ලිංගික බැඳීමකට බලපාන 'නරක පුරුදු සහ ඇබ්බැŠ
ඉතින් කොහොමද ජීවිතේ? සතුටින් ඉන්නවා නේද කට්ටිය. වෙනදට වඩා ඉක්මණට මේ පාර ‘සිරි යහනේ - නෑ සහනේ’ ලිපි මාලාවේ තවත් කොටසක් ඔබට අරගෙන එන්න පුළුවන් වුනා. මම හිතනවා ඒ ගැනනම් ඔයාලා වැඩිපුරම කැමතිවේවි කියලා.
පහුගිය කොටසින් අපි කතාකලේ යුවලකගේ ලිංගික ජීවිතයට බලපාන ‘කායික පිරිසිදුකම සහ සෞඛ්‍යසම්පන්න බව’ ගැනයි. ඒ ලිපියටත් බොහොම ඉහළ ප්‍රතිචාර තිබුණා. ඉතින් අද මම ඔබට ලියන්න බලාපොරොත්තුවෙන්නේ තවත් ඒ වගේම වැදගත් මාතෘකාවක් ගැන.
ඔබේ සිරි යහනේ සතුට සහ තෘප්තියට බාධා කරන කරුණු ගැන අපි පහුගිය කාලෙම කතා කලා. ඒ ලිපි සියල්ලම මෙතනින් කියවන්න පුළුවන්. අද අපි කතාකරන්නේ ඔබේ ලිංගික බැඳීමට අහිතකර විදිහට බලපාන ‘නරක පුරුදු සහ ඇබ්බැහිවීම්’ ගැනයි. මම හිතනවා මේකත් ඔබට ගොඩක් වැදගත් වේවි කියලා. ඒ ගැන කතා කරන්න කලින් පුංචි උදාහරණයකින්ම පටන්ගන්න කැමතියි.
ඇමරිකා එක්සත් ජනපද අධිකරණයේ දවසක් විභාගවුණු දික්කසාද නඩුවක කාන්තාව සාක්ෂි ඉදිරිපත් කරමින් හිටියා. එතනදි ඇගෙන් විනිසුරුවරයා අසා සිටියා මෙතරම් බරපතල විදිහට දික්කසාදය ඉල්ලන්න හේතුව මොකක්ද කියලා. ඇයගේ ස්වාමිපුරුෂයාත් පෙනුමෙන් බොහොම වැදගත් සහ නිවුනු පුද්ගලයෙක්. කාන්තාව තමන් දික්කසාදය ඉල්ලා සිටින්න හේතුව විදිහට කිව්වෙ
“ස්වාමීනි, මගේ සැමියා බොහොම හොඳ කෙනෙක්. ඒත් ඔහුට බොහොම නරක පුරුද්දක් තියනවා ඒ තමයි ලිංගිකව එක්වෙන්න කලින් එක්කෝ මත්පැන් බොන්න ඕන, නැත්නම් සිගරට් බොන්න ඕන..එහෙම නැතිව කවදාවත්ම ඇඳට ඇවිත් මාත් එක්ක සතුටින් ඉන්නේ නෑ..මම ඒකට විරුද්ධ වුනොත් අනිත් පැත්තට හැරිලා නිදාගන්නවා”
මේ වගේ නරක පුරුදු සහ ඇබ්බැහිවීම් යුවලකගේ සිරි යහනට විතරක් නෙවෙයි මුළු පවුල් ජීවිතයටම අහිතිකර විදිහට බලපානවා කියන එක දැන් ඔබට තේරෙනවා ඇති. තවත් මේ වගේ පුරුදු ගණනාවක් තියනවා. මේවා පිරිමින්ට විතරක් නෙවෙයි කාන්තාවන්ටත් අදාලයි.
ලිංගික එකතුවීමකට පෙර මත්පැන් හෝ දුම්වැටි පානය, ලිංගිකව එකතුවීමේදී කෲර ලෙස ශාරීරික හානි කිරීම හෝ පහරදීම, විවිධ උපාංග භාවිතා කරගෙන විකෘති ලිංගික පුරුදු වගේ දේවල් බරපතල ගණයේ පුරුදු හෝ ඇබ්බැහීම් විදිහට සලකන්න පුළුවන්. මේවා සිරි යහන මතට එනවා කියන්නේ බොහෝවිට බැඳීමක් බිඳීයාමට තියන ඉඩකඩ වැඩියි. බඳින්න කලින් ලිංගිකව නොහැසිරෙන නිසාත් කතා බහ කරද්දිවත් ලිංගිකත්වය හෝ ලිංගික ආසාවන් ගැන කතා නොකරන නිසාත් ලංකාව වගේ රටක බොහොමයක් කාන්තාවන්ට වගේම පුරුෂයන්ටත් තමන් බඳින්න යන කෙනා ලිංගික සම්බන්ධයක් ඇතුලේ කොහොම හැසිරෙයිද කියලා හිතාගන්න අමාරුයි.
ඒ වගේ තත්වයක් නිසා විවාහ දිවිය ඇතුලෙ ලිංගික සම්බන්ධතාවයකට එක්වරම මේ වගේ පුරුදු මතුවුනාම සෙනෙහස, ආදරය වගේම ලිංගික ආසාවන් පවා නැතිවී යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ පුරුදු ඔබට තිබෙනවනම් වහාම පාලනය කරගත යුතුමයි. ඔබේ සහකරුවාට හෝ සහකාරියට මේ වගේ පුරුදු තිබෙනවනම් සහ ඔබට පාලනය කරන්න අමාරුනම් වෛද්‍යවරයෙක් හෝ උපදේශකවරයෙක් හමුවීම වඩා හොඳයි.
ඒ වගේම සිරි යහනේ සුන්දර බැඳීමට හානි කරන තවත් යම් යම් පොදු පුරුදු තිබෙනවා. සමහර පිරිමින් වගේම කාන්තාවන් නිදි ඇඳට ඇවිත් දෙන්නා එක උණුහුමේ ඉන්නවා වෙනුවට එක්කෝ ජංගම දුරකතනය හරි පරිගණකය හරි අරගෙන එක්කෝ ගේම් ගහනවා, නැත්නම් චිත්‍රපටි බලනවා. දෙන්නම එකතුවෙලා සතුටින් මේ දේවල් කලාට කමක් නෑ. ඒත් එක් අයෙක්ට උණුහුම හරි, කතාකරන්න ඕනනම් හරි ඒත් නැතිනම් ලිංගික සතුට ඕන වෙලාවට අනිත් කෙනා මේ වගේ දේකට ඇබ්බැහිවෙලා ඉන්න එකනම් ප්‍රශ්නයක්.
තවත් සමහර අය එක්කෝ නින්දෙන් අතින් පයින් පහර දෙනවා, මේකටනම් වෛද්‍ය උපදෙස් ගත යුතුම දෙයක්. තවත් සමහරු අපිරිසිදුව සිරි යහනට එනවා. අපි ඒ ගැන සහ ඒකට කරන්න ඕන දේවල් කලින් ලිපියෙදි කතා කලා. ඒ විතරක් නෙවෙයි ඇතැම් අය සුරතලේට ඇතිකරන බල්ලෝ, පූසෝ, හාවෝ ඇඳට පුරුදු කරගෙන ඉඳලා උන් ඒ පුරුද්දට විවාහයෙන් පස්සෙත් දෙන්නා ඉන්න ඇඳට එනවා. මේකනම් එච්චර හොඳ දෙයක් නෙවෙයි, එක් පැත්තකින් සෞඛ්‍යයට, මොකද ලිංගික එක්වීම් සිද්ධවෙද්දි දෙදෙනාගේම රහස් ප්‍රදේශ නිරාවරණය වෙන නිසා සතුන් මගින් එන විෂබීජ වලින් ආසාදන හෝ ඊට වඩා දරුණු රෝග ඇතිවෙන්න පුළුවන්. සත්තුන්ට සතුන්ගේ පාඩුවේ ඉන්න දීලා දෙන්නගේ සුන්දර ලිංගික බැඳීමට ඒක බාධාවක් කරගන්න එපා.
ඇතැම් පිරිමින් සහ කාන්තාවන් තරුණ කාලේ ස්වයං වින්දනයේ යෙදීම සහ ලිංගික දර්ශන අඩංගු වීඩියෝ නැරඹිමට පුරුදු වෙනවා. පස්සේ ඇතැම් අය මේවට ඇබ්බැහිවෙලා විවාහයෙන් පස්සෙත් මේවාට යොමුවෙනවා. ස්වයං වින්දනයනම් දෙදෙනාම එකතුවෙලා දෙදෙනාම සතුටුවෙලා කලාට ගැටළුවක් නෑ, ඒ වගේම වීඩියෝ නැරඹීමත් ඒ තරම්ම ගැටළුවක් නෑ. ඒත් සිරි යහනේ තනියම මේවා කරන්න යන එකෙන් වෙන්නේ තමන්ගේ සහකාරිය හෝ සහකරුවා ලිංගිකව තෘප්තිමත් නොවීම ඇතුලේ සිත්රිදීම් සහ බරපතල දෙදරායාම් ඇතිවීම.
තවත් බරපතල පුරුද්දක් තමයි ඇතැමි පුද්ගලයන් සජීවීව වෙනත් යුවලක් ලිංගිකව එක්වෙනවා දැකීමට ඇති කැමැත්ත සහ එයින් ලිංගිකව තෘප්තිමත් වීම. සමහර ඇතැම් පුරුෂයන් තමන්ගේ බිරිඳ තමන්ගේ මිත්‍රයෙක් හෝ වෙනත් කෙනෙක් එක්ක ලිංගිකව එකතුවෙන්න අවශ්‍ය ඉඩකඩ හදලා එය දැකලා තමන් තෘප්තිමත් වෙන්න උත්සහ කිරිම. මේක ඉතාම බරපතල තත්වයක් සහ දරුණු ප්‍රතිඵල අත්වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේ වගේ සිතිවිලි වහාම සමනය කරගන්න තරමට බැඳීමට සහ පොදුවේ පවුලටම යහපතක් වෙන දෙයක්.
මේ හැම පුරුද්දක්ම වගේ දැඩි උත්සහයකින් සහ යහපත් මග පෙන්වීමකින් අත්හැරගන්න පුළුවන් දේවල් මිසක් කරන්න බැරි දේවල් නෙවෙයි. ඒකට අවශ්‍ය මගපෙන්වීම කරන්න සහකාරියට හෝ සහකරුවාට බැරිනම් ඒ සඳහා වෘත්තීමය පලපුරුද්දක් ඇති වෛද්‍යවරයෙක් හෝ උපදේශකයෙක් හමුවී ප්‍රතිකාර සහ උපදෙස් ගැනීම වැදගත්.
එවැනි අත්හැරගන්න බැරි පුරුදු විවාහ දිවියට හෝ ලිංගික තෘප්තියට බලපානවනම් මෙන්න මේ දුරකතන අංකයෙන් 011 258 8488 Happy Life උපදේශන සේවාව අමතලා නොමිලේ උපදෙස් ලබාගන්න ඔබට පුළුවන්. ඒ නිසා ඔබේ සිරියහනේ සුවය සහ සහනය අහිමි කරගන්නවා වෙනුවට ඔබට කරන්න පුළුවන් බොහෝ දේ තිබෙනවා. ඕනම නරක පුරුද්දක් වෙනස් කරගන්න දවස් 99ක ඒකායන අධිෂ්ඨානයට පුළුවන් කියලා විශේෂඥයින් කියනවා.
තවත් වැදගත් දෙයක් තමයි ඔබ ඔබේ සහකරු හෝ සහකාරිය එක උණුහුමේ එකට ඉන්න සිරි යහන කියන්නේ ඔබේ පවුල් ජිවිතේ බොහෝ දේ කතාකල හැකි බෙදාගත හැකි වේදිකාව. ඒ වේදිකාවට බාධා වෙන නරක පුරුදු සහ ඇබ්බැහිවීම් ඉවතදාලා ඒ සොඳුරු මොහොත හොඳින් පාවිච්චි කරලා ලිංගික ජීවිතයේ වගේම විවාහ ජීවිතයේ සතුට වර්ධනය කරගන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.
මේ වගේම තවත් වැදගත් කරුණු ගැන කතාකරන ‘සිරි යහනේ - නෑ සහනේ’ තවත් කොටසකින් ඉක්මණටම ඔබ හමුවෙන්නම්. එතකල් මොනවාහරි ගැටළුවක් මේ ලියවුණු කරුනු ගැන තියනවනම්, ඒත් නැත්නම් වෙනත් ප්‍රශ්න තියනවනම් යොමු කරන්න [email protected] ඊමේල් ලිපිනයට. ඔබට සුභ කාලයක්!
උපුටා ගැනීම - https://www.her.lk/sex-and-relationship/613-8