සුවහසක් එලකිරි යහලුවනේ, යෙහෙළියනි

මේ ප්රශ්නයට උත්තරයක් දෙන්න
අඳුරන එකෙක් රට යන්න කියලා කාර් එක විකුණනවලු (කාර් කිව්වට පොඩි එකක්

ලංකාවේ අඩු කුලේ උන්ට මොන කාර් ද

)
මේකයි කතාව...උගේ තව අවුරුදු 4ක් වගේ ගෙවන්න ලීස් එක තියෙනවා... මූ කියනවා මාව දන්න නිසා ඒකම ගෙවන් යන්න හදලා දෙන්නම්ලු..එහෙම දෙන එක ඌට රිස්ක් ලු...මම ගෙව්වේ නැත්තම් ඇප කාරයොයි, ඌවයි blacklist වෙනවලු...මම ලීසිං agent එක්ක කතා කරා..ඌ කියනවා power of attorney ද මොකක්ද එකක් තෙරුවන් සරණයි කියලා අත්සන් කරන්නලු එයා එක්ක..

.ඊට පස්සේ මාව තුන්වැනි පාර්ශ්වයක් විදිහට ගිවිසුම් ටැග් වෙනවලු...එතකොට ඌට ඇවිත් පොත ඉල්ලුවත් දෙන්නේ නෑලු...මට ගන්නත් බෑලු ඌ නැතුව... අවුරුදු හතර ඉවර වුනාම ඌ එක්ක ඇවිත් පොත හරව ගන්නලු...
මේ ක්රමය විස්වාසදායකද බන්?? මොකද ගෙවීම් reciept ඔක්කොම යන්නේ උගේ නමට...මට බිල් ටික තියාගන්න ලු...
අලුතින් ලීස් දාන්න බෑ...පට්ට ගණන් නේ...දැන් පොලිය 30% පැනලා..ඒකයි මේ බලන්නේ....ආයේ කාලෙකට වාහන ගේන පාටකුත් නෑ...
අනිත් ප්රශ්නය, මූ රට යනවා නිසා අවුරුදු 4 ඉවර වෙද්දි ඌ ඉන්න රටෙන් එම්බසි හරහා ලියුමක් ගන්න ඕනෙලු... අවුරුදු හතර යද්දි මූ මැරිලා ඉදීද, කොහේ ඉඳීද කියලා දෙයියොවත් දන්නේ නෑනේ

ඕක බැරිද ඌ යන්න කලින් මොකවත් කරගන්න??
මේ ගැන දන්න අය කියන්න, නොදන්න උන් බම්ප් කරලා අලුත් දෙයක් ඉගෙන ගනිව් මේකේ reply බලලා

කාලකන්නි
තෑන්කියූ...ස්දූදියි...