ලිංගික ප්රජනනයෙන් තොරව
මේ කතාව සත්තමයි කෙසෙල් ගැන.
ඕනෑම ජීවී කොටසක වඩා හොඳ විවිධත්වයෙන් යුතු දියුනු ලක්ෂණ පල වෙන්නෙ ජාන වැඩි වැඩියෙන් මිශ්ර වූ විටයි. ජිවී සංහතියක දියුණුවට ජාන මිශ්ර වීම මේ නිසා ඉතාම වැදගත්. අමිශ්ර ජාන එක් වීමෙන් නිලීන වී ගිය අවාසිදායක, දුර්වල ලක්ෂණ මතු වීම සිදුවනවා. මිනිසුන් අතරනම් නෑනා මස්සිනා විවාහ අධෛර්යමත් කරන්නේද මේ හේතුවෙන්.
අද අපි අනුභව කරන කෙසෙල් ගැන කියන්න තියෙන්නෙ අතිශය ශෝකජනක කතාවක් (කෙසෙල් ගහේ පත්තෙන් බලනකොට). අපි අනුභව කරන කෙසෙල් වල ලිංගිකව සිද්ධවෙන ජාන මිශ්ර වීම මිනිස්සු හිතාමතාම නවත්තලයි තියෙන්නෙ.
මිනිස්සු කෙසෙල් වලට ඕක කරන්න කලින් අනෙත් පළතුරු ශාක වගේම කෙසෙල් ශාකත් කැලෑබදව ලිංගික ප්රජනනයෙන් වර්ගයා බෝකිරීම සිදු කලා. ඒ කියන්නෙ පරාග කලංක මත පතිතවීමෙන් පසු හටගන්නා ඵලයන්ගේ බීජ පැලවීමෙන් කෙසෙල් ශාක හටගත්තා. හැබැයි මේ කෙසෙල් වර්ග ආහාරයටනම් ඒ තරම් සුදුසු ඒවා උනේ නෑ. එක් කෙසෙල් වර්ගයක් රසයෙන් අඩුවෙද්දි අනෙක් කෙසෙල් වර්ගයේ විශාල ඇට අඩංගු උනා (ඇටිකෙහෙල්).
නමුත් කලාතුරකින් මේ දෙවර්ගයේ ලිංගික ප්රජනනයෙන් නිපදවෙන අලුත් ශාකයක ගෙඩි ඇටවලින් අඩු සහ ඉතා රසයෙන් යුතු ඒවා බව මීට අවුරුදු දසදහසකට පමණ පෙර සිටි මිනිසුන් සොයාගත්තා. නමුත් මේ නව ශාකයේ ඇට නිසරු නිසා ඇට පැලකිරීමෙන් මේ වර්ගය බෝ කිරීමට හැකි උනේ නෑ. ඊට පිළියමක් විදියට මිනිස්සු මේ නව වර්ගයෙන් එන මොරෙයියන් සහ අංකුර කැබලි වලින් නව පරම්පරාවන් අඛන්ඩව පවත්වාගෙන යාමට සමත් වුනා. ලිංගික ප්රජනනයෙන් තොරව මේ වෙනත් ක්රම වලින් අද දක්වාම කෙසෙල් පරම්පරාව කෘතිමව පවත්වාගෙන ආ නිසා කෙසෙල් වල ජාන කලවං වීම මිනිස්සු නවත්තලා තියෙනවා. හරියට අලුත් ගහ මව් ගහේම ක්ලෝනයක් වගේ වෙලා. අවාසනාවන්ත අමිශ්ර කෙහෙලයන් ඇතිවුනේ උනේ එහෙමයි.