇත්ත දැනගැනිමට ඇති අයිතිය අහුරාදැමිමකි. ලංකාව හැර ලෝකයම කතෝලික පුජකයින්ගේ ලිංගික අපචාර ගැන කතා කරති. සිඇන්ඇන් බදු ලෝක ප‍්‍රසිද්ධ රුපවාහිනී සේවා ළමා ලිංගික අපචාරය ගැන නොයෙකුත් සංවාද හා වැඩ සටහන් ගෙනයති. ලංකාවේ පුවත් පත් නිදහස නෑ කියමින් බෙරිහක් තියන වෙබ් අඩවි පවා මෙතනදී කිරිසප්පයින් වගේ හැසිරීම මොලේ ඇති මිනිසුන්ට පමණක් වැටහෙන කාරණාවකි.
ඇම්ඇස්ඇන්බී ප‍්‍රවෘත්ති සේවාව ඕස්ටි‍්‍රයානු පියවරයෙක් පුජාව පවත්වද්දී බෙනඩික් පාප්තුමා ගැන සදහන් නොකරීමට වගබලාගත් හැටි සදහන් කරයි. මෙබදු සිදුවීම් ලොව තව තවත් රටවලින් අසන්ට පුඵවන. බුද්ධිමත් කතෝලික බැතිමතුන්ට තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය කතෝලික පුජකවරුන්ගේ ළමා අපචාර සිද්ධින් පමණක්ම යයි සිතීම වරදකි. පාප්තුමා ජර්මනියේ ආච් බිෂොප් වශයෙන් කටයුතු කරද්දී ළමා අපචාරයේ යෙදනු පුජකයින් හා එවැනි සිද්ධින් දැන සිටීම ඔවුන්ට විශාල වැදගත් කාරණාවකි. එයින් පැහැදිලි කරන්නේ පාප්තුමාගේ අවංක භාවය පිළිබදවයි. පාප්තුමාගේ සොහොයුරා ළමයින්ට ශාරිරික පීඩා කිරිමද ඔවුන් සමහරෙකුට වැදගත් දෙයකි.
බෙනඩික් පාප්තුමාගේ ක‍්‍රියා පිළිවෙත නිසා (තුන්වැනි ලෝකයේ ලංකාව බදු රටවල් නොව සංවර්ධිත යයි පිළිගන්නා රටවල කතෝලික දේවස්ථානයේ විශාල බිද වැටිමක් සිදුවෙතැයි බොහෝ විචාරකයෝ කියති.