~~~~ලිබියාව & ගඩාෆි~~~~

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ~~~~ලිබියාව & ගඩාෆි~~~~

    libya.gif


    large_Gadhafi-Berlusconi-libya-italy.jpg



    [FONT=&quot]පුරාණයේ ලිබියාව [/FONT]Phoenician, රෝම, සහ අරාබි ජාතීන්‍‍ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi) පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ග‍ඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි.

    මුල්[FONT=&quot] [/FONT]කාලයේ එරට සාම්ප්‍රධායික කෘෂිකර්මාන්ත කටයුතු ‍සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්‍රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියා‍ව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්‍ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.

    1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.

    ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.

    ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.

    gaddafi's female bodyguards

    gaddafi_02.jpg


    _Gaddafi-Female-Bodyguards-01.jpg



    ඔබගෙ දෑන ගෑනිම සදහා මෙය උපුටා ගෑනිමක් බව සලකන්න..

    හොදයි නම් +rep එකක් දීලම යන්න...

     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.

    :rofl:
    gaddafi family eka nan diyunu una

    dan no gaddafi

    gaddafi & sons panna ratin
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Gaddafi is a great leader.. he took millions of libyans out of poverty and distributed the wealth from oil among the people. that's what the western hypocrites can't stand him
     

    toxicated

    Banned
    Jul 19, 2011
    71
    11
    0
    ගඩාපි යනු ඒකාධිපතියෙක්.බලෙන් නායකත්වයට පත්ව බලෙන් හිටපු එකෙක්.පල් හොරෙක්, මිනීමරුවෙක්.ත්‍රස්තවාදියෙක්. මේකාව එලවපු එක හොඳයි..නමුත් ලිබියාව අපේක්ෂා කරන සැබෑ වෙනස ඔවුන්ට ලැබෙනවද? විප්ලවයක් මෙහි තියෙනවද කියන එක තමයි ප්‍රශ්නය. මීලගට පත් වෙන්නෙත් චදෙන් පත් වෙන ඒකාධිපතියෙක් නම් ලිබියානුවන්ට කිසිම වෙනසක් ඇති වෙන එකක් නෑ.වසර 40ක් හදිසි නීතිය මගින් රට පාලනය කරපු ගඩාපිව එලවලා චන්දෙන් එන එකත් ලංකාවේ වගේ ඒකාධිපතියන් නම් ඒක මහ විහිලුවක්. අලුත් ඒකාධිපතියව මිනිසුන් පත් කරන, එලවා දැමිය හැකි ඒකාධිපතියෙක් විය හැක.හරියට ලංකාව වගේ. මිනිහත් ගඩාපි වගේ අවනීතිය රජ කරවමින්, මාධ්‍ය මර්දනය කරමින්, හොරකම් කරමින් රට පාලනය කරොත් ඇති වෙන වෙනස කුමක්ද? ඊලඟ මැතිවරනෙයේ ඒකාව එලවලා ඒ වගේම වෙන එකෙක් ගේන එක විප්ලවයක්ද? හරියට මහින්දව එලවලා සජිත්ව ගේනවා වගේ වැඩක්.චන්ද්‍රිකාව එලවලා මහින්දව ගෙනාව වගේ විප්ලවද?අපි චෞර ‍රැජිනි කියලා චන්ද්‍රිකාව එලවලා මහින්දව ගත්තා. නමුත් මහින්ද හොරකම් දේශපාලනය නැති කරාද? වැඩි කරාද?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලිබ්යාවෙ අනාගතය ඉවරයි.ලිබියාවෙ කැරලි කාරයන්ට උදව් කරේ ආදරේටද?
    ලිබ්යාව,ඉරාකය වගේ මේ ඔක්කොම රටවල් වලට අත තිබ්බෙ ඒ රටවල තියෙන
    ප්‍රශ්ණ නිසා නෙවෙයි.
    තනිකරම තෙල් ටික මංකොල්ල කන්න.
    ඊජිප්තුවෙ මෝඩ රැල උන්ගෙම වල කපා ගත්තා.
    සිරියාව,යේමනයත් ඒ විදිහටම වෙයි.
    ඉරානයට බයයි උන් මොනවගෙන් උත්තර දෙයිද නොදන්න නිසා.
    සුඩානය බෙදලා දීලා දැන උන් මරාගන්නවා.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ලිබ්යාවෙ අනාගතය ඉවරයි.ලිබියාවෙ කැරලි කාරයන්ට උදව් කරේ ආදරේටද?
    ලිබ්යාව,ඉරාකය වගේ මේ ඔක්කොම රටවල් වලට අත තිබ්බෙ ඒ රටවල තියෙන
    ප්‍රශ්ණ නිසා නෙවෙයි.
    තනිකරම තෙල් ටික මංකොල්ල කන්න.
    ඊජිප්තුවෙ මෝඩ රැල උන්ගෙම වල කපා ගත්තා.
    සිරියාව,යේමනයත් ඒ විදිහටම වෙයි.
    ඉරානයට බයයි උන් මොනවගෙන් උත්තර දෙයිද නොදන්න නිසා.
    සුඩානය බෙදලා දීලා දැන උන් මරාගන්නවා.
     

    Similar threads