ලීසින් ගැන උපදෙසක් ඕනි..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    935
    1,380
    93
    සෝමාලි මුහුදේ
    මචන්..මගෙ කාර් එක ලක්ශ 70ක් විතර වෙනවා..මට ඒකට ලක්ශ 12ක් විතර ඩ්‍රාෆ්ට් එකක් දාගන්න අවශ්‍ය උනා..මම ලීසින් දාන්නේ නෑ..මම බිස්නස් කරන්නේ..ටක් ගාලා ගෙවලා දාන නිසා කලිනුත් එහෙම කරලා තියනවා..පොලිය ගැන එහෙම ලොකු අවුලක් නෑ..ටක් ගාලා ගෙවලා දාන නිසා..ගැටලුව මේකයි.

    මම ලන්කාවේ ප්‍රසිද්ධ ලීසින් කම්පැනි එකකට කතාකරා.ඔය අහුමුල්ලක තියන එකක් නෙමෙයි ප්‍රසිද්ධ එකක්..ඉතින් මම එයාලගේ දැන්වීමක් දැකලා කතාකරාම කොලඹ ඔෆිස් එකක නිළධාරී මහත්තයෙක් කතාකරේ..එයා කිව්වා මගෙ පඩි විස්තර බැන්කු විස්තර එහෙම එයාට ඊමේල් කරන්න කියලා..එහෙම කරාට පස්සේ මම ඉන්නේ ගාල්ලේ..ගාල්ලේ අදාල බ්‍රාන්ච් එකට යන්න කිව්වා..ඒ ගිහින් අදාල ඩොකියුමන්ට් සහ ඇග්‍රිමන්ට් එක ගාල්ලේ බ්‍රාන්ච් එකට එයා එවලා තියනවා කිව්වා..ඒ ටික සයින් කරලා ගාල්ලේ බ්‍රාන්ච් එකෙන් ඒ ටික කොලඹ යවනවා කිව්වා..ඊට පස්සේ ෆයිල් එක ඇපෲ උනාම මට ඒ බ්‍රාන්ච් එකට ගිහින් ඩී.ඕ එක අරන් පොත බාරදෙන්න කිව්වා..ඊට පස්සේ දවස් කීපයකින් තමයි චෙක් එක ඉශූ වෙන්නේ කියලා කිව්වා..කොලඹ ඔෆිස් එකේ මහත්මයා කිව්වා එයාට චෙක් එක ගාල්ල බ්‍රාන්ච් එකට එවන්නත් පුලුවන් නැත්තම් මගෙ එකවුන්ට් එකකට සල්ලි දාන්නත් පුලුවන් කියලා.මම ඊට පස්සේ ගාල්ලේ අදාල බ්‍රාන්ච් එකට ගියා..එතනට ඒ ඇග්‍රිමන්ට් එක එහෙම එවලා තිබ්බා.මම ඉස්සරලා ඇග්‍රිමන්ට් සයින් කරලා.ඒක ෆයිල් එක කොලඹ යවලා ඇපෲ උනාම ආයෙත් ඒ බ්‍රාන්ච් එකට ගිහින් පොත බාරදීලා ඩී ඕ එක ගන්න ඕනි..දවස් කීපෙකින් තමා චෙක් එක එන්නේ කිව්වා..මට දැනගන්න ඕනි මේ ක්‍රමේ හරිද..???
    මුකුත් අවුලක් නෑ නේද මෙහෙම කරාට..
    දන්න අය කියාගෙන යන්න..