ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට​

    නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ලිංගික උත්තේජක තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, කෙසෙල්වත්ත, සිල්වර් ස්මිත් පටුමග ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි වියේ පසුවන අයෙකි.
    එහිදී සැකකරුගේ නිවසේ ගබඩා කර තිබූ ලිංගික උත්තේජක පෙති 31,750 ක් සහ ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇත.
    වෙනත් පුද්ගලයකුට ලබාදෙන තෙක් එම තොගය මෙලෙස ගබඩාකර තිබූ බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.
    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා තුළ සඟවා මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවය.
    සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
     
    • Wow
    Reactions: pramodh87

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,032
    113
    Mother Earth
    Tax gewala genawanm awlk nadda
    එහෙම බෑ. අන්තරායකර ඖෂධ නිවාරණ ඒකකයේ ලියාපදිංචි වෙලා තමයි ගෙන්නන්න ඕන. නැත්තම් තහනම්. අඩු ගානේ tattoo machine එකක් වත් ගෙන්නන්න බෑ ඒකෙ අවසරයකින් තොරව.
     
    • Like
    Reactions: Mr.Curious

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    Owwa mokatada ban. Guliyak ekka beer ekak gahuwa nam. Naththan beer ekak witharak gahuwath badu supiri.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ගමේ සිල්ලර කඩ වලත් තියෙනවා බං ඕවා.. බයික් වලින් ඇවිත් දාලා යන්නේ.. මුදලාලිට ලොකු ගානක් අතට එනවා ඇති .
    දවසක් කඩේ ඉන්න කොට එකෙක් එනවා .. මුදලාලියා දන්නවා වැඩිපුර විකිණෙන බඩු.
    අරකෙන් පහක් මේකෙන් දහයක් කිව්වා. අරූ tablet පෙට්ටි ටික මෙසේ උඩ තියලා
    සල්ලි ගත්තා ගියා.
    ඕවා ගහලා සෙල්ලම් දාන්න ගිහින් තමා අවුරුදු 30-40 උන් ඇදන් උඩ මැරිලා යන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,875
    113
    Homagama
    ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

    ලිංගික උත්තේජක තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට​

    නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද ලිංගික උත්තේජක තොගයක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 12, කෙසෙල්වත්ත, සිල්වර් ස්මිත් පටුමග ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි වියේ පසුවන අයෙකි.
    එහිදී සැකකරුගේ නිවසේ ගබඩා කර තිබූ ලිංගික උත්තේජක පෙති 31,750 ක් සහ ලිංගික උත්තේජක ජෙල් පැකට් 259 ක් පොලිස් භාරයට ගෙන ඇත.
    වෙනත් පුද්ගලයකුට ලබාදෙන තෙක් එම තොගය මෙලෙස ගබඩාකර තිබූ බව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.
    වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒවා ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා තුළ සඟවා මෙලෙස මෙරටට රැගෙනවිත් ඇති බවය.
    සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
    පෙට්ටිය දැක්කාම කියතැහැකි ඉන්දියාවේ රන්ග්පෝ වල තියන කම්පැනියේ හදපු එවා