ග්‍රන්ථ කෙටි කතා තරඟාවලිය 2020
අද්භූත සහ හොල්මන් කෙටි කතා
මේ කියන්න යන්නෙ Grantha.lk හා ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය එකතු වෙලා රහට ලියන්න දක්ෂ ඔබ වෙනුවෙන් කරන්න යන තවත් වෙනස්ම විදිහේ වැඩක් ගැන.
අපි දන්නව අපේ පාඨකයන් අතර රහට ලියන්න උපන් හපන්කම් දක්වන ඒත් කවදාවත් ඉදිරියට එන්න අවස්ථාවක් නොලැබුණු පොතක් කරන එක හීනයක් කරගත්ත බොහෝ දෙනා ඉන්න බව.
ඉතින් හැමදාමත් නවකයන්ට අත දෙන්න ලෑස්ති අප සූදානම් වෙන්නෙ ඔබට ඔබේ හීනය හැබෑ කරගන්න අත දෙන්න. එක්කෙනෙකුට දෙන්නෙකුට එහෙම නෙමෙයි... මේ අවස්ථාව 20 දෙනෙකුටම හිමිකරදෙන්නයි අපේ සූදානම...
මේක අද්භූත සහ හොල්මන් කෙටි කතා තරඟාවලියක්...
ඔබට කරන්න තියෙන්නෙ ඔබ විසින්ම රචනා කරපු… කවදාවත් කොතනකවත් පළ නොකළ (අඩුම තරමේ මුහුණු පොත තුළවත්) කෙටිකතාවක් අපට එවන එක විතරයි. තෝරා ගන්නා ජයග්‍රාහකයන් 20 දෙනෙක්ට අවස්ථාව ලැබෙනව වටිනා ත්‍යාග දිනාගන්න... ඒ විතරක් නෙමෙයි තමන්ගෙ කෙටිකතාව පොතක් විදිහට එළිදක්වන්නත් අවස්ථාව ලැබෙනවා...
ඉක්මන් කරන්න… ඔබේ ආදරණීයම ග්‍රන්ථ එක්ක එකතුවෙලා ඔබේ හීනය හැබෑකරගන්න...
තරග කොන්දේසි පහළින්
අද්භූත හෝ හොල්මන් (Horrar) ශානරය යටතේ ඔබ ලියන කෙටි කතාව 2020 අප්‍රේල් 05 වන දින හෝ එදිනට පෙර
[email protected] ඊමේල් ලිපිනයට "Grantha - Short Story Contest" යන ශීර්ෂය (Subject) යටතේ ලැබීමට සැලැස්විය යුතුය.
එම කෙටි කතාව කුමන මාධ්‍යකින් හෝ ප්‍රකාශයට පත් නොවූ නව ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතු ය.
නිර්මාණ එකකට වඩා ඉදිරිපත් කළ හැක.
ඔබගේ කතාව A4 පිටු 8ක් හෝ ඊට වඩා අඩු විය යුතුය.
නිර්මාණය සමඟ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සඳහන් කලයුතුය.
ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය (නණලළ), පද බෙදීම සහ විරාම ලකුණු යෙදීම (Puncutation) නිසි ලෙස තිබිය යුතුය.
අපගේ Grantha.lk පාඨක සමාජය හෝ Grantha.lk පිටුවේ සාමාජිකයෙක් විය යුතුය
අවසන් තීරණය grantha.lk කණ්ඩායම සතුයි.
ත්‍යාග
තෝරාගන්නා ලද කෙටිකතා 20ක් ග්‍රන්ථ ප්‍රකාශන විසින් පොතක් ලෙස මුද්‍රණය කරනු ලැබේ.
තෝරාගන්නා කෙටිකතා සඳහා Grantha.lk වෙතින් රු. 2000/- ක් වටිනා Gift Voucher 20 ක් 20 දෙනෙකුට ලබාදෙනු ලැබේ.